ආසියාවේ කළු වෙළඹට අමාත්‍යංශයෙන් ලොකු පුටුවක්

396

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊයේ (28) ක්‍රීඩා අමාත්‍යංශයේ නව උපදේශක තනතුරක වැඩ බාර ගන්නා ලදි. එතුමිය නව ධූරයේ වැඩ බාර ගැනීම වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ උදෑසන ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විය. මේ සඳහා ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  මහතා ද එක්වී සිටීම විශේෂත්වයකි.

ඒ අනුව සුසන්තිකා මහත්මිය ඊයේ දිනයේ සිට ක්‍රීඩා අමාත්‍යංශයේ “ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක” ලෙස කටයුතු කරනු ඇත.

ධූරයෙහි වැඩ බාර ගත් සුසන්තිකා මහත්මිය මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

“ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා ඇමතිතුමාට මට මේ අවස්ථාව ලබා දීම ගැන, ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මා ලබා ගත් දැනුම, අත්දැකීම රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යොදවනවා.”

“ගමට ක්‍රීඩාව ගෙන ගිහින් ගමේ දක්ෂයන් ව ඉදිරියට ගේන්න, මම මේක අවස්ථාවක් කරගන්නවා.”

මෙම අවස්ථාවට සම්බන්ධව වූ ක්‍රීඩා අමාත්‍යතුමා ද මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්විය.

“සුසන්තිකා ජයසිංහ කියන්නේ ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ කාන්තාවක්, අපි ඇයගෙන් වැඩ ගත්තා මදියි, මෙතුමියගේ කර්තව්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලොකු ශක්තියක් කියලා මං දකිනවා.”

88 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ අභිෂේක

ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තිඹිරිගෙය බඳු “ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය…

රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඇයට කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා’යි ThePapare.com අප ද සුබ පතන්නේමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<