සුසන්තිකාට උපදේශක තනතුරක්

385
Susanthika Jayasinghe appointed as a consultant

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම පිළිබඳ උපදේශක තනතුරට හිටපු ශ්‍රී ලංකා දක්ෂ මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ තෝරා පත්කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින්  අද (12) ක්‍රීඩා අමාත්‍යංශයේදී ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියට ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත්කිරීමේ පත්වීම ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට