Sea Hawks හමුවේ Colombo FC පැරදේ; Defendersට නොසිතු ජයක්

220
Ratnam SC v Defenders FC & Sea Hawks FC v Colombo FC

Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවට අදාළව අද (07) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගවලින් Colombo FC සහ Ratnam SC කණ්ඩායම් පරදවා ජයග්‍රහණ ලබා ගැනීමට Sea Hawks FC සහ Defenders FC ක්‍රීඩකයන් සමත් වුනා.

Sea Hawks FC – Colombo FC

තරගය ආරම්භයේ සිටම Colombo FC කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට Sea Hawks ක්‍රීඩකයන් සමත් වූ අතර තරගයේ 18 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට ගෝලය වෙත අලංකාර පහරක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට ජපන් ක්‍රීඩක Kaneshiro සමත් වුනා.

එම ගෝලයෙන් පසු එම අර්ධයේ දී නැවතත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයම අසමත් වීම නිසා ගෝල 1-0ක් ලෙස Sea Hawks ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් පළමු අර්ධය අවසන් වුනා.

දෙවැනි අර්ධයේ දී සිය ප්‍රතිවාදීන්ට හොඳ පීඩනයක් එල්ල කිරීමට Colombo ක්‍රීඩකයන් සමත් වූ නමුත් තරගයෙ 78 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය රැස් කිරීමට හස්මීර් සමත් වුනා.

තරග අවසාන අමතර කාලයේ දී Colombo ක්‍රීඩක චමෝද් ඩිල්ෂාන් හට රතු කාඩ්පතක් හිමිවීම නිසාවෙන් තරගයෙන් ඉවත් වීමට සිදු වූ අතර එම අමතර කාලය තුළ දී දඬුවම් රාමුව තුළ සිට ගෝලය වෙත පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් තරගයේ එකම ගෝලය රැස් කිරීමට Colombo ක්‍රීඩක සිරාජ් ජෙයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC  2 – 1 Colombo FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Sea Hawks FC: Kaneshiro 18’, හස්මීර් 78’ 
  • Colombo FC: සිරාජ් ජෙයින් 90+’

තවත් පාපන්දු පුවත්:

Ratnam SC – Defenders FC

ගෝල 3-1ක් ලෙස Defenders ජයග්‍රහණය කර මේ තරගයේ 26 වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහර අවස්ථාවක් ඉතා අලංකාර ලෙස ගෝලය වෙත එල්ල කරමින් තරගයේ මුල්ම ගෝලය රැස් කිරීමට Ratnam ක්‍රීඩක එඩිසන් ෆිගරාඩෝ සමත් වුනා.

එම අර්ධය තුළ දී ගෝල ලබා ගැනීමට ලැබුණු අවස්ථා කිහිපයක් Defenders ක්‍රීඩකයන් සාර්ථක කරගැනීමට අසමත් වීම නිසාවෙන් Ratnam ක්‍රීඩකයන්ට වාසි ගෙන දෙමින් පළමු අර්ධය අවසන් වුනා.

පසුබෑමක් සහිතව දෙවන අර්ධයට පිවිසි Defenders ක්‍රීඩකයන් වෙනුවෙන් 83 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් ඉවත සිට අලංකාර පහරක් එල්ල කරමින් මුල්ම ගෝලය රැස් කිරීමට මදුෂාන් ද සිල්වා සමත් වුනා.

එම ගෝලය ලබා ගැනීමෙන් මිනිත්තු තුනකට පසු එනම් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී Ratnam ක්‍රීඩකයෙකු දඬුවම් රාමුව තුළ දී කළ වැරදි වැළැක්වීමක් නිසාවෙන් ලැබූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ දෙවන ගෝලය රැස් කිරීමට Defenders ක්‍රීඩක Dang Stephane සමත් වුනා.

නැවතත් තරගයේ 90 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් සාර්ථකව ගෝලය වෙත එල්ල කරමින් තරගයේ තෙවැනි ගෝලය රැස්කිරීමට Defenders ක්‍රීඩක ලක්ෂිත ජයතුංග සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Defenders FC 3 – 1 Ratnam SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Defenders FC: මදුෂාන් ද සිල්වා 84’, Dang Stephane 86’, ලක්ෂිත ජයතුංග 90+’
  • Ratnam SC: එඩිසන් ෆිගරාඩෝ 26’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<