කැනේඩියානු යෞවනිය ලෝක වාර්තාව අලුත් කරයි

176
Sportsnet

16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ්) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා. ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින්.

Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) විසින් තබා තිබූ වාර්තාවයි. ඇගේ පළමු ලෝක වාර්තාව මෙය වන අතර ඇයට ලෝක පාසල් සහ යොවුන් වාර්තා කිහිපයක් ද තිබෙනවා.

ජයග්‍රහණයෙන් පසුව ඇය CBS Sports හමුවේ සංවේදී වුනා.

මම අඬන කෙනෙක් නෙමෙයි,” ඇය සඳහන් කළා.

ඒක අතිශයින්ම වෙන්න අපහසු දෙයක්. මම සංවේදී කෙනෙක් නෙමෙයි. ඒත් එක මාව ගොඩක් හැඟුම්බර කළා. සම්පූර්ණයෙන්ම පාවෙනවා වගේ. මම ගොඩක් කෘතවේදී වෙනවා මාව මේ තැනට ගේන්න වැඩකරපු අයට,” ඇය සංවේදීව පැවසුවා.

පහුගිය අවුරුදු කිහිපය පුරාම මම මගේ ජීවිතය මේකට දැම්මා. මට පුළුවන් හොඳම කෙනා වෙන්න. මේ වගේ දෙයක් ළඟාකරගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නැහැ. අද මේක කරන්න මං හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. මගේ හිත පිරිලා ගියා,” ඇය පැවසුවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<