ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුටත් ආබාධයක්

2372

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන මාර්කස් ස්ටෝයිනිස් හට පාකිස්තානය සමඟ පැවැත්වෙන ඉදිරි ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකි නොවන බව වාර්තා වේ. ඒ ඔහුගේ කොන්ද ආශ්‍රිතව ඇතිවූ ඇදීමක් නිසාවෙනි.

ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග දෙකක් අහිමි වෙයි

ඉන්දීය ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් හට නවසීලන්තය හා පාකිස්තානය…

මාර්කස් ස්ටෝයිනිස් හට ඇතිව තිබෙන ආබාධය නිසා ඔහු යම් හෙයකින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වුවහොත් ඒ වෙනුවෙන් මිචෙල් මාෂ් කැඳවීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් දැනටමත් තීරණය කොට අවසන්ය.

පසුගිය 9 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දී කඩුලු 2ක් දවා ගැනීමට ස්ටෝයිනිස් සමත් වූ අතර උඩ පන්දුවක් රැකගැනීමට යාමේ දී ඇතිවූ මේ ආබාධ තත්වය නිසා ඔහුට එම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 7ක් පමණි.

ස්ටෝයිනිස් හෙට (12) දිනයේ පැවැත්වීමට නියමිත තරගය සඳහා ශාරීරික ලෙස සූදානම්ව නොසිටින නමුත් තරගාවලිය තුල තවමත් රැඳී සිටින බව ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායක ඒරන් ෆින්ච් පවසා සිටියි.

මාලිංග හදිසියේ ගෙදර එයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වන ලසිත් මාලිංග…

මේ වන විට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 36කට සහභාගී වී තිබෙන ස්ටෝයිනිස් එහි දී ලකුණු 982ක් රැස්කරගෙන තිබෙන්නේ ශතකයක් හා අර්ධ ශතක 6ක් වාර්තා කරගනිමිනි. පන්දු යැවීමේ දී කඩුලු 30ක් දවා ගැනීමට ස්ටෝයිනිස් සමත් වී ඇත.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<