ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග දෙකක් අහිමි වෙයි

566

ඉන්දීය ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් හට නවසීලන්තය හා පාකිස්තානය සමඟ පැවැත්වෙන ඉදිරි තරග දෙක සඳහා බොහෝ දුරට සහභාගි නොවන බව වාර්තා වේ. ඒ ඔහුගේ වමතේ මහපටැඟිල්ලේ සිදුව තිබෙන ආබාධයක් නිසයි.

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකය පිත්ත ද, එසේත්…

පසුගිය 9 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී ශතකයක් ලබාගෙන ඉන්දීය කණ්ඩායමට ජය මාවත විවර කරමින් තරගයේ වීරයා බවට පත්වූ ධවාන් පන්දු 109ක් තුල ලකුණු 117ක් වාර්තා කරගත්තේ 4 පහර 16ක් එල්ල කරමිනි.

එම තරගයේ දී පැට් කමින්ග්ස් එවූ පන්දුවක් ධවාන්ගේ වමතේ මහපටැඟිල්ලේ  වැදුණු නමුත් එහි දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රථමාධාර ඒකකය ඒ සඳහා හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන් නිසාවෙන් ඔහුට ශතකයක් දක්වා සිය ඉනිම රැගෙන යෑමට හැකි විය. එය ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී ලබා ගත් තෙවැනි ශතකයයි.

කෙසේ නමුත් මේ වන විට ධවාන් ස්කෑන් පරීක්ෂාවක් සඳහා යොමු කොට තිබෙන අතර ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියම අහිමි වනවා ද, නැද්ද යන්න එම පරික්ෂාවේ ප්‍රතිඵලය මත අද තීරණය වෙනු ඇත. ඒ කෙසේ වෙතත් ධවාන් හට නිසැක වශයෙන්ම ඉන්දීය කණ්ඩායම සහභාගී වන මීළඟ තරග දෙකට ක්‍රීඩා කළ නොහැකි බව මේ වන විට තහවුරු වී අවසන්ය.

මාලිංග හදිසියේ ගෙදර එයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන…

මේ වන විට ජාත්යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 130කට සහභාගී වී තිබෙන ධවාන් එහි දී ලකුණු 5480ක් රැස්කරගෙන තිබෙන්නේ ශතක 17ක් හා අර්ධ ශතක 27ක් වාර්තා කරගනිමිනි.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<