පීතරයින්ගෙන් විද්‍යා ක්‍රීඩකයින්ට හොඳ සංග්‍රහයක්

407
St. Peter's College vs Science College

පාසල් රග්බි නිවාඩුව අවසන් කරමින් 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටය ඊයේ (01) ආරම්භ විය. එහි දී පළමු තරගයට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පිවිසි අතර එම තරගයේ දී ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ සාන්ත පීතර ක්‍රීඩකයන් තම ක්‍රීඩාංගණයේ දී විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයන් අසරණ කරමින් ලකුණු 22-03ක් ලෙස දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය.

අවසන් මොහොතේ වික්‍රමයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව…..

තරගයේ මුල් අවධියේ දී යම් යම් අඩුපාඩු සමඟින් ක්‍රීඩා කළ සාන්ත පීතර ක්‍රීඩකයන් දඬුවම් පහර කිහිපයක්ම ලබා දුන් ආකාරයක් පෙනීමට තිබුණි. නමුත් පසුව තරගයේ සම්පූර්ණ අණසක තමන් යටතට ගැනීමට ඔවුන් සමත් විය.

තරගයේ ලකුණු ලබා ගැනීම විද්‍යා ක්‍රීඩකයන් විසින් ආරම්භ කළ අතර අකාශ් මදුශංකගේ පා පහරින් ගෝල කනු අතරින් ඇදී ගිය පන්දුව විද්‍යා ක්‍රීඩකයන්ට ලකුණු 3ක් හිමිකර දුන්නේය. විද්‍යා ක්‍රීඩකයන් තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර තම සීමා ඉර පසුකර යාමට ද සමත් විය. නමුත් එම අවස්ථාව offside අවස්ථාවක් ලෙස විනිසුරු විසින් තීරණය කරන ලදි. (විද්‍යා 03 – 00 සාන්ත පීතර)

Photos : St.Peter’s College Vs Science College | Cup Segment | Schools Rugby League 2019

තරගයේ මීළඟ මිනිත්තු කිහිපයේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් දුර්වල ක්‍රීඩා රටාවක නිරත වූ අතර ලංකේශ් පෙරේරා හා යොහාන් ප්‍රනාන්දු හට කහ කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරු තීරණය කිරීමත් සමඟින් සාන්ත පීතර කණ්ඩායමේ ක්‍රීඩක සංඛ්‍යාව 13ක් දක්වා පහල ගියේය.

නමුත් සාන්ත පීතර කණ්ඩායමේ ආරක්ෂක වලල්ල ප්‍රබල මට්ටමක පැවති අතර විද්‍යා කණ්ඩායමට කිසිදු අවස්ථාවක් ලබා නොදීමට ඔවුන්ට හැකි විය. තමන් තවමත් පසුබැස නැති බව හඟවමින් ක්‍රීඩකයන් 13කින් ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර කණ්ඩායම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එම උත්සාහක දිනුම තේනුක නානායක්කාර විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය අසාර්ථක විය. (විද්‍යා 03 – 05 සාන්ත පීතර)

රාජකීයයෝ පල්ලෙකැලේ දී ගිනිකෙළි පෙන්වයි

මසකට වැඩි විවේක කාලයක් නිමා කරමින් පාසල් රග්බි වසන්තය 75 වැනි….

සාන්ත පීතර කණ්ඩායම එල්ල කළ ප්‍රබල පීඩනය හමුවේ විද්‍යා කණ්ඩායම තරමක් පසුබැසීමකට ලක්වූ අතර එම කණ්ඩායමේ සසිදු ප්‍රියදර්ශන විසින් කළ අන්තරාදායක වැළැක්වීමක් (Dangerous Tackle) නිසා ඔහුට කහ කාඩ්පතක් නිකුත් කෙරිණි.

ඉන් මද වේලාවකට පසුව තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සාන්ත පීතර කණ්ඩායම සමත් විය. විද්‍යා ක්‍රීඩකයන් උපක්‍රමශීලීව මගහරිමින් පන්දුව සමඟින් සීමා ඉර පසුකර ගිය සුනෙර ප්‍රනාන්දු එම උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනයත් අසාර්ථකයි. (විද්‍යා 03 – 10 සාන්ත පීතර)

පළමු අර්ධය: බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය 10 (2T) – ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 3 (1P)

දෙවන අර්ධය මුළුමනින්ම ආක්‍රමණය කිරීමට සාන්ත පීතර විද්‍යාලය සමත් වූයේ ප්‍රතිවාදී විද්‍යා ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. තරගයේ වාර්තා වූ 3 වැනි උත්සාහක දිනුම ද තම නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට සාන්ත පීතර කණ්ඩායම සමත් විය.

මීටර් 40 සීමාවේ සිට ලබා ගත් පන්දුව සීමා ඉරෙන් එපිටට ගෙන යාමට එවරත් සුනෙර ප්‍රනාන්දු සමත් විය. අශේල් රණසිංහ එවර ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (විද්‍යා 03 – 16 සාන්ත පීතර)

පාසල් රග්බි පළමු වටයේ හොඳම සංචිතය මෙන්න

සති 5ක කාලයක් පුරාවට අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ‘Singer’ පාසල් රග්බි….

සාන්ත පීතර කණ්ඩායම තම ආක්‍රමණය තවතවත් ප්‍රබල කරමින් විද්‍යා විද්‍යාලයීය අර්ධයේ ක්‍රීඩා කළ නමුත් ඔවුන්ගේ නොසැලකිලිමත් බව හා කලබලකාරී ස්වභාවය වටිනා අවස්ථාවන් කිහිපයක්ම අහිමි කිරීමට සමත් විය.

තරගයේ සිව්වැනි උත්සාහක දිනුම සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට ශෙනොල් සිල්වා සමත් වීමත් සමඟින් අමතර ලකුණක වාසියක් සාන්ත පීතර කණ්ඩායමට අත්විය. ශෙනොල් සිල්වා විසින් තම ඉදිරිපෙළ ක්‍රීඩකයන් සාදා දුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් සීමා ඉර පසුකර යාමට සමත් විය. ප්‍රවර්තනය අසාර්ථකයි. (විද්‍යා 03 – 22 සාන්ත පීතර)

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 22 – 03 විද්‍යා විද්‍යාලය

තරගයේ වීරයා – තේනුක නානායක්කාර

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

සාන්ත පීතර විද්‍යාලය : සුනෙර ප්‍රනාන්දු (2T), තේනුක නානායක්කාර (1T), ශෙනොල් සිල්වා (1T), අශේල් රණසිංහ (1C)

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය : ආකාශ් මදුශංක (1C)

2019 අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවන වටයේ සියලු තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<