අනාගත පන්දුකරණය පාකිස්තානුවන් අසරණ කරමින් ජයගනී

2112
Sri Lanka Bowling

ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තානු A කණ්ඩායම අතර පසුගිය ජුලි 3 වනදා එංගලන්තය ලෙයිස්ටර් හිදී ආරම්භ වූ නිල නොවන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය ඊයේ (06) ක්‍රියාත්මක විය. මෙම තරඟය ශ්‍රී ලංකා A කණ්ඩායම අනාගත ජාතික කණ්ඩායමටද බලාපොරොත්තුවක් තබමින් ලකුණු 33 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: කඩා වැටුණු පිතිහරඹයට පන්දුවෙන් පැලැස්තරයක්

මේ අනුව පෙරේදා 3වන දිනයට තරගය නතර කරන විට පාකිස්තානු A කණ්ඩායම දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 38ක් ලබා ඉතා අසීරු තත්ත්වයක සිටින ලදි. ආරම්භක පිතිකරු ජාහිඩ් අලී ලකුණු 16ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් තරගයේ සිව්වන දිනය ආරම්භ කල අතර ඔහු සමග එක්වූ අසිසුල්ලා 6 වන කඩුල්ල සඳහා ලකුණු 38 ක සබඳතාවයක් ගොඩනංවමින් පාකිස්තානු දෙවන ඉණිමේ හොදම සබඳතාවය ගොඩනංවන ලදි. අනතුරුව 6 වන කඩුල්ල ලෙස පිටියේ තරමක් දුරට හෝ ස්ථාවරව සිටි ජාහිඩ් අලී 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 38 කට දවාලීමට අසිත ප්‍රනාන්දු සමත් විය.

අනතුරුව පාකිස්තානුවන් දණින් වැටෙන ලෙස පන්දු යැවූ ශ්‍රී ලංකා A කණ්ඩායම, ලකුණු 91 වන විට කඩුලු 8 ක් දවාලමින් තරඟය උණුසුම්කාරී තත්ත්වයකට පත්කරන ලදි. අනතුරුව අවසන් මොහොතේ පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා සෙමින් සෙමින් මෙහෙයවීමට මොහොමඩ් හසන් ක්‍රියාත්මක වූ අතර ඔහු 4 පහරවල් 2 ක් සමඟ ලකුණු 24 කට දවාලීමට අසිත ප්‍රනාන්දු සමත් විය. ඒවිට ලකුණු පුවරුව ලකුණු 115  කට කඩුලු 9 ක් ලෙස දිස්විය.අවසන් කඩුල්ල වූ හසන්  අලී ලකුණු 8 කට  දවාලමින්  අසිත  තරගයේ ජය මාවත ශ්‍රී ලංකා කණ්ඩායමට විවර කරදෙන ලදි. ඒ අනුව යොවුන් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ගේ දක්ෂතා හා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය නිසා ලකුණු 33 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකිවිණි.

මෙම තරගයේ දී තර්ජනාත්මක ලෙස ශ්‍රී ලංකා A පන්දු යවන්නන් පන්දු යවමින් තරඟය පුරා පාකිස්තානු පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත්කරන ලදි. එය ජාතික කණ්ඩායමේ පන්දු යවන්නන්ට ද ඉතා හොද ආදර්ශයකි.

තරගයේ සම්පූර්ණ ලකුණු සටන,

ශ්‍රී ලංකා A පළමු ඉනිම – 299 10 (79.5) මහේල උඩවත්ත 64, රොෂේන් සිල්වා 48,හසන් අලි 4/63, මොහොමඩ් නවාස් 2/35

 

පාකිස්තාන A පළමු ඉනිම – 277 -10 (88) මොහොමඩ් නවාස් 68, බාබර් අසාම් 61, සර්ජීල් ඛාන් 42, උමාර් සිද්ධික් 39, අශාන් ප්‍රියන්ජන් – 2/25, අසිත ප්‍රනාන්දු 2/42, සචිත් පතිරණ 2/54, ලහිරු ගමගේ 2/68

 

ශ්‍රී ලංකා A දෙවන ඉනිම – 131 -10 (62.5) මිනෝද් භානුක 26, සචිත් පතිරණ 21, රොෂාන් සිල්වා 17, අසිසුල්ලා 4/21, මොහොමඩ් නවාස් 4/31

පාකිස්තාන A දෙවන ඉනිම – 120 -10 (46.5) ජාහිඩ් අලී 38, මොහොමඩ් හසන් 24, අසිත ප්‍රනාන්දු 5/33, සචිත් පතිරණ 3/27

දෙරට අතර මීළඟ නිල ටෙස්ට් තරඟය වොරෙස්ටර් හිදී ජුලි 10-13 දක්වා පැවැත්වීමට නියමිතව ඇත

තවත් පුවත් සදහා පිවිසෙන්න මුල් පිටුවට