එංගලන්ත ක්‍රීඩකයින්ට සමාජ ඇසුර සීමා කෙරේ!

72

එංගලන්තය තුල යලි ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමේ සූදානම පිළිබඳ මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතරේ දැඩි කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇති අතර සැලසුම් කර ඇති පරිදි එම තරග දියත් කිරීමට හැකි වුවහොත් ක්‍රීඩකයින් බාහිර පාර්ශවයන් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙන්වා දී තිබේ.

2000 දශකයේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා විශිෂ්ටයෙක්

විස්ඩන් වෙබ් අඩවිය ක්‍රිකට් ලෝකය තුල පවතින ප්‍රධානම වෙබ් අඩවිවලින් එකක් ලෙස සැලකේ

කොරෝනා වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ එංගලන්තය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් දින නියමයකින් තොරව කල් දැමීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර මේ වන විට අවදානම්සහගත තත්වයේ යම් අඩුවක් දැකගත හැකි නිසාවෙන් නැවත වතාවක් ක්‍රිකට් තරග ආරම්භ කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ටෙස්ට් තරග ත්‍රිත්වයකින් සමන්විත කොදෙව් සහ පාකිස්තාන කණ්ඩායම්වල එංගලන්ත සංචාරයන් මෙන්ම එක්දින තරගාවලීන් සඳහා එරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ඕස්ට්‍රේලියානු සහ අයර්ලන්ත කණ්ඩායම්වල තරග සංචාර‍යන් දෙක සඳහා මේ වන විට කොළ එළි දල්වා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග කිහිපයක් සඳහන් කර සිටිති. 

ක්‍රීඩකයින්ගේ ආරක්ෂා සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම ඉතාමත් වැදගත් හෙයින් නිවැරදි ජෛව ආරක්ෂණ වැඩපිළිවෙළක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කිරීමට  එංගලන්ත ක්‍රිකට් ආයතනය දිගින් දිගටම ක්‍රියාකොට ඇති බව වාර්තා වේ. ඒ අනුව හෝටල් පහසුකම් සහිත ක්‍රීඩාංගණ දෙකක් කෙරෙහි මේ වන විටත් ඔවුන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ. 

ඇතුලත ගිනි පිටතට දුන් අය ගැන ICCය තීරණයක් ගනී

තම සංවිධානය තුල සිටින ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්

එනම් ලැන්කෂයර් හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය සහ හැම්ප්ෂයර් හී ඇගියස් බෝල් ක්‍රීඩාංගණය මෙම කාර්‍ය සඳහා සූදානම් කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු පසුවන අතර මෙම කිසිදු තරගයක් ක්‍රීඩාංගණයේ සිට නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් හට අවසර නොමැති බැවින් එය ක්‍රීඩකයින්ට ද තරමක් නුහුරු අත්දැකීම් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ මත පළ කර සිටිති. තවද පුහුණුවීම් කටයුතු සඳහා වෙනමම ක්‍රීඩාංගණයක් වෙන් කිරීමට ද අපේක්ෂා කරන බව බළධාරීහූ සඳහන් කර සිටිති.

කෙසේ නමුත් බාහිර පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වීමේ දී රෝගය ආසාදනය වීමේ යම් සම්භාවිතාවක් පවතින නිසාවෙන් තරග ආරම්භ කිරීමට පෙරාතුව අවම වශයෙන් මාස දෙකක කාලයක සිට පිටත පුද්ගලයින් සමඟ ගැටීම අවම මට්ටමක පවත්වා ගැනීම අනිවාර්‍ය බව එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් මින් පෙර අවස්ථාවක දී ක්‍රීඩකයින් දැනුවත් කිරීමට කටයුතු කොට තිබුණි.

පවුලේ සාමාජිකයින්ගෙන් ද වෙන්ව ගත කරන මෙම කාලසීමාව ඔවුන්ට තරමක් අභියෝගාත්මක එකක් බව නොරහසක් නමුත් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම ඉහළ තලයක පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව නිසාවෙන් යම් කොන්දේසිවලට යටත්ව පවුලේ සාමාජිකයින් මුණ ගැසීමේ අවස්ථාව සලසාදීමට ද ක්‍රියාපිළිවෙතක් සකස්කොට ඇති බව වාර්තා වේ.

2000 දශකයේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා විශිෂ්ටයෙක්

විස්ඩන් වෙබ් අඩවිය ක්‍රිකට් ලෝකය තුල පවතින ප්‍රධානම වෙබ් අඩවිවලින් එකක් ලෙස සැලකේ. පසුගිය දා

උදාහරණයක් ලෙස දෙවන වරටත් පිය පදවිය අපේක්ෂාවෙන් පසුවන ජෝ රූට් හට ජූලි මස පැවැත්වෙන යම් තරගාවලියකට සහභාගී නොවී සිටීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබාදීමට තමන් ඇතුළු කළමනාකාරිත්වය කිසිසේත්ම නොපැකිලි වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනයේ විශේෂ ව්‍යාපෘති භාර ප්‍රධානී ස්ටීව් එල්වර්ති මහතා සඳහන් කර සිටියේය.

“ක්‍රීඩකයින් බාහිර පරිසරයත් සමඟ ගැටෙන එක නිවැරදි යාන්ත්‍රණයක් යටතේ සිදු වෙන්න ඕන. මේක නිකන් කණ්ඩායමෙන් පිටත පුද්ගලයින් එක්ක ගනුදෙනු කරන්න ගොඩනඟපු පාලමක් වගේ කියලයි මට හිතෙන්නේ. මේ පාලම හරහා පිටතට ගමන් කරද්දී වගේම ආයිත් ඇතුළට එද්දි හැමතිස්සෙම වෛද්‍ය කණ්ඩායම් වල පරීක්ෂාවට ලක්විය යුතුයි.”

“ඇත්තටම කිව්වොත් අනෙක් පාර්ශව එක්ක තියෙන සබඳතා අවම කරගන්න පුළුවන් නම් ඒක තමයි වෙලාවේ හැටියට කරන්න පුළුවන් නුවණක්කාරම දේ. නමුත් කියන්න ලේසි වුනාට සමහර වෙලාවට ක්‍රියාත්මක කරද්දී ප්‍රායෝගිකව ගැටලු රැසකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මොකද ක්‍රීඩකයෝ කියන්නෙත් මනුෂ්‍යයෝ. ඔවුන්ටත් ඉටු කරගන්න ඕනා අවශ්‍යතා තියෙනවා වගේම මට ඒ පිළිබඳව හොඳ වැටහෙනවා.”

“අපි ඉදිරියේදී මේ සඳහා ආරක්ෂාකාරී වගේම ඉක්මන් වැඩසටහනක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. කවුරු හරි ක්‍රීඩකයෙක් කණ්ඩායම් පොකුරෙන් ඉවත් වෙලා පිටතට ගියොත් ඔහුව කෙටි කාලයක් තුල දී යලි ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම අපි ගන්නවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<