Home Sinhala කමිඳුගේ සුපිරි ඉනිමත් සමඟම තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

කමිඳුගේ සුපිරි ඉනිමත් සමඟම තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

110

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගය අද (01) ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට තරගයේ වැඩි ගෞරව හිමිකර දෙමිනි. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතක දෙකක් වාර්තා කරමින් තරගයේ සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වූයේ කමිඳු මෙන්ඩිස් සහ සංගීත් කුරේ යුගලයයි.

සංගීත්ගේ ගිනිකෙළියෙන් බංගලියෝ අසරණ වෙති

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ………..

තරගයේ තෙවැනි හා අවසන් දිනය වූ අද දිනය නිමාවට පත්වන විට බංග්ලාදේශය කිසිවකු නොදැවී එක් ලකුණක් ලබා සිටි අතර ඊට පෙරාතුව ශ්‍රී ලංකාව සියලු දෙනාම දැවී ලකුණු 450ක් රැස් කළේය. 

ඊයේ දිනයට තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය. ඒ වන විට නොදැවී පිටියේ පන්දුවට පහර දෙමින් සිටි කමිඳු මෙන්ඩිස් විශිෂ්ට ලකුණු 79ක් සහ අශාන් ප්‍රියන්ජන් ලකුණු 5ක් ලබා සිටියේය. 

දිනය ආරම්භයේ දී පන්දු තෝරා බේරාගනිමින් කඩුල්ල ආරක්ෂා කර ගත් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 261ක් දක්වා රැගෙන ගියේ ලකුණු 79ක සබඳතාවයක් සිව්වැනි කඩුල්ලට එක් කරමිනි. අනතුරුව ලකුණු 37ක් ලබා සිටි ප්‍රියන්ජන් දැවී ගියේ මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

වැඩිවේලාවක් යාමට මත්තෙන් නවක පිතිකරු වශයෙන් පිටියට පිවිසි අශේන් බණ්ඩාර ආ විගසම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එම්. හසන් සමත් වූයේ ලකුණු 2ක් පමණක් ලබා සිටිය දීය. එලෙස එක ආසන්නයේම කඩුලු දෙකක් දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වූයේ 269/4ක් වශයෙනි.

අනතුරුව කමිඳුගේ නව සහයකයා වශයෙන් පිටියට පිවිසියේ ප්‍රියමාල් පෙරේරා ය. ඔහු තම ඉනිම ආරම්භයේ පටන්ම වේගවත් පිතිකරණයක නියැලුණේ අනික් අන්තයේ ස්ථාවර වී සිටි කමිඳුට මහත් අස්වැසිල්ලක් බවට පත්වෙමිනි. ඔහු පන්දු 75ක දී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූයේ කමිඳු සමඟ ලකුණු 94ක අගනා සබඳතාවයක් සඳහා ද වැඩි දායකත්වයක් ලබා දෙමිනි.

නව මුහුණුවරකින් ශ්‍රී ලංකා පිළ කරච්චි පිටියට!

දීර්ඝ කාලයක් පුරාවට පාකිස්තානයට අහිමිව තිබූ ක්‍රිකට් වසන්තය නැවත කැඳවාලමින් ශ්‍රී ලංකා පිළ අද (30) කරච්චි………….

ඒ අතරතුර දී කමිඳු සිය ශතකය වාර්තා කිරීමට සමත් වූයේ පිතිකරණ ලැයිස්තුවේ තමන්ට ලබා දුන් උසස්වීමට උපරිම සාධාරණයක් ඉටු කරමිනි. පිටිය සිසාරා එල්ල කළ මනරම් පහරවල් රැසක එකතුවට මුසු වූ වගකීම් සහගත පිතිකරණ විලාශයෙන් ඔහු සිය ඉනිම වර්ණවත් කළේය.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වශයෙන් ප්‍රියමාල් පෙරේරා දැවී ගියේ එම්. හසන්ගේ පන්දුවකට මොහමඩ් මිතුන් අතට උඩපන්දුවක් ලබා දෙමිනි. 

ඒ සමඟින් පිටියේ යළිත් හුදකලා වූ කමිඳුගේ මීළඟ සහයකයා බවට පත් වූයේ රමේෂ් මෙන්ඩිස් ය. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 53ක සබඳතාවයක් පැවැත්වූ අතර ඉන් ලකුණු 21ක් ලබා ගත් රමේෂ් ඉනිමේ හයවන කඩුල්ල වශයෙන් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 416/6ක් බවට පත්කරමිනි. ඉන් පසුව පිටියට පිවිසියේ කඩුලු රකින ක්‍රීඩක මනොජ් සරත්චන්ද්‍රයි. 

වැඩි වේලාවක් යාමට මත්තෙන් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ කමිඳුගේ අතිවිශිෂ්ට ඉනිමට නැවතීමේ තිත තැබීමට එම්. හසන් සමත් වූයේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දවටමනි. 

පන්දු 282කින් ඔහු ලබා ගත් දැවැන්ත ලකුණු 169ට හතරේ පහරවල් 19ක් අන්තර්ගත විය. බංග්ලාදේශ පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් ඔහු ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූයේ සමස්ත තරගයම තම අණසකට නතුකර ගනිමිනි. 

ඉන් අනතුරුව තවත් ලකුණු 28ක් තුළ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු 3 ද දැවී ගියේ ලකුණු පුවරුව 450ක් බවට පත් කරමිනි.  එහි දී සරත්චන්ද්‍ර ලකුණු 15කටත්, මලින්ද පුෂ්පකුමාර ලකුණු 12ත් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 4කටත් දැවී ගියේය.  

බංග්ලාදේශය වෙනුවෙන් මෙම තරගයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ මෙහෙදි හසන් තම පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ක්‍රියාත්මක වූ අතර ඔහුගේ පන්දු යැවීම වාර්තා වූයේ 150/5ක් ලෙසිනි.

සචින් තෙන්ඩුල්කාර් නම් ඉන්දියානු දෙවියා

සචින් තෙන්ඩුල්කාර් යනු ඉන්දියානුවන්ට එක්තරා ආකාරයකින් දෙවියෙකි. ඉතාම ළාබාල අවධියේ දී ම ක්‍රිකට් ක්‍රීඩාවේ…………

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්වූයේ මෙම තරගයේ අවසන් දිනට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසන් වීමට මොහොතකට පෙරාතුවය. ඒ සමඟම තම දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ පිතිකරුවන් පිවිසිය අතර එහි දී එක් පන්දු වාරයක් පමණක් පිතිකරණයේ යෙදුණු බංග්ලාදේශය කිසිවකු නොදැවී එක් ලකුණක් ලබා ගත්තේ තරගයේ නිමාව සටහන් කරමිනි. ඒ සමඟින්ම මෙම පළමු නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරව හිමිකරදෙමිනි.

Result

Match drawn

Bangladesh A
360/10 (120.1) & 1/0 (1)

Sri Lanka A Team
450/10 (121.1)

Batsmen R B 4s 6s SR
Jahurul Islam lbw b Vishwa Fernando 90 210 8 0 42.86
Shadman Islam st Manoj Sarathchandra b Ashan Priyanjan 53 112 8 0 47.32
Najmul Hossain b Ramesh Mendis 4 21 0 0 19.05
Mominul Haque c Malinda Pushpakumara b Ramesh Mendis 11 21 1 0 52.38
Mohammad Mithun run out (Ashen Bandara) 92 120 10 3 76.67
Soumya Sarkar c Kamindu Mendis b Asitha Fernando 24 38 3 0 63.16
Nurul Hasan c Ramesh Mendis b Asitha Fernando 1 4 0 0 25.00
Mehidy Hasan st Manoj Sarathchandra b Ramesh Mendis 57 114 7 0 50.00
Mehedi Hasan Rana c Kamindu Mendis b Malinda Pushpakumara 8 19 2 0 42.11
Abu Jayed not out 8 48 0 0 16.67
Ebadat Hossain b Asitha Fernando 7 14 0 1 50.00


Extras 5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0)
Total 360/10 (120.1 Overs, RR: 3)
Fall of Wickets 1-90 (32.6) Shadman Islam, 2-102 (38.2) Najmul Hossain, 3-116 (44.2) Mominul Haque, 4-253 (80.2) Mohammad Mithun, 5-257 (81.2) Jahurul Islam, 6-260 (82.6) Nurul Hasan, 7-309 (96.1) Soumya Sarkar, 8-318 (101.3) Mehedi Hasan Rana, 9-348 (112.6) Mehidy Hasan, 10-360 (120.1) Ebadat Hossain,

Bowling O M R W Econ
Vishwa Fernando 16 0 79 1 4.94
Asitha Fernando 23.1 3 59 3 2.55
Malinda Pushpakumara 35 5 94 1 2.69
Ramesh Mendis 23 6 57 3 2.48
Ashan Priyanjan 12 1 34 1 2.83
Kamindu Mendis 6 0 15 0 2.50
Ashen Bandara 5 0 18 0 3.60
Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Ebadat Hossain 14 24 3 0 58.33
Sangeeth Cooray c Soumya Sarkar b Mehidy Hasan 104 151 15 0 68.87
Kamindu Mendis b Mohammad Mithun 169 282 9 0 59.93
Ashan Priyanjan lbw b Mehidy Hasan 37 56 6 0 66.07
Ashen Bandara run out (Mehidy Hasan) 2 12 0 0 16.67
Priyamal Perera c Mohammad Mithun b Mehidy Hasan 61 75 9 0 81.33
Ramesh Mendis lbw b Mehidy Hasan 21 32 3 1 65.62
Manoj Sarathchandra lbw b Mohammad Mithun 12 38 1 0 31.58
Malinda Pushpakumara st Nurul Hasan b Mehidy Hasan 15 36 2 0 41.67
Vishwa Fernando c Mohammad Mithun b Mehidy Hasan 4 15 1 0 26.67
Asitha Fernando not out 0 6 0 0 0.00


Extras 11 (b 0 , lb 8 , nb 0, w 3, pen 0)
Total 450/10 (121.1 Overs, RR: 3.71)
Fall of Wickets 1-17 (5.5) Pathum Nissanka, 2-182 (48.5) Sangeeth Cooray, 3-261 (67.5) Ashan Priyanjan, 4-269 (70.6) Ashen Bandara, 5-363 (92.2) Priyamal Perera, 6-416 (103.2) Ramesh Mendis, 7-422 (106.6) Kamindu Mendis, 8-433 (114.4) Manoj Sarathchandra, 9-450 (119.4) Vishwa Fernando, 10-450 (121.1) Malinda Pushpakumara,

Bowling O M R W Econ
Abu Jayed 12 0 48 0 4.00
Ebadat Hossain 20 1 82 1 4.10
Mehedi Hasan Rana 21 3 88 1 4.19
Mehidy Hasan 46.1 9 150 5 3.25
Mohammad Mithun 14 3 34 2 2.43
Soumya Sarkar 4 1 14 0 3.50
Mominul Haque 3 0 16 0 5.33
Najmul Hossain 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Jahurul Islam not out 1 2 0 0 50.00
Shadman Islam not out 0 4 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 1/0 (1 Overs, RR: 1)
Bowling O M R W Econ
Vishwa Fernando 1 0 1 0 1.00



දෙපිල අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා (4) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම ඇරඹීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<