98 ආසියාව හොල්ලපු සිංහ දියණියන් සහ පුතුන්

127
1998 පැවති ආසියානු තරගාවලිය අවසන් වී දිවයිනට පැමිණි දර්ශා, සුගත් සහ කුලවංශ උත්සවශ්‍රීයෙන් පිලිගනිමින්

1951 වසරේ දී ආරම්භ වූ ආසියානු ක්‍රීඩා තරගාවලිය ආසියානු කලාපයේ රටවල් අතර පවත්වනු ලබන විශාලතම ක්‍රීඩා තරගාවලියයි. 1951 වසරේ නවදිල්ලි නුවර දී පැවති පළමු ආසියානු තරගාවලියේ සිටම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සහභාගි විය. 

එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 24ක් සමඟින් ලබා ගත් සමස්ත පදක්කම් ගණන 46ක් ලෙසින් සටහන් විය. එලෙස ආසියානු තරගාවලි ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාව දස්කම් දැක්වීමට සමත් වුවත් වැඩිම පදක්කම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූයේ 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා තරගාවලියේ දීයි. එම නිසාම මෙම ලිපිය ලියවෙන්නේ එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙන්වූ දස්කම් පිළිබඳව කතා කිරීම සඳහාය.

“මා පැමිණියේ තරගය අවසන් කිරීමටයි” – ජෝන් අක්වාරි

ඒ 1968 වසරේ ගිම්හාන සමයයි. ලොව පුරා පන්දහසට …..

1974 වසරේ ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවති 7 වැනි ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 400 ඉසව්වෙන් W. විමලදාස රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. එසේම W. විමලදාස, A. ප්‍රේමචන්ද්‍ර ,කෝසල සහබන්දු සහ සුනිල් ගුණවර්ධන යන සුපිරි ධාවකයන් සිව්දෙනා පිරිමි මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වෙන් ද රන් පදක්කම් දිනා ගත්තේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් උරුමකර දෙමිනි. 

එම ආසියානු තරගාවලියේ දී ලබා ගත් රන් පදක්කම් දෙකෙන් පසුව පැවති ආසියානු තරගාවලි 5ක දී ම ශ්‍රී ලංකාවට රන් පදක්කම් ලබා ගැනීමට නොහැකි විය. එලෙස ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා රන් පදක්කම් ඉඩෝරයකට හසුව සිටි අවස්ථාවේ සිහිල් පොද වැස්සක් එක් කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1998 තරගාවලියේ දී රන් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය. 

විමලදාස ජාත්‍යන්තර තරගයක දී ධාවනයේ යෙදෙමින් (අංක109) – (Sri Lankan olympians.com)

රෝසා සහ විමලදාස අතරට එක්වූ දමයන්ති දර්ශා 

1970 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 5000 සහ මීටර් 10000 ඉසව්වලින් රෝසා නම් සුපිරි දිගු දුර ධාවකයා රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. 

එසේම 1974 ටෙහෙරාන් ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 400 සහ පිරිමි මීටර් 4×400 ඉසව්වලින්  W. විමලදාසට රන් පදක්කම් ද්විත්වයක් හිමි විය. ඔවුන් දෙදෙනාගෙන් පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියක දී රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමේ ගෞරවය දමයන්ති දර්ශාට හිමි වූයේ 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ය. 

එහි දී දර්ශා රන් පදක්කම් දිනා ගත්තේ කාන්තා මීටර් 200 සහ මීටර් 400 ඉසව්වලට සහභාගි වෙමිනි.

මෙම ඉසව්ව සඳහා ආබාධයකට ලක්ව සිටි සුසන්තිකා ජයසිංහ සහභාගි නොවුනත් ඇයගේ අඩුව පිරවූ දර්ශා මූලික වටයේ පළමු තරගයට සහභාගි වෙමින් තත්පර 23.16කින් එය නිමා කළේ මූලික වටයේ වාර්තා වුණු හොඳම කාලය ඇයගේ නම ඉදිරියේ සටහන් කරගනිමිනි. 

ඉන් අනතුරුව පැවති මීටර් 200 ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ දර්ශා තත්පර 22.48කින් තරගය නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. 

එහි දී නව තරග වාර්තාවක් බිහි කළ දර්ශා එදා බිඳ දමනු ලැබුවේ චීන තායිපේ ක්‍රීඩිකාවක වූ වෑංග් චෙන් 1994 වසරේ දී තත්පර 23.34ක කාලයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ වාර්තාව වාර්තාවයි. 

එලෙස දර්ශා පිහිට වූ වාර්තාව අද වන තුරුම බිඳ දැමීමට කිසිදු ක්‍රීඩිකාවට හැකි නොවූ බවත් මෙහි දී සිහිපත් කළ යුතුය.

මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 52.48කින් නිමා කළ දර්ශා පළමු වටයේ තරගවල දී වාර්තා වූ හොඳම කාලයේ හිමිකාරිය විය. ඉන් අනතුරුව පැවති අවසන් තරගයට ද ඉතාමත් හොඳින් මුහුණ දුන් දර්ශා තත්පර 51.57ක කාලයක් වාර්තා කරමින් දෙවැනි රන් පදක්කම ද දිනා ගත්තේ සිය රටට විශාල ගෞරවයක් හිමිකර දෙමිනි. 

පිරිමි මීටර් 200 සහ 400 ඉසව්වලින් සුගත් තිලකරත්නගෙන් දස්කම් 

මෙම තරගාවලියේ දී දර්ශා මෙන්ම විශිෂ්ට දස්කම් දැක්වූ සුගත් තිලකරත්න පිරිමි මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක දිනා ගන්නා විට, මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ වසර 24කට පසුව පිරිමි මීටර් 400 ඉසව්වේ ආසියානු රන් පදක්කම ශ්‍රී ලංකාවට උරුමකර දෙමිනි.

මෙම ඉසව්වේ මූලික වටයේ පළමු තරගය සඳහා තරග කළ සුගත් තත්පර 46.88ක කාලයකින් තරගය නිමා කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඉන් පසුව පැවති අවසන් පූර්ව වටයේ දීත් සුපුරුදු රිද්මය රඳවා ගත් මෙම ක්‍රීඩකයා තත්පර 45.88ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුස්සෙකු විය. 

Photo Story: අතීතය – අනාගතය යා කරන කුලවංශයන්

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ සාර්ථකම කඩුලු පැනීමේ ……..

එලෙස පහසුවෙන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් සුගත්ට අවසන් තරගයේ දී ප්‍රබලම අභියෝගය එල්ල වූයේ කටාර් දේශයේ ඊබ්‍රාහිම් ඉස්මයිල් ගෙනි. 1994 ආසියානු තරගාවලියේ රන් පදක්කම් ලාභියා සේම 1992,1996 ඔලිම්පික් තරගාවලි නියෝජනය කර තිබුණු ඊබ්‍රාහිම් ඉස්මයිල් ඉතාමත් ප්‍රබල තරගකරුවෙකු විය. නමුත් එදා ඊබ්‍රාහිම් ඉස්මයිල්ට එරෙහිව සාර්ථක ධාවනයක යෙදුණු සුගත් තත්පර 44.99ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට රටට තවත් රන් පදක්කමක් උරුමකර දීමට සමත් විය. 

මෙම ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගය සඳහා සහභාගි වූ  සුගත් තත්පර 20.81ක කාලයකින් තරගය නිමා කළේ කටාරයේ ඊබ්‍රාහිම් ඉස්මයිල්ට පරාජය වෙමිනි. .ඉන්පසුව ක්‍රියාත්මක වූ  අවසන් පූර්ව වටයේ දී යළි සුගත් සහ ඉස්මයිල් උරෙනුර ගැටුනත්, එහි දී සුගත්ට හිමි වූයේ තෙවැනි ස්ථානය යි. 

එලෙස තරමක් අසීරුවෙන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ සුගත්ට ජපන් ක්‍රීඩක කොජී ඉටෝ සහ කටාර් ක්‍රීඩක ඊබ්‍රාහිම් ඉස්මයිල් අවසන් තරගයේ දී ප්‍රබල අභියෝගයක් විය. 

Photo Story – දිගනෙන් බිහි වූ පුංචි සෙබළිය

පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්වූයේ මෙරට ………

එම නිසාම මෙම තරගයේ රන් පදක්කම වෙනුවෙන් තියුණු සටනක් පවතිනු ඇති බව කාගේත් විශ්වාසය විය. නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් ප්‍රබල ධාවනයක නිරත වූ කොජී ඉටෝ තත්පර 20.25ක කාලයකින් තරගය නිමා කරමින් රන් පදක්කම ලබා ගන්නා විට තත්පර 20.83ක කාලයකින් තරගය නිමා කළ සුගත් යාන්තමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 20.84කින් තරගය නිමා කළ කසකස්තාන ක්‍රීඩකයාට වඩා ඉදිරියෙන් සිටිමිනි.

කඩුලු පැනීමෙන් සහ ඔරු පැදීමෙන් තවත් ලෝකඩ පදක්කම් 2ක් 

දර්ශා සහ සුගත් ලබා ගත් පදක්කම්වලට අමතරව කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන්  ශ්‍රියානි කුලවංශ සහ ඔරු පැදීමේ කණ්ඩායම් ඉසව්වෙන් ලලින් ජිරසිංහ සහ ක්‍රිෂාන් ජානක ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

රටවල් 41ක් අතුරින් ශ්‍රී ලංකාව 15 වැනි ස්ථානයට 

තරගාවලිය සඳහා සහභාගි වූ රටවල් 41 අතුරින් රන් පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ 15 වැනි ස්ථානය දිනා ගත්තේ දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාවට පමණක් පිටුපසින් සිටිමිනි. එසේම මෙය ආසියානු තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව දිනා ගත් වැඩිම රන් පදක්කම් ප්‍රමාණය ලෙස ද සටහන් විය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<