ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුවකට අතවනයි

39466

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය ඊයේ (15) ලන්ඩන් හිදී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 87ක අමිහිරි පරාජයක් උරුම කරමිනි.

ලෝක කුසලානයේ සෑම තරගයකටම පෙර හා පසුව ඒ ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ පුහුණු කාර්‍ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර ඊයේ තරගයට පසුව පැවැත්වු එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ලංකා කණ්ඩායම සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

දික්වැල්ලගේ ප්‍රවේගකාරී ශතකයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (15)…

ලෝක කුසලානය හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පෙර, මෙවැනි මාධ්‍ය සාකච්ඡා හෝ Miexd Zone යන මාධ්‍ය සාකච්ඡා සඳහා ක්‍රීඩකයින් හෝ නිලධාරීන් සහභාගී කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ඒ ඒ කණ්ඩායම් අතර යම් ගිවිසුමකට එළඹෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අවස්ථාවේ දී එම ගිවිසුම කඩ කර තිබෙන නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට ද යම් සම්භාවිතාවක් ඇත.

ඊයේ පැවති මාධ්‍ය හමුව ආරම්භ වූ අවස්ථාවේ දී මාධ්‍ය හමුව මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම එම මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව පවසා සිටියේය.

“ශ්‍රී ලංකා කණ්ඩායම අපිට පැවසුවා ඔවුන් මේ මාධ්‍ය හමුව සඳහා සහභාගී නොවන බව, එවැනි තීරණයක් ගැනීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමට කතා කරාවි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීවරයා ඒ අවස්ථාවේ දී පවසා සිටියේය.

ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි ….

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) විමසන බව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති වන අසන්ත ද මෙල් මහතා පසුගිය 13 වැනිදා එක්තරා පුවත් පතකට අදහස් දක්වමින් පවසා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණ තණතීරු සම්බන්ධයෙන් හා ලැබුණු පහසුකම් සම්බන්ධව ද මෙල් මහතා දැඩි ලෙස සිය අප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා සිටින ලදි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සිදු කළ වර්ජනයට පිළිතුරු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් නිල වශයෙන් ඔවුන්ගේ අදහස් දක්වා නොමැත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 21 වැනිදා සත්කාරක එංගලන්ත  කණ්ඩායම සමඟ හෙඩින්ග්ලි හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com  සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<