බර ඉසිලීමේ සිහින බොඳ වේ

158

ශ්‍රී ලංකා යොවුන් බර ඉසිලීමේ ක්‍රීඩකයන්ට 2018 බුවනොර්ස් අයර්ස් හි පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල අහිමි වන අතර ඔවුන්ට උස්බෙකිස්තානයේ අප්‍රේල් 20 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා පැවති ආසියානු තේරීම් තරග ද තහනම් කර ඇත.

අනූෂා ඇතුළු බොක්සිං කණ්ඩායම රටින් පිටට

පසුගිය අප්‍රේල් මාසයේ දී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 3ක් දිනා දුන් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ටර්කිමනිස්තානයේ සංචාරයක…

ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ආසියානු තේරීම් තරගවලට යැවූවද තරගාවලි සංවිධායකයින්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ‘තහනම් උත්තේජක පාලක හා කළමනාකරණ පද්ධතිය’ (ADAMS) නමින් ලෝක තහනම් උත්තේජක ඒජන්සිය (WADA) ඉදිරිපත් කළ පද්ධතිය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් තරගාවලියේ සහභාගිත්වය තහනම් විය. මෙම පද්ධතිය තහනම් කළ උත්තේජක පිළිබඳව ක්‍රීඩකයින්  දැනුවත් කිරීම සඳහා ද සකස් කළ පද්ධතියකි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක පාලක ඒජන්සිය (SLADA), ලෝක තහනම් උත්තේජක ඒජන්සිය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ බලයලත් ආයතනය වන අතර එම ආයතනය ක්‍රීඩකයින් මෙම තහනම් උත්තේජක කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කිරීම, ක්‍රීඩකයින් දැනුවත් කිරීම සිදු කළ යුතු වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම පද්ධතිය යාවත්කාලීන කිරීමට අසමත් වී තිබුණි.

සාන්ත ජෝසප් හා විශාකා විදුහල් පංච ප්‍රයාම ශූරතා දිනති

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ විශාකා විද්‍යාලය පංච ප්‍රයාම පිහිනුම් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ…

“මෙම පද්ධතිය ස්ථාපිත කර තිබුණේ ක්‍රීඩකයින් සියලු දෙනාගේ තොරතුරු එකම තැනකින් ලබා ගැනීමේ අරමුණින්, ක්‍රීඩකයින් සියලු දෙනාට අපගේ අන්තයෙන් (SLADA) ලබා දිය යුතු මුර පද හා පරිශීලක නාමයන් (Login) ලබා දී තිබුණා, වෛද්‍ය ශිරෝමි (අධ්‍යාපන හා පරීක්ෂණ අධ්‍යක්ෂක) ළඟ තමයි පරිශීලක නාමයන් තිබුණේ, ක්‍රීඩකයින් සිය අන්තයෙන් පද්ධතියට තමන්ගේ තොරතුරු ඇතුළත් කළ යුතු අතර අනතුරුව ශ්‍රී ලංකා තහනම් උත්තේජක ඒජන්සිය විසින් එම තොරතුරු ප්‍රධාන පද්ධතියට ඇතුළත් කරනවා, එය ඔවුන්ට ජීව විද්‍යාත්මක ගමන් බලපත්‍රයක් බවට පත්වනවා, ඔවුන්ගේ දියුණුව පෙන්වනවා, මේ අවස්ථාවේ දී කනිෂ්ඨ ක්‍රීඩකයින් ඔවුන්ගේ අන්තයෙන් පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමට අසමත්ව ඇති අතර එය ක්‍රීඩාවේ එක්තරා වංචාවක් ලෙස ද සලකනවා, ඔවුන්ට විරුද්ධව තරග තහනමක් හෝ දඩ මුදලක් නියම නොවුනත් ආසියානු තේරීම් තරග ඔවුන්ට අහිමි වුනා. මෙය අනෙකුත් ක්‍රීඩකයින්ටත් හොඳ පාඩමක්” ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක පාලක ඒජන්සියේ සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා පැවසිය.

පිට පිටම දෙවැනි වතාවටත් සූමෝ ශූරයා චමිල කරවිට

ජපානයේ ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන සූමෝ ක්‍රීඩාව ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසු පවත්වන ලද දෙවැනි ජාතික සූමෝ තරගාවලියේ දී ද පිට පිටම දෙවැනි වතාවටත් පිරිමි අංශයේ…

යොවුන් බර උසුලන ක්‍රීඩකයින් ආසියානු තේරීම් තරගාවලියෙන් ඉවතට විසිවුණු අතර, එම නිසා එළඹෙන ඔක්තෝබරයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ වරම ද ඔවුන්ට අහිමි වනු ඇත. ලෝක තහනම් උත්තේජක පාලක ඒජන්සියේ නීති රීති නියමිත ලෙස අනුගමනය කරමින් අනාගතයේ දී මෙවන් සිදුවීම් වළකා ගැනීම ක්‍රීඩකයින් මෙන්ම බලධාරීන්ගේ ද වගකීමක් වනු ඇත. නැතහොත් පදක්කමක් දිනාගත හැකි වටිනා ජාත්‍යන්තර අවස්ථා රැසක් දක්ෂ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ගිලිහි යනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<