කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නිකුත් වේ

370

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස  ක්‍රිකට් තරගාවලිය ලබන මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලම්පුර් හිදී පැවැත්වීමට නියමිතයි.

බාලිකාවන් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වැඩකට අතගසයි

2018 වසරේ පැවැත්වෙන බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග 30ක් සඳහා නොකඩවා දෙවන..

නිත්‍ය නායිකාව වන චමරි අතපත්තු ඩෙංගු උණ රෝගය වැළදී මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින නිසා මෙම තරගාවලිය සඳහා සහභාගී නොවන අතර තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන අමා කාංචනා ද අසනීප තත්වයක පසුවන නිසා මේ සංචිතයට ඇතුළත් කර නොමැත.

“අපි මේ තරගාවලිය සඳහා මාස එකහමාරක් වගේ පුහුණුවීම් කරා, අවාසනාවකට අපේ හොඳම ක්‍රීඩිකාවන් දෙන්නෙක් ආබාධවලට ලක්වෙලා. ඒක අපිට ලොකු පාඩුවක්. තරගයෙන් තරගය සැලසුම් කරලා තරගාවලිය සාර්ථකව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි නායිකා ශසිකලා සිරිවර්ධන පැවසීය.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, තායිලන්තය හා සත්කාරක මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 6ක් සහභාගී වේ. 2004 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 7 වැනි වතාවට වන අතර මීට පෙර පැවති අවස්ථාවන් සියල්ලේ දී ම එහි ශූරතාවය දිනා ගනු ලැබුවේ ප්‍රබල ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් වීම විශේෂත්වයක්. එසේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවස්ථාවන් 4ක දී එහි අනුශූරියන් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කලකට පසු ජයක් ලබති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…

“චමරි අසනීප වෙච්ච එක ලොකු පාඩුවක්, ඒක නිසා අපිට යශෝධා එක්ක ආරම්භක පිතිකාරිනිය ලෙස ක්‍රීඩා කරන තැනට යොවුන් ක්‍රීඩිකාවකට අවස්ථාව දෙන්න වෙනවා. ඒ තැනට තවත් දෙදෙනෙකු අපි තෝරාගෙන ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පසුගිය මාර්තු මාසයේ දී නිමා වූ එක්දින තරගාවලිය 3-0ක් හා විස්සයි විස්ස යන තරගාවලිය 2-1ක් ලෙස පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සිදු විය. දෙපිල අතර කොළඹ එස්. සී. සී. පිටියේ දී  පැවැත්වූ එක් විස්සයි විස්ස තරගයක් කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය: ශසිකලා සිරිවර්ධන (නායිකාව), හසිනි පෙරේරා (උප නායිකාව), නිපුනි හංසිකා, යශෝධා මෙන්ඩිස්, අනුශ්කා සංජීවනී, රෙබේකා වැන්ඩොර්ට්, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝදනී, ඕශධී රණසිංහ, මල්ශා ශෙහානි, ඉනෝකා රණවීර, හර්ෂිතා මාධවී.

අතිරේක ක්‍රීඩිකාවන්: සත්‍යා සංදීපනී, ශ්‍රීපාලි වීරක්කොඩි, කවිශ්කා දිල්හාරි.

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන

  • ජුනි 3 – බංගලාදේශය හා ශ්‍රී ලංකාව ක්වාලම්පුර් හි රෝයල් ස්ලෙන්ග්ර් ක්‍රීඩා පිටිය
  • ජුනි 4 – මැලේසියාව හා ශ්‍රී ලංකාව ක්වාලම්පුර් හි රෝයල් ස්ලෙන්ග්ර් ක්‍රීඩා පිටිය
  • ජුනි 6 – පාකිස්තානය හා ශ්‍රී ලංකාව ක්වාලම්පුර් හි කින්රා ඇකඩමි ඕවල් ක්‍රීඩා පිටිය
  • ජුනි 7 – ඉන්දියාව හා ශ්‍රී ලංකාව ක්වාලම්පුර් හි රෝයල් ස්ලෙන්ග්ර් ක්‍රීඩා පිටිය
  • ජුනි 9 – තායිලන්තය හා ශ්‍රී ලංකාව ක්වාලම්පුර් හි රෝයල් ස්ලෙන්ග්ර් ක්‍රීඩා පිටිය

බෝලර්ස්ලා ඩියුටිය කරා, නමුත් පිතිකරුවන් අසාර්ථක වුනා – චමරි

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින තරගාවලියෙන්…

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය, කාන්තා ක්‍රිකට් තේරීම් නිලධාරිනී රසාංජලී ද අල්විස්, කණ්ඩායමේ කළමනාකරු වන වරුණ වරාගොඩ යන මහත්ම මහත්මීන් මෙන්ම ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන ශසිකලා සිරිවර්ධන ද පැමිණ සිටියහ.

මෙම තරගාවලියේ උණුසුම් පුවත්, තරග වාර්තා, සජීවී ලකුණු හා තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න….

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<