කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වේ

176
Women’s Cricket Head Coach

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කාලයක් කටයුතු කළ හේමන්ත දේවප්‍රිය මහතා අද (14) සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

බංගලි ක්‍රීඩිකාවෝ ඉන්දියාවට නයි පෙන්වද්දී අපේ කෙල්ලන්ට වුන දේ

7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු වන  හේමන්ත දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ කටයුතු ආරම්භ කළේ 2016 වසරේ ඔක්තෝබර් මස සිටයි. එතැන් සිට වසර දෙකක කාලයක් එනම් මේ වසරේ ඔක්තෝබර් මස දක්වා කොන්ත්‍රාත් කාලයකට ඔහු ගිවිසුම්ගත වී තිබුණු නමුත් එම කාලය ඉක්මවා යාමට පෙර පුද්ගලික හේතුවක් මත දේවප්‍රිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.  

“දේවප්‍රිය මහතා මෙතෙක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කළ කාර්යභාරයට අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් අපි දැන් ඒ මහතාගෙන් හිස්වූ තනතුරට සුදුසු පුහුණුකරුවෙක් සොයා ගැනීමේ කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසන ලදි.

පසුගිය දා මැලේසියාවේ දී නිමාවුණු ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාව හා එහි ශූරතාවය දිනාගත්  බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර අතර, ඉන්දියාව, තායිලන්තය හා පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<