ශ්‍රී ලංකාව ආසියානු ශූරියන්ට කරට කර සටනක් දෙයි

306

7 වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (7) මැලේසියාවේ ක්වාලම්පූර් හි රෝයල් ස්ලෙන්ගර් ක්‍රීඩා සමාජ පිටියේ දී නිමාව දුටුවේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක ජයක් ලබා දෙමිනි.  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරමක් පසුබසී

මැලේසියාව පැවැත්වෙන 7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා …

ඉන්දීය කණ්ඩායම මේ තරගයට අවතීර්ණ වූයේ බංගලාදේශ කාන්තා කණ්ඩායම හමුවේ නොසිතූ පරාජයක් ලබා ගනිමිනි. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම ද ඊයේ (6) දිනයේ දී පකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගය ද ලකුණු 23කින් පරාජය වීම නිසා දෙපිලටම මේ තරගය ජය ගැනීම ඉතාමත් වැදගත් විය.  

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා ශසිකලා සිරිවර්ධන ප්‍රබල ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එදිරිව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.  අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.

ලකුණු 108ක ඉලක්කයක් හඹා ගිය ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙපළගේ සබඳතාවය අවසන් කරමින් එක් 4 පහරක් සමඟ ලකුණු 12ක් ලබා සිටි වමතින් පිත්ත හසුරුවන සිම්රිටී මන්දාන ලකුණු 12කට දැවී ගියාය. ඇයගේ කඩුල්ල දකුණතින් මඳ වේගපන්දු යවන ඕෂදී රණසිංහ විසින් දවා ගන්නා ලදි. මිතාලියා රාජ් ලකුණු 3කට ක්‍රීඩාගාරය දෙසට හැරී යද්දී ඉන්දීය ලකුණු සටහන 55/2ක් ලෙස දැක්විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පියවරක් ඉදිරියට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් කඩඉමක් …

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකාව වන හාමන්ප්‍රීට් කවුර් හා එක්වූ දකුණතින් පිත්ත හසුර වන වේදා ක්‍රිෂ්ණමූර්ති තෙවැනි කඩුල්ල වෙනුවෙන් ද යම් සබඳතාවයක් ගොඩනැංවූ අතර ලකුණු 24ක් ලබා සිටි කවුර් දැවී ගියේ ඉන්දීය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙසයි. එතැනින් ද නොනැවතුණු ඉන්දීය පිතිකාරිනියන් ඉතාමත් ඉවසිලිමත්ව සිය ඉනිම සෙමින් සීරුවෙන් ගොඩනැංවූ අතර ඒ සඳහා ක්‍රිෂ්ණමූර්ති ලකුණු 29*ක් එක් කළේ4 පහර 4ක් සමඟිනි.

අවසානයේ පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ඔවුන් වෙත ලැබුණු නියමිත ඉලක්කය හඹා යාමට ඉන්දීය කණ්ඩායම  සමත් වූයේ තරගාවලියේ ලබාගත් තෙවැනි ජයග්‍රහණය ලබා ගනිමිනි.

ආබාධයකින් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වූ වමතින් පිත්ත හසුරුවන යසෝදා මෙන්ඩිස් නැවතත් ලකුණු අතරට පිවිසීමට අවස්ථාව උදාකර ගත්තේ එක් 4 පහරක් සමඟ ලකුණු 27ක් රැස්කර ගනිමිනි. ඒ සඳහා ඇය පන්දු 39ක් වැය කළ අතර ඇය සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි නිපුනි හංසිකා හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු දෙකක් පමණි.

අංක 3 පිතිකාරිනිය ලෙස පිටියට පියමන් කළ වමතින් පිත්ත හසුරුවන හසිනි පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ නැංගුරම බවට පත්වෙමින් නොදැවී ලකුණු 46*ක් ලබා ගත්තේ වෙනදාට වඩා යම් ක්‍රියාශීලී පිතිකරණයක නිරත වෙමිනි.

4 පහර 4ක් සමඟින් ලකුණු 46ක් රැස්කර ගැනීමට ඇයට වැය වූයේ පන්දු 43ක් පමණි. හසිනි හා යසෝදා ඇරෙන්නට අනෙකුත් පිතිකාරිනියන් සියලුම දෙනා ලකුණු 7කට අඩුවෙන් දවා ගැනීමට වමතින් දඟපන්දු යවන එක්ටා බිශිට් ඇතුළු ඉන්දීය පන්දු යවන්නියන් සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 107/7 (20): හසිනි පෙරේරා 46, යසෝදා මෙන්ඩිස් 27, එක්ටා බිශිට් 2/20.

ඉන්දීය කාන්තා කණ්ඩායම – 110/3 (18.5): වේදා ක්‍රිෂ්ණමූර්ති 29*, හාමන්ප්‍රීට් කවුර් 24, මිතාලියා රාජ් 23.  

තරගයේ වීරවරිය: වේදා ක්‍රිෂ්ණමූර්ති (ඉන්දියාව)

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ මූලික වටයේ සහභාගී වන අවසන් තරගය අනිද්දා (9) තායිලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එහි තරග වාර්තාව ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.Com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<