ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම් ද්විත්වය හිමි කර ගැනීමට සමත් වෙයි

Asian Beach Games 2026

2
Asian Beach Games 2026

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පසුගිය 22 දා ආරම්භ වූ අතර, අද (24) දිනයේ දී ශ්‍රී ලංකාව විසින් තරගාවලියේ පදක්කම් සටහනට ඇතුළත් වීමට සමත් වුනා.

ඉතිහාසයේ පළමු වරට ආසියනු වෙරළ ක්‍රීඩා උළෙලකට සහභාගී වන ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ක්‍රීඩා ඉසව් රැසක් සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 77 දෙනෙකු සිය සහභාගීත්වය ලබා දෙනවා.

චීනයේ Sanya හි පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද දිනයේ දී ආරම්භ වූ අතර, එහි දී ක්‍රියාත්මක වූ පළමු ක්‍රීඩා ඉසව්වෙන් ම ශ්‍රී ලංකාව පදක්කම් ද්විත්වයක් ජය ගැනීමට සමත් වුනා.

මෙහි දී කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ ඉෂාරා සමන්මලී විසින් මීටර් 5.87ක දුරක් තරණය කරමින් රිදී පදක්කම ජය ගන්නා අතරේ, මීටර් 5.83ක දුරක් තරණය කිරීමට සමත් වූ සශිකලා ලංකාතිලක විසින් ඉසව්වේ ලෝකඩ පදක්කම ජය ගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන තුළ සිය නම සටහන් කිරීමට සමත් වූ අතර, මේ වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 08 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මීට අමතරව තවත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම අද දිනයේ දී තරග බිමට පිවිසීමට සූදානමින් පසු වන අතර, ThePapare විසින් ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පිළිබඳ රැගෙන එන දෛනික වාර්තාවල දී එම තොරතුරු ඔබට සමීප කිරීමට අපි සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<