උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා 81kg බර පංතියේ නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවීමට ශ්‍රී ලාංකික බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ සමත්ව තිබෙනවා.
දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවියක් වන ඇය ජාතික බර ඉසිලීමේ කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා බර ඉසිලීමේ සංචිතයේ ද සාමාජිකාවක්. බර ඉසිලීමේ ක්ෂේත්‍රයට ආධුනික ක්‍රීඩිකාවක් නොවන ඇය විසින් 2010 සිට 2017 දක්වා ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත්ව තිබෙනවා.

තවත් මලල ක්‍රීඩා පුවත්:
- ඉසුරු ඩිලංකට ආසියානු පදක්කමක්
- ඩිල්ෂි සහ උෂාන් ආසියාවේ පෙරමුණට
- ඩිල්ෂි ජාතික වාර්තාව බිඳ හෙළද්දී කාලිංග පරදා සෆාන් අංක 1ට
ජනාධිපති සම්මාන උළෙලේ දී පවා සම්මානයට පාත්‍ර වී තිබෙන ඇය විශිෂ්ට දක්ෂතා දක්වන මෙරට ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ පසුවන චරිතයක්.
චතුරිකාට අමතරව තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඉසුරු ඩිලංක 55kg බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ සහ රිදී පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත්ව තිබෙනවා.
ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය ඉකුත් වසරේ අප්‍රේල් 18 වැනිදා සිට 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනත්, එය මේ වසර දක්වා කල් දැමීමට සංවිධායකයින්ට සිදු වූයේ මුළු ලෝකය පුරා ව්‍යාප්තව ගිය කොරෝනා වසංගතය නිසාවෙනි.
මෙවර තරගාවලිය අප්‍රේල් 16 වැනිදා සිට 25 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ Tashkent හිදි පැවැත්වෙන්නේ රටවල් 26ක් නියෝජනය කරමින් තරගකරුවන් 186ක් සහභාගී කරගනිමින්.
2021 ගිම්හාන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහභාගි වී තිබෙනවා.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















