Home Sinhala නවසීලන්තය පහසු ජයක් කරා

නවසීලන්තය පහසු ජයක් කරා

Sri Lanka Tour Of New Zealand 2024/25

57
Sri Lanka Tour Of New Zealand

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද (05) සමත් වුනා.  

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්තය විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුණා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස පැතුම් ලකුණු 09ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව පිටියට පිවිසි අනෙක් ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් ද එතරම් වේලා කඩුල්ලේ රැඳී නොසිටිමින් පිටියෙන් ඉවත් වුනා. 

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 23ක් එක් වන විට කඩුලු 4ක් දැවී ගොස් තිබූ අතර, පස් වැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක සහ ජනිත් ලියනගේ අතරේ ලකුණු 87ක සබඳතාවක් ගොඩ නැගුණා. කෙසේ වෙතත් ඉන් පසුව ජනිත් ලකුණු 36කට සහ අවිශ්ක ලකුණු 56කට පිටියෙන් ඉවත් වී ගිය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 110ක් ලෙස දිස් වුනා. 

මින් පසුව චමිඳු වික්‍රමසිංහ සහ වනිඳු හසරංග හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක් එක් කිරීමට සමත් වූ අතර, චමිඳුගේ පිත්තෙන් ඉනිමට ලකුණු 22ක් එක් වුනා. වනිඳු ඉක්මන් ලකුණු 33කින් ඉනිමට දායක වුනා. 

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාගේ දැවී යාම්වලින් පසුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 43 පන්දු 4ක් තුළ ලකුණු 178කට සීමා වුනා. එමෙන්ම මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගත් එශාන් මාලිංග ලකුණු 04කින් ඉනිමට දායක වුනා. 

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Matt Henry කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 179ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් Will Young සහ Rachin Ravindra පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Rachin ලකුණු 45ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වී ගිය අතර, ඉන් පසුව Mark Chapman පිටියට ප්‍රවිෂ්ට වුනා. Chapman සහ Young විසින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 87ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී Chapman නොදැවී ලකුණු 29ක් ලබා ගන්නා අතරේ, Will Young පන්දු 86ක් වැය කරමින් නොදැවී ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ වීරයා සම්මානය Matt Henry හට හිමි වුනා. 

දෙරට අතර දෙවැනි එක්දින තරගය එළඹෙන 08 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


New Zealand
172/8 (20)

Sri Lanka
164/8 (20)

Batsmen R B 4s 6s SR
Tim Robinson c & b Binura Fernando 11 9 2 0 122.22
Rachin Ravindra c Kusal Mendis b Binura Fernando 8 14 0 0 57.14
Mark Chapman c Kamindu Mendis b Matheesha Pathirana 15 13 1 0 115.38
Glenn Phillips lbw b Wanindu Hasaranga 8 9 0 0 88.89
Daryl Mitchell st b 62 42 4 2 147.62
Mitchell Hay lbw b Wanindu Hasaranga 0 1 0 0 0.00
Michael Bracewell c & b 59 33 4 4 178.79
Mitchell Santner not out 1 1 0 0 100.00
Zakary Foulkes run out () 1 1 0 0 100.00


Extras 7 (b 0 , lb 0 , nb 3, w 4, pen 0)
Total 172/8 (20 Overs, RR: 8.6)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 28 0 7.00
Binura Fernando 4 0 22 2 5.50
Maheesh Theekshana 4 0 29 2 7.25
Matheesha Pathirana 4 0 60 1 15.00
Wanindu Hasaranga 4 0 33 2 8.25


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Tim Robinson b Matt Henry 90 60 7 3 150.00
Kusal Mendis c Mitchell Hay b Jacob Duffy 46 36 6 1 127.78
Kusal Perera c Mitchell Hay b Jacob Duffy 0 2 0 0 0.00
Kamindu Mendis c Mitchell Hay b Jacob Duffy 0 1 0 0 0.00
Charith Asalanka c Michael Bracewell b Zakary Foulkes 3 7 0 0 42.86
Bhanuka Rajapakse b Matt Henry 8 5 2 0 160.00
Wanindu Hasaranga run out (Zakary Foulkes) 5 2 0 0 250.00
Mahesh Theekshana c Jacob Duffy b Zakary Foulkes 1 2 0 0 50.00
Binura Fernando not out 4 4 0 0 100.00
Maheesh Theekshana not out 0 1 0 0 0.00


Extras 7 (b 2 , lb 2 , nb 0, w 3, pen 0)
Total 164/8 (20 Overs, RR: 8.2)
Bowling O M R W Econ
Matt Henry 4 0 28 2 7.00
Jacob Duffy 4 0 21 3 5.25
Zakary Foulkes 4 0 41 2 10.25
Mitchell Santner 4 0 26 0 6.50
Michael Bracewell 3 0 30 0 10.00
Rachin Ravindra 1 0 14 0 14.00