අකිලගේ මැජික් පන්දු යැවීම දකුණු අප්‍රිකානුවෝ අසරණ කරයි

2160

අකිල දනංජයගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ දෙරට අතර අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ 5 වැනි සහ අවසන් එක්දින තරගයේ දී ලකුණු 178ක පරාජයක් ලැබුවා. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමේ න්‍යායේ නියුතු වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු එක්දින තරග 3 පරාජය වෙමින් අවසන් එක්දින තරග දෙක ජයග්‍රහණය කළේ තරගාවලියේ විසඳුම 3-2ක් සේ ප්‍රතිවාදීන් සතු කරමින්.

කුසල්-තිසර සහ දසුන්ගේ උත්සාහයන් ලක්මාල් සඵල කරයි

කුසල් පෙරේරා ආරම්භ කළ මැජික් ඉනිම, තිසර පෙරේරා සහ දසුන් ශානක විසින් තව දුරටත් පවත්වා ගෙන යෑමත්, එම උත්සාහයන් සඵල කර ගැනීම……

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 121ක් පමණයි. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 92ක් ඉතිරිව තිබිය දී ය.  

දකුණතින් පිට දඟපන්දු යැවූ අකිල දනංජය අද තරගයේ දී එක්දින තරග පිටියේ තමන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. තරගය අවසන් වන විට ඔහුගේ දක්ෂතාව පන්දුවාර 9ක දී ලකුණු 29කට කඩුලු 6ක් ලෙසින් සටහන් වුනා. ඔහු මීට පෙර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එරෙහිව 2017 අගෝස්තුවේ ලකුණු 54කට ලබා ගත් ලකුණු 6 හොඳම පන්දු යැවීම ලෙසින් සටහන්ව තිබුණා. ඔහුගේ මේ දක්ෂතාව තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද හේතු වුනා.

දකුණු අප්‍රිකා ඉනිම විනාශය කිරීමේ ආරම්භකයා වූයේ සුරංග ලක්මාල්. ඔහු විසින් යැවුණ ඉනිමේ පළමු පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී හෂීම් අම්ලා දවා ගැනීමට සමත් වුනා.

එතැන් සිට ඉනිම තරමක් ගොඩ නැගීමට නායක ක්වින්ටන් ඩි කොක් සහ ඒඩ්න් මාක්‍රම් කටයුතු කළා. නමුත් ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 31කට සීමා කිරීමට අකිල දනංජය සමත් වූනා. ඒ මාක්‍රම් ලකුණු 20කට දවා ගනිමින්. එතැනින් නතර නොවූ අකිල, ඔහුගේ කඩුලු දඩයම වඩාත් සක්‍රීය කරමින් යැවුණ ඊළඟ පන්දුවේ දී තරගාවලියේ ශතකලාභී රීසා හෙන්ඩ්‍රික්ස් (00) ද දවා ගත්තා.

දකුණු අප්‍රිකානුවන්ගෙන් ලත් පරාජයන් වැලේ අල ගිය මුල ගිය තැන්

ඒ 2014 වසරේ ඇසළ මාසයයි. මේ වසරේ ද ඇසළ මාසය යාන්තම් ගෙවී ගියා පමණයි. කාලය අවුරුදු 4ක්. එදාත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මෙරට……

දකුණු අප්‍රිකා ඉනිමට තවත් ලකුණු 8ක් එක් වෙද්දී නැවත වතාවක් අකිල ක්‍රියාත්මක වුනා. ඒ හෙන්රිච් ක්ලසීන් (03) දවා ගනිමින්. එතැනින් පසු නැවත වතාවක් දකුණු අප්‍රිකා ලකුණු පුවරුව ටිකෙන් ටික ක්‍රියාත්මක වුනා. ඒ, ඩි කොක් සහ ජේ. පී. ඩුමිනි එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කරමින්. එම කඩුල්ලේ සබඳතාව ඩුමිනි ලකුණු 12කට දැවී ගිය පසු නිමා වූනා. තරගාවලිය දැක්වූ දක්ෂතා හේතුවෙන් ඩුමිනි තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණා.

ඩි කොක් අද තමන්ගේ 17 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළා. අකිලගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල ආක්‍රමණය කළ හේතුවෙන් ඩි කොක් දැවී යන විට පන්දු 57කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.

එතැන් සිට තරගය ගොඩ දැමීම ඉවත දැමූ දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ වැඩි පන්දුවාර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ අභිප්‍රායේ නිරත වුනා. එහි දී කාගිසී රබාඩා නොදැවී ලකුණු 12ක් රැස් කළ අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් දෙකකට ළඟා වීමට නොහැකි වුනා.

පන්දු යැවීමේ අකිල දනංජයට අමතරව ලහිරු කුමාර ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

දඹුල්ලේත් පල්ලෙකැලේත් කළ තරග සංචාරයෙන් පසු අගනුවරට පිවිසි ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ අද උරගා බැලුණ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුනා. ඒ අනුව ඔහුගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි.  

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 299ක් ලෙසින් නිමා වෙද්දී නායක ඇන්ජලෝ මැතිව්ස් තම මව්බිමේ දී කුළුඳුලේ රැස් කිරීමට පෙරුම් පිරූ ශතකයට ලකුණු 3ක් මෙපිටින් සිටියා. පන්දු 97කට මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 11ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කළා. මෙම ඉනිම මැතිව්ස් එක්දින තරගයක දී මෙරට දී වාර්තා කරන ලද ඉහළම දක්ෂතාවයි.  

මැතිව්ස් අද තමන්ගේ 37 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේ  66 වැනි පන්දුවේ දී. එමෙන්ම ඔහු මෙම තරගාවලියේ දී රැස් කළ දෙවැනි අර්ධ ශතකය ද වුනා. ඔහු එක්දින ජාත්‍යන්තර තරගයක මව්බිමේ දී වාර්තා කර ඇති හොඳම ඉනිම වන්නේ 2014 වසරේ දී පාකිස්තානයට එරෙහිව සූරියවැව දී රැස් කළ ලකුණු 93යි.  

අද තරගයේ දී ද ආරම්භක පිතිකරු උපුල් තරංගට තම කණ්ඩායම වෙනුවෙන් එතරම්ම දෙයක් කිරීමට නොහැකි වුනා. ඔහු පන්දු 18ක දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 19ක් ලබා සිටිය දී තම කඩුල්ල අහිමි කර ගන්නා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 50ක් පැමිණ තිබුණා.

දෙවැනි කඩුල්ල ලකුණු 64ක් වෙද්දී කුසල් පෙරේරා ලකුණු 8ක දී දවා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූයේ ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි පන්දු වාරය අවසන් වෙද්දී.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. දික්වැල්ල අද රැස් කළ ලකුණු සංඛ්‍යාව 43ක් . ඔහු ඒ සඳහා 65ක් වැය කළ අතර හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තා.

අනතුරුව පිටියේ එක් වූයේ පොඩි කුසල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස්. ඉනිමේ හරි අඩක් ගෙවී යද්දී කුසල් දැවී ගියා. ඒ ලකුණු 38ක් ලබා සිටිය දී. පන්දු 43ක් පුරා පිටියේ රැඳී සිටි කුසල් හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කළා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව නැවත ශ්‍රී ලංකා ඉනිමේ අර්ධ ශතක සබඳතාවක් එක් වුනා. ඒ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා අතර.  ලකුණු 53ක් එම සබඳතාව අවසන් වූයේ ධනංජය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර එක බැගින් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ද ඉතා……

ඊට අමතරව තිසර පෙරේරා ලකුණු 13ක් සහ අකිල දනංජය ලකුණු 5ක් ලබා ගත් අතර දසුන් ශානක පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමෙ දී වියාන් මුල්ඩර් සහ ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  අද තරගයට පිවිසියේ ප්‍රතිවාදීන් වෙතින් පිට පිට එක්දින ජාත්‍යන්තර තරග 11ක පරාජයෙන් පසු ලැබූ ජයග්‍රහණයේ උණුසුමත් සමඟින්. ලැබූ ජයග්‍රහණය තව දුරටත් රඳවා තබා ගැනීමේ අපේක්ෂාවෙන් යුත් ශ්‍රී ලංකාව මෙම තරගයට, පෙර ජයග්‍රාහී තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝම නම් කර තිබුණා.

පෙර තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් අද තරගයේ දී සිදු කර තිබුණා. ඒ ලුන්ගි නිගිඩි වෙනුවට කගිසෝ රබාඩා සහ ඩේවිඩ් මිලර් වෙනුවට ඒඩ්න් මාක්‍රම් කැදවමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ශ්‍රී ලංකාව; කඩුලු 8ක් දැවී 299 (50.0) නිරෝෂන් දික්වැල්ල 43, කුසල් මෙන්ඩිස් 38, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 97, ධනංජය ද සිල්වා 30, දසුන් ශානක 21, වියාන් මුල්ඩර් 2/50, ඇන්ඩිල් පෙලුක්වායෝ 2/60

දකුණු අප්‍රිකාව; සියලුම දෙනා දැවී 121 ((24.4) ක්වින්ටන් ඩි කොක් 54, ඒඩ්න් මාක්‍රම් 20, අකිල දනංජය 6/29, ලහිරු කුමාර 2/34

දෙරට අතර පැවැත්වෙන පළමු සහ එකම විස්සයි 20 තරගය මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිත අතර තරගයේ උණුසුම් තොරතුරු වඩාත් සවිස්තරව දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Sri Lanka

299/8

(50 overs)

Result

South Africa

121/10

(24.4 overs)

SL won by 178 runs

Sri Lanka’s Innings

Batting R B
Niroshan Dickwella c De Kock b A Phehlukwayo 43 65
Upul Tharanga c De Kock b J Dala 19 18
Kusal Janith c H Klaasan b W Mulder 8 7
Kusal Mendis c De Kock b K Maharaj 38 43
Angelo Mathews not out 97 97
D De Silva c R Hendricks b W Mulder 30 41
Thisara Perera c H Amla b A Phehlukwayo 13 15
Dasun Shanaka c JP Duminy b K Rabada 21 15
Akila Dananjaya (runout) W Mulder 5 2
Extras
25 (b 10, lb 5, w 7, nb 3)
Total
299/8 (50 overs)
Fall of Wickets:
1-50 (U Tharanga, 8.3 ov), 2-64 (K Janith, 10 ov), 3-114 (N Dickwella, 19 ov), 4-142 (K Mendis, 25.2 ov), 5-195 (De Silva, 37.4 ov), 6-247 (T Perera, 44.5 ov), 7-291 (D Shanaka, 49.2 ov), 8-299 (A Dananjaya, 50 ov)
Bowling O M R W E
K Rabada 10 0 47 1 4.70
J Dala 9 0 57 1 6.33
W Mulder 8 0 59 2 7.38
A Phehlukwayo 8 0 60 2 7.50
KA Maharaj 10 0 32 1 3.20
JP Duminy 5 0 29 0 5.80

South Africa’s Innings

Batting R B
Hashim Amla b S Lakmal 0 4
Quinton de Kock b A Dananjaya 54 57
Aiden Markram c & b A Dananjaya 20 13
Reeza Hendricks b A Dananjaya 0 1
Heinrich Klaasen lbw by A Dananjaya 3 8
JP Duminy c & b D De Silva 12 13
Willem Mulder lbw by L Kumara 2 5
A Phehlukwayo c N Dickwella b A Dananjaya 3 14
Keshav Maharaj c S Lakmal b A Dananjaya 8 12
Kagiso Rabada not out 12 18
Junior Dala c D De Silva b L Kumara 5 3
Extras
2 (lb 1, w 1)
Total
121/10 (24.4 overs)
Fall of Wickets:
1-0 (H Amla, 0.4 ov), 2-31 (A Markram, 5.4 ov), 3-31 (R Hendricks, 5.5 ov), 4-39 (H Klaasen, 7.5 ov), 5-85 (JP Duminy, 15.1 ov), 6-92 (W Mulder, 16.4 ov), 7-94 (De Kock, 18 ov), 8-95 (A Phehlukwayo, 19.3 ov), 9-115 (K Maharaj, 23.5 ov), 10-121 (J Dala, 24.4 ov)
Bowling O M R W E
Suranga Lakmal 4 0 22 1 5.50
Akila Dananjaya 9 0 29 6 3.22
D De Silva 4 0 21 1 5.25
Thisara Perera 2 0 14 0 7.00
Lahiru Kumara 5.4 0 34 2 6.30