කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හලාවතට සුපිරි ජයක්

B කාණ්ඩයේ තරගයක් ලෙසින් කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ ආරම්භ වූ මෙම තරගයේ හලාවත මේරියන්ස් කාසියේ වාසිය ජයග්‍රහණය කර සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 206ක් ලබා ගන්නා ලදි.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 206/10 (53): කසුන් විදුර 50, රුක්ශාන් ප්‍රනාන්දු 37, සචිත්‍ර සේරසිංහ 26, ලසිත් ඇඹුල්දෙණිය 5/66, ඇන්ජලෝ පෙරේරා 2/34.
එන්. සී. සී පළමු ඉනිම – 128/10 (39.5): මහේල උඩවත්ත 46, ලහිරු උදාර 24, සචිත්‍ර සේරසිංහ 3/21, හසිත ප්‍රනාන්දු 3/30, මාලින්ද පුෂ්පකුමාර 3/40.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම – 132/10 (20.2): තික්ෂිල ද සිල්වා 37, ඕශද ප්‍රනාන්දු 24, ලසිත් ඇඹුල්දෙණිය 5/57.
එන්. සී. සී දෙවන ඉනිම – 116/10 (28): සඳුන් වීරක්කොඩි 32, මාලින්ද පුෂ්පකුමාර 5/25, සචිත්‍ර සේරසිංහ 4/48.
අනෙකුත් තරග ප්‍රතිඵල: හලාවත මේරියන්ස්ට විශිෂ්ට ජයක්; ශතක වැස්සක්
හැව්ලොක් අවසන් මොහොතේ ජය ගනී

අවසන් ලකුණු තත්වය: CR & FC 30 (3T 3C 3P) – 35 (5T 2C 2P) හැව්ලොක් ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: රාහුල් ද සිල්වා (හැව්ලොක්)
සම්පූර්ණ වාර්තාව: දුලාජ්ගේ දඬුවම් පහරින් CR සිහින බිඳ වැටේ
මහනුවර මේ සතියේත් අපරාජිතයි

ධනුෂ්ක පෙරේරා නාවික හමුදා කණ්ඩායම මෙහෙයවූ අතර ගයාන් වීරරත්න මහනුවර කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 19 (1T, 1C, 4P ) – 33 (5T, 4C) මහනුවර ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: ගයාන් වීරරත්න (මහනුවර)
සම්පූර්ණ වාර්තාව: නාවික උත්සාහය වතුරේ යයි
CH බලයට ගුවන් හමුදාව යට වේ

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 31 (3T 2C 4P) – 43 (6T 5C 1P) CH & FC ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා – යෝෂිත රාජපක්ෂ (CH & FC)
සම්පූර්ණ වාර්තාව: CH මෙහෙයුමෙන් ගුවන් හමුදාව පසුබසී






















