12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තුන්වැනි තරගය හෙට (7) එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී ආරම්භ වන්නේ පාකිස්තාන කණ්ඩායම සමඟිනි.
මාලිංග, කුසල්, ප්‍රදීප් තුන් කට්ටුවෙන් සියලු දෝෂ දුරු වෙයි
කුසල් ජනිත් පෙරේරාගේ සටන්කාමී ඉනිමත්………..
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී වන අතර එම එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 91කින් පරාජයට පත්විය.
මුහුණට මුහුණ

ගෙවී ගිය ලෝක කුසලාන තරගාවලි 11 තුල ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග 7ක් පවත්වා තිබෙන අතර එහි තරග 7ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.
Photos: CWC19 – Sri Lanka training session ahead of Pakistan match
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන අතර ඉපැරණි තරග ඉතිහාසයක් නොමැති නමුත් ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියයි. ඔහු පාකිස්තානයට එරෙහිව එක්දින තරග 82ක් ක්‍රීඩා කරමින් ලකුණු 2517ක් ලබාගෙන ඇත්තේ 32.68ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු පාකිස්තානය සමඟින් එක්දින තරග 65කට සහභාගී වෙමින් කඩුලු 96ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

බාබර් අසාම්

ජාත්‍යන්තර එක්දින තරග 66ක් තුළ ඔහු විසින් ලකුණු 2824ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 51.34ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. බාබර් එක්දින ශතක 9කින් සහ අර්ධ ශතක 13කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 8ක දී ලකුණු 350ක් ලබාගෙන තිබෙන්නේ 58.33ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. දෙකක් හා අර්ධ ශතකයක් ඇතුලත්ය.
රොස් ටේලර් බංගලියන් මෙල්ල කරයි
මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට……….
කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 12ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු පාකිස්තානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 35.66ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන පාකිස්තානු පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
ෆකාර් සමාන්

වමතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකිය.
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

වයස අවුරුදු 35ක් වන මාලිංග පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 36ක දී කඩුලු 36ක් දවාගෙන තිබෙන්නේ 34.43 පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
හසන් අලී

මොහු ජාත්‍යන්තර එක්දින තරග 51ක දී කඩුලු 80ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 27.87ක් ලෙස දැක්වේ. අලී එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.49ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 5/34කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 6ක දී කඩුලු 17ක් අලී විසින් දවාගෙන ඇත.
නුවන් ප්‍රදීප්

නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 36ක දී කඩුලු 46ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 6.01ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
තවමත් වයස අවුරුදු 32ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දිය හැක. ඇෆ්ගනිස්තානය සමඟ නිමා වූ තරගයේ දී ක්‍රීඩා කළ ප්‍රදීප් කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට ද පත්විය.
මොහොමඩ් ආමීර්

බ්‍රිස්ටල් තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට ඉතාමත් යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබේ. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 12-15 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
සංචිතයන්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ.
පාකිස්තානය – සෆ්රාස් අහමඩ් (නායක), අසීෆ් අලී, බාබර් අසාම්, ෆකාර් සමාන්, හැරිස් සොහෙයිල්, හසන් අලී, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නෙයින්, ශදාබ් ඛාන්, ශහීන් අෆ්රිඩි, ශොයිබ් මලික්, වහාබ් රියාස්
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග.
පාකිස්තානය – සෆ්රාස් අහමඩ් (නායක),ඉමාම් උල් හක්, අසීෆ් අලී, බාබර් අසාම්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, ශොයිබ් මලික්, ශදාබ් ඛාන්, වහාබ් රියාස්, හසන් අලී, මොහොමඩ් ආමීර්
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තාන කණ්ඩායම 6 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3846ක් සමඟ ප්‍රසාද ලකුණු 94ක් දිනා ගෙන වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3266ක් සමඟ ප්‍රසාද ලකුණු 76ක් දිනා ගෙනයි.
ශ්‍රේණිගත කිරීම්වලින් ද පාකිස්තානය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
>>Photos: CWC19 – Sri Lanka training session ahead of Afghanistan match<<
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජුනි 7 – පාකිස්තානය – බ්‍රිස්ටල්
- ජුනි 11 – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
- ජුනි 15 – ඕස්ට්‍රේලියාව – ඕවල්
- ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
- ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 1 – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 6 – ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















