දිල්රුවන්ට ශතකය අහිමි කරමින් ඉන්දියානුවන් පෙරමුණට

1902

ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දින 3ක් ගෙවී යන විට ප්‍රබල තරග රටාවක නිරත වෙමින් සිටින සංචාරක ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග ජයග්‍රහණයක් වෙනුවෙන් අවශ්‍ය කරුණු කාරණා එකින් එක සපුරා ගනිමින් සිටියි.

දෙවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව දැඩි අවදානම් කලාපයට!

ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට සංචාරක ඉන්දියානු කණ්ඩායම තරගයේ ග්‍රහණය තවදුරටත් දැඩි කිරීමට සමත්ව සිටියි. මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා…

ඒ අනුව මෙම තරග ප්‍රතිඵලයේ වෙනසක් සිදු කිරීමට නම් ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී වාර්තාගත පිතිකරණයක නියැලීම අනිවාර්ය වී තිබේ. ඒ අද දිනය (28) සඳහා තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498ක් ඉදිරියෙන් පසුවීම නිසාවෙනි.

අද උදෑසන තරගය ආරම්භ කරන විට තම මුල්පෙළ කඩුලු සියල්ල බිඳ වැටී අසරණ වී සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 154ක් පමණි. රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මිලියන 20කට වඩා වැඩි ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තම හිසමත දරා සිටින කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල ඒ වන විටත් පසුවූයේ අඩු ලකුණු ගණනකට දැවී යාමෙන් අනතුරුව ක්‍රීඩාගාරයේ විවේක සුව විඳිමිනි. පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක දෙවැනි දිනයේ නිදහසේ පිතිකරණයේ යෙදීමේ අවස්ථාව මඟහැර ගත් ඔවුන් පිළිබඳ වගකීම දරන්නේ තේරීම් කමිටුව ද, පුහුණුකරුවන් ද, නැතහොත් අදාළ ක්‍රීඩකයින් ද යන වග අදටත් ගැටලුවක් ඇති කරයි.

කෙසේ වෙතත් ඊයේ දිනය නිමා වන තෙක් තම වටිනා කඩුලු ආරක්ෂා කර ගත් හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා අද උදෑසන සාර්ථක සබඳතාවයක් පිහිටුවමින් තම මව්බිමේ ගෞරවය යම් පමණකින් රැක දීමට සමත් වූහ. ඒ සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවයක් ගොඩ නංවමිනි. ගෙවුණු දිනයේ තම ටෙස්ට් දිවියේ 27වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන සිටි ඇන්ජෙලෝ මැතිව්ස් අද එය ශතකයක් බවට පරිවර්තනය කර ගැනීමට දැඩි උත්සාහයක් දැරූවද රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ එය ව්‍යර්ථ වී ගියේය. ඒ පිටියේ පන්දු රකින්නන් නිසි ස්ථාන වල රඳවමින් මැතිව්ස්ව ඩ්‍රයිව් පහරක් කරා යොමු කර ගැනීමට ඉන්දියානු ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි. දැවී යන විට මැතිව්ස් හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 83ක් රැස් කරගෙන සිටියේය.

Photo Album – Sri Lanka vs India 2017 – 1st Test Day 3

තම පිතිකරණ සගයා අහිමි වීමෙන් අනතුරුව ද තම උත්සාහය අත් නොහළ දිල්රුවන් පෙරේරා තම ටෙස්ට් දිවියේ 5 වැනි අර්ධ ශතකය ලෙස ලකුණු 92ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟිනි. අනෙක් අන්තයේ පිතිකරුවන් සියල්ලන්ම දැවී යාම නිසා ලකුණු 8ක් තරම් සුළු පරතරයකින් තම ශතකය අහිමි වුවද පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන දිල්රුවන් පෙරේරා බොහෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා වටිනා සේවයක් තම මව්බිමට ඉටුකර දුන්නේය. පන්දුවේ දඟ කැවීම කල්යල් මැන එල්ල කරන ලද ස්වීප් පහර රැසක් මඟින් මනාව පාලනය කරගත් දිල්රුවන්ගේ ඉනිමේ ඕනෑම ටෙස්ට් පිතිකරුවෙකුට ඉගෙන ගත හැකි පාඩම් රැසක් කැටිවී තිබුණි.

අවසන් පෙළ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ රංගන හේරත්, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර ඉක්මනින් දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අද ලකුණු 291 දී නිමාවට පත්විය. ඒ සංචාරක ඉන්දියානු කණ්ඩායමට මුල් ඉනිමේ ලකුණු 309ක වාසියක් හිමිකර දෙමිනි. කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවන ඉතාමත් වටිනා ක්‍රීඩකයෙකු වන අසේල ගුණරත්නගේ සේවය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අහිමි නොවන්නට මෙම පරතරය සෑහෙන දුරකට අවම වීමට වැඩි ඉඩකඩක් පැවතුණි. පන්දු යැවීමේ දී රවින්ද්‍ර ජඩේජා කඩුලු 3ක් ද, මොහොමඩ් ශමී කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වූහ.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල ලකුණු ප්‍රමාණයක් ඉදිරියෙන් පසුවූ ඉන්දියාවට නැවත වරක් පන්දු යැවීමේ අවස්ථාව ලබා ගැනීමට තිබුණ ද තණතිල්ල තවදුරටත් පිතිකරුවන්ට වැඩි වාසි ගෙන දීම නිසා ඔවුන් තීරණය කළේ තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමටයි. ඒ අනුව අද දිනය ගෙවී යන විට කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූහ. එහි දී පළමු ඉනිමේ ශතකලාභීන් දෙදෙනා බවට පත්වූ ශිකර් ධවාන් සහ චෙටෙස්වර් පුජාරා අද ලකුණු 20කට අඩුවෙන් දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සහ ලහිරු කුමාර සමත් වූහ. එහි දී ඉනිම ගොඩ නැගීමේ වගකීම භාර ගත්තේ ප්‍රථම ඉනිමේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් තිබූ අභිනව් මුකුන්ද් සහ විරාත් කෝලි විසිනි!

නවක ක්‍රීඩක අභිනව් මුකුන්ද් අද තම ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 81ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 8ක් සමඟිනි. ඔහු සමඟ ලකුණු 133ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගූ නායක කෝලි අද දිනය නිමා වන විට නොදැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටියි. පසුගිය කාලයේ පිත්තෙන් තරමක් අසාර්ථක වී සිටි කෝලි අද ලබා ගත්තේ ඉනිම 8කට පසු වාර්තා කර ගත් ප්‍රථම අර්ධ ශතකයයි. මීට අමතරව ඔහු ටෙස්ට් නායකයෙකු ලෙස විදෙස් රටවල දී ලකුණු 1000 සීමාවට ළඟා වීමට ද අද දිනයේ සමත්කම් දැක්වීය. නවක පිතිකරු අභිනව් මුකුන්ද්ගේ කඩුල්ල ධනුෂ්ක ගුණතිලක ලබා ගැනීමත් සමඟ අද දිනය සඳහා තරගය නතර කෙරුණු අතර මේ වන විට ඉන්දියානුවන් සත්කාරක ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498ක් ඉදිරියෙන් පසුවේ.

ඒ අනුව හෙට දහවල් වන විට ඔවුන් තවදුරටත් විශාල ලකුණු පුවරුවක් ඉක්මනින්ම ගොඩ නැගීමට උත්සාහ දරනු ඇති අතර ඊට හැකි උපරිමයෙන් බාධා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් උත්සාහ දැරිය යුතුය. එවිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ යුතු කාලය යම් පමණකින් හෝ අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත. කෙසේ වෙතත් මේ වන විටත් ටෙස්ට් තරග පරාජයක් වෙනුවෙන් සියලු කරුණු කාරණා එක්කාසු වී ඇති තරගය කණපිට හැරවීම නම් කිසිසේත්ම පහසු නොවන බව අපක්ෂපාතීව තරගය දෙස බලන ඕනෑම අයෙකුට වැටහෙන සත්‍යය බවට පත්ව තිබේ. කෙසේ වෙතත් ටෙස්ට් පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටින සමහරක් ක්‍රීඩකයින් සැබවින්ම ටෙස්ට් පිතිකරුවන් දැයි පරීක්ෂා කිරීමට නම් හෙට දිනයේ දී අනිවාර්යයෙන්ම හැකි වනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

SCORECARD

[/vc_column_text]

India - BattingToss: India
Shikhar Dhawanc Mathews b Pradeep190 (168)
Abhinav Mukundc Dickwella b Pradeep12 (26)
Chesteshwar Pujarac Dickwella b Pradeep153 (265)
Virat Kohlic Dickwella b Pradeep3 (8)
Ajinkya Rahanec Karunarathne b Kumara57 (130)
Ravinchandran Ashwinc Dickwella b Pradeep47 (60)
Wriddhiman Sahac Perera b Herath16 (32)
Hardik Pandyac De Silva (Sub) b Kumara50 (49)
Ravindra Jadejab Pradeep15 (24)
Mohammed Shamic Tharanga b Kumara30 (30
Umesh YadavNot Out11 (10)
TotalExtras (16)600 (133.1 overs)
Sri Lanka - BowlingOMRW
Nuwan Pradeep3121326
Lahiru Kumara25.131313
Dilruwan Perera3011300
Rangana Herath4061591
Danushka Gunathilaka70430
Sri Lanka - BattingToss: India
Dimuth KarunarathneLBW b Yadav2 (9)
Upul TharangaRun Out 64 (93)
Danushka Gunathilakac Dhawan b Shami16 (37)
Kusal Mendisc Dhawan b Shami0 (4)
Angelo Mathewsc Kohli b Jadeja 83 (130)
Niroshan Dickwellac Mukund b Ashwin8 (15)
Dilruwan PereraNot Out92 (132)
Rangana Herathc Rahane b Jadeja9 (13)
Nuwan Pradeepb Pandya10 (26)
Lahiru Kumarab Jadeja2 (12)
Asela GunaratneDNB
TotalExtras (5)291 (78.3 overs)
India - BowlingOMRW
Mohammed Shami122452
Umesh Yadav141781
Ravichandran Ashwin275841
Ravindra Jadeja22.33673
Hardik Pandya30131
India - BattingToss: India
Shikhar Dhawanc Gunathilaka b Perera14 (14)
Abhinav MukundLBW b Gunathilaka 81 (116)
Chesteshwar Pujarac Mendis b Kumara15 (35)
Virat KohliNot Out103 (136)
Ajinkya RahaneNot Out23 (18)
Ravinchandran Ashwin
Wriddhiman Saha
Hardik Pandya
Ravindra Jadeja
Mohammed Shami
Umesh Yadav
TotalExtras (4)240/3 (53 overs)
Sri Lanka - BowlingOMRW
Nuwan Pradeep122630
Dilruwan Perera150671
Lahiru Kumara121591
Rangana Herath90340
Danushka Gunathilaka50161
[/vc_column][/vc_row]