2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයගෙන තරග දෙකක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියි.
කෙසේ නමුත් දැන් විය යුතු දේ හා සිදු වෙන්නට තිබෙන සිදුවීම් සිදුවී හමාරය. ඒවා තවත් දරුණු වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඒවාට ඉතාමත් හොඳින් සූදානම් වීම නම් කළ යුතුමය.
ජයකිෂන්ගේ ඔලුව පැලූ වෝනර් සමාව ඉල්ලයි
“මට සමාවෙන්න” යැයි පසුගිය වසරේ දී ලෝවැසි ක්‍රිකට් ……….
එංගලන්තය මේ දක්වා ඔවුන් මුහුණ දුන් තරග 5න් තරග 4ක් ජයගෙන තිබෙන නමුත් පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට ඔවුන්ට සිදු විය.
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය

Photos: CWC19 – Sri Lanka training session ahead of England match
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලදී ශ්‍රී ලංකාව හා එංගලන්තය දස වතාවක් මුණගැසී තිබෙන අතර එහි දී තරග 6-4ක් ලෙස එංගලන්තය පෙරමුණේ සිටි නමුත් ගෙවී ගිය වසර 4ක කාලය තුල පැවති ලෝක කුසලාන මුණගැසීම් වල තරග සියල්ලම ජයගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

එසේම එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරග 2ක් ක්‍රීඩා කර තිබේ. එසේම දිමුත් අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර එක්දින තරග 4 තුළ ලකුණු 256ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 86කට ආසන්න ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
ජෝ රූට්

ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 121 ඉහළම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 57.11කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන යමින් සිටියි.
ලෝක කුසලාන ක්‍රිකට් තරග 11ක් ක්‍රීඩා කර තිබෙන රූට් එහි දී ලකුණු 569ක් රැස්කරගෙන තිබෙන්නේ 63.22ක් වැනි ඉහළ මට්ටමේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
Video – ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවාගත් එකම ශ්‍රී ලාංකිකයා – උපුල් චන්දන
1994 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්……….
කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 13ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු එංගලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 15ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 18කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන එංගලන්ත පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
ජෝස් බට්ලර්

ඔහු තරග 24ක දී ඉනිම 18කට සහභාගි වෙමින් ලකුණු 564ක් රැස්කරගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක තුනක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි. අවසන් පන්දුවාර කිහිපය තුල ඔවුන්ගේ කණ්ඩායමට වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කර දීමට හැකි බට්ලර් ජාත්‍යන්තර එක්දින පිටියේ තරග 136කට සහභාගී වී ලකුණු 3718ක් වාර්තා කරගෙන ඇත්තේ 41.77ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
තවද පන්දු රැකීමෙන් ද යම් අකාරයක පීඩනයක් එලල කිරීමට හැකි ක්‍රීඩකයෙකු ලෙස බට්ලර් හැඳින්විය හැකිය.
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

තම සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන මාලිංග ජාත්‍යන්තර එක්දින තරග 221ක දී කඩුලු 326ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 5.35ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.
මේ වන විට වයස අවුරුදු 35ක් වන මාලිංග එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරග 29ක දී කඩුලු 44ක් දවාගෙන තිබෙන්නේ 28.20ක් පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
ඉන්දීය ප්‍රබලයෙකු සංචිතයෙන් ඉවත් කරයි
ඉන්දීය ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල ……….
මාර්ක් වූඩ්

දකුණතින් වේගපන්දු යවන මාර්ක් වූඩ් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 45කට සහභාගී වෙමින් කඩුලු 52ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගත් කඩුලු කිසිවක් නොමැත. එංගලන්ත පිතිකරණ බල ඇණියේ පසුපෙළ ද සවිමත් කළ හැකි පිතිකරුවෙක් ලෙස වුඩ්ව හඳුන්වා දිය හැක.
ඉසුරු උදාන

වමතින් මද වේගපන්දු යවන උදාන මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 9කට සහභාගී වෙමින් කඩුලු 6ක් දවාගෙන ඇත්තේ එංගලන්තය සමඟ එක් එක්දින තරගයක් හෝ ක්‍රීඩා නොකරමිනි. එසේම 40-50 අතර පන්දුවාර යැවීම සඳහා උදානව භාවිතා කිරීම ඉතාමත් හොඳ තීරණයක් බව දත්ත අනුව පෙනේ.
ජොෆ්රා ආචර්

එංගලන්ත කණ්ඩායම මෑතක දී සොයා ගත් නවතම සොයා ගැනීමක් හා ආයෝජනයක් වන දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ආචර් වැඩි වේගයකින් යුතුව පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙකි. ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ වේගවත්ව බවුන්සර් පන්දුවයි.
ජෝෆ්රා ආචර් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 8ක දී කඩුලු 15ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 4.86ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
තවමත් වයස අවුරුදු 24ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දිය හැක.
ලීඩ්ස් පිටියේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින මතකයන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වා ඇති එක්දින තරග ඉතිහාසය පිරික්සා බලද්දී 1983 වර්ෂයේ සිට මේ දක්වා ලීඩ්ස් ක්‍රිකට් පිටියේ දී එක්දින තරග 4කට සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකාව හා එංගලන්තය තරග 2ක බැගින් ජයග්‍රහණය කර තිබේ.
තණතීරුව හා අවට කාලගුණය
මේ දිනවල ලීඩ්ස් අවට කාලගුණ තත්වය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා උචිත තත්වයක පවතින නමුත් සෙල්සියස් අංශක 14ත්–18ත් අතර තරමක අඩු උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය.
සවස් කාලයේ වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් ඇති අතර මෙම තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ද වෙන්කර නොමැත. ප්‍රේක්ෂකයින් 17,000කට පමණ අසුන් ගැනීමට හැකි මේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දුවට පහර දීම තෝරාගනු ඇත.
සංචිතයන්
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ.
එංගලන්තය: ජේසන් රෝයි, ජෝ රූට්, ජෝස් බට්ලර්, ඔයින් මෝර්ගන් (නායක), මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ජේම්ස් විනිස්, අදිල් රෂීඩ්, ජොනි බෙයාර්ස්ටෝව්, මාර්ක්ඩ් වුඩ්, ජොෆ්රා ආචර් , ලියම් පලන්කට්, ටොම් කරන්, ලියාම් ඩෝසන්
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග.
එංගලන්ත කණ්ඩායම: ජොනි බෙයාර්ස්ටෝව්, ජෝ රූට්, ජෝස් බට්ලර්, ඔයින් මෝර්ගන් (නායක), ජේම්ස් විනිස්, මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, අදිල් රෂීඩ්, මාර්ක්ඩ් වුඩ්, ජොෆ්රා ආචර්, ක්‍රිස් වෝක්ස්
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමුවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 5720ක් සමඟ ප්‍රසාද ලකුණු 124ක් දිනාගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනාගෙන සිටින්නේ ලකුණු 3266ක් සමඟ ප්‍රසාද ලකුණු 76ක් දිනාගෙනය.
ශ්‍රේණිගත කිරීම්වලින් ද එංගලන්තය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුළ හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළ හොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
- ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 1 – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 6 – ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















