ජයකිෂන්ගේ ඔලුව පැලූ වෝනර් සමාව ඉල්ලයි

2432

“මට සමාවෙන්න” යැයි පසුගිය වසරේ දී ලෝවැසි ක්‍රිකට් ප්‍රජාවගෙන් ඉල්ලා සිටි ඩේවිඩ් වෝනර් හට යළි සමාව ඉල්ලීමට සිදුව තිබේ. එහෙත් මෙවර ඔහුට සමාව ඉල්ලීමට සිදුව ඇත්තේ එක් අයෙකුගෙනි. ක්‍රිකට් තහනමකින් පසුව නැවත පැමිණ තම පිතිකරණ රිද්මයේ ඉහළින් රැඳී සිටින ඩේවිඩ් වෝනර් විසින් ජයකිෂන් ප්ලාහාගේ හිසට පන්දු පහරක් එල්ල කළේ පසුගිය ජුනි 09 වැනිදායි.

ත්‍රස්ත ප්‍රහාරය ආශීර්වාදයක් කර ගත් බංග්ලාදේශය මෙන්…

දිනය 2015 මාර්තු 15 වැනි සිකුරාදා ය. නවසීලන්තයේ ……

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිද්ධිය සිදු වූයේ පසුගිය ඉන්දියා – ඕස්ට්‍රේලියා තරගයට පෙරාතුව ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පුහුණුවීම් වල යෙදෙමින් සිටින අතරතුරයි. ඔස්ටර්ලි ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයෙකු වන ජයකිෂන් ප්ලාහා, BBC වෙත සිද්ධිය හෙළි කළේ මෙලෙසයි.

ඒක ෆුල් (full toss) බෝලයක්. ඇතුළට ස්වින්ග් (swing) වුනා. ඔහු (වෝනර්) ඒකට ගොඩක් හයියෙන් ගැහුවේ නෑ, හැබැයි හොඳට ටයිම් වුනා. ඒක හරියටම කල් මැනපු පහරක්. එතකොටත් මම ෆලෝ තෲ (follow through) එකේ හිටියේ. මම ඔලුව උස්සනකොටම මම දැක්කා බෝලේ එනවා.”

මම අයින් වෙන්න උත්සාහ කළා. මොකද ඒක මගේ ඇහේ හරි නහයේ හරි වැදෙන්න ඉඩ තිබුණා. ඒක මගෙ ඔලුවේ උඩ හරියේ වැදුණා. මම බිම වැටුණා. එතනින් පස්සේ මට මතක කට්ටිය වටවෙනවා විතරයි.”

පන්දුව වැදීමෙන් අනතුරුව ජයකිෂන් බිම ඇද වැටුණ ද ඔහු සිහිමුර්ජා නොවූ බව ඔහු කීවේය.

මට සිහිය තිබුණා. ඒ නිසා මට සිද්ධිය සම්පූර්ණයෙන්ම වගේ මතකයි. මට වෝනර්ලා තුන් දෙනෙක් ඉන්නවා පෙනුණා. මම ගැඹුරු හුස්ම කිහිපයක් ගත්තා. මගේ අත්දෙකේ ලේ ටිකක් තිබුණා, ඒක නම් පොඩ්ඩක් බය දනවන එකක්. ඒත් මම ධනාත්මකව ඉන්න උත්සාහ කළා.”

මාව බිම දිගා කළහම මට ඇඟේ දකුණු පැත්ත නොදනී ගියා. වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතාම ඉක්මණින් මාව එතනින් ඉවතට ගෙන ගියා. ඒ ගැන මම කෘතවේදී වෙනවා.” ඔහු කීවේය.

ඕවල් ක්‍රීඩාංගණයේ දී සිදු වූ සිද්ධියෙන් දින තුනක් රෝහල්ගතව සිටි ජයකිෂන්, පුවතක් ලෙස ලොව පුරාම සැරිසරන්නට පටන් ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ නේපාලයෙන් පවා ඔහුට දුර ඇමතුම් ලැබුණු බව ඔහු කියයි. එහෙත් ඒ පුවත පන්දුව වැදීමක් පිළිබඳ පමණක්ම නොවුණි. ඔහුගේ හිස්කබලේ ඉරි තැලීමක් සිදුවී තිබේ. ඒ පිළිබඳව ජයකිෂන් විසින් වෝනර්ව දැනුවත් කෙරුණේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයට පෙර ඔවුන් හමු වූ අවස්ථාවේ දීයි.

static.ultrasports.tv – දෙදෙනා හමුවූ අවස්ථාවේදී වෝනර් විසින් ඔහුගේ නම සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ අත්සන් සහිත ඕස්ට්‍රේලියානු නිල ජර්සියක් ජයකිෂන් හට පිරිනැමුණි.

මට සමාවෙන්න ලොක්කා” වෝනර් එසේ කියූ බව ජයකිෂන් කියයි.   

ඒ වෙලාවේ දී කවුරුවත් හිස් කබලේ ඉරිතැලීම ගැන දැනගෙන හිටියේ නෑ. ඒ වගේම මට ඒක කැමරාවලට කියන්න අවශ්‍ය වුනෙත් නෑ. ඉතින් ඒක මම ඔහුගේ කනට කොඳුරලා කිව්වා.”

ඔහු (වෝනර්) මගේ අම්මට දුරකතනෙන් කතා කරලා සමාව ඉල්ලුවා. ඇය ඔහුට ආශීර්වාද කළා.” ජයකිෂන් කියයි.

සිද්ධියෙන් අනතුරුව වෝනර් යම්කිසි කම්පනයකට පත්ව සිටි බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් විසින් ද පවසා තිබුණි. 2014 ෂෙෆීල්ඩ් පළිහ තරගාවලියේ දී පන්දුවක් හිසේ වැදීමෙන් මියගිය ෆිලිප් හියුස්ගේ හිසේ පන්දුව වදින අවස්ථාවේ දී ද වෝනර් පිටිය මත සිටියේය. ජයකිෂන්ගෙන් යැවුණු පන්දුවට පහර එල්ල කළ පසු ද ඔහුට එයම සිහිවන්නට ඇත.

මම බෝලේ එන මාවතට එන බව දැකලා ඔහු (වෝනර්) කෑ ගැහුවා. ඔහු කම්පනයට පත්වෙලා හිටියේ. ඒක නොසන්සුන් වෙලාවක්. ඒත් මම දැක්කා ඔහු අවුලෙන් හිටපු බව.” ජයකිෂන් අවස්ථාව සිහිකළේය.

newsapi.com.au – සිද්ධියෙන් පසුව වෝනර් සිටියේ නොසන්සුන්ව ය

ඔහු රෝහල්ගත වීමෙන් පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ කාර්යමණ්ඩලය විටින් විට ඔහුගේ සුවදුක් විමසමින්, ඔහුව හමුවීමට පැමිණෙමින් ශක්තියක් වී ඇත.

ඔවුන් මට හැමදාම කතා කළා මම හොඳින් ද විමසීමට.” එය සෑමදෙනාටම පහසුවෙන් ලැබෙන අවස්ථාවක් නොවන බව ජයකිෂන් හොඳින් දනියි.

මගේ අම්මා කඩේට බඩු ගන්න ගිහාම එහෙ අයත් කියලා තිබුණා ඇගේ පුතා ජනප්‍රිය කෙනෙකු බව. ඒත් මට අවශ්‍ය නැහැ බෝලේ වැදුණු කෙනාහැටියටම මාව මතක තියෙනවට.” ජයකිෂන් පවසන්නේ සිනාසෙමිනි.

දැල් තුළ පන්දු යවන්නෙකු ලෙස එංගලන්ත, පාකිස්තාන, බංගලාදේශ, නවසීලන්ත, ඇෆ්ගනිස්තාන ආදී රටවල් වල පිතිකරුවන්ට පන්දු යවා ඇති ජයකිෂන්, ඉරි තැලුණු හිස්කබලක් සහිත වුවද සැහැල්ලු මනසක් ඇති අයෙකි. සම්පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව දැල් තුළ පන්දු යවන්නන් වෙනුවෙන් තමන්ට ආරක්ෂක උපාංගයක් නිර්මාණය කළ හැකි දැයි සිතා බැලිය හැකි බව ද ඔහු පවසයි.

Video – එංගලන්තයේ තුන් ඉරියව් “ගල්පාත” – Andrew Flintoff

වේගපන්දු යවන, පන්දුවට පහර දෙන, හොඳින් පන්දු රකින ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්.

ඔවුන්ට පුළුවන් නම් බරින් ඉතාම අඩු එකක් හදන්න, ගෝල රකින පෙටර් චෙක්ගේ එක වගේ”

ඔහු වේගපන්දු යවන්නෙකු වන නිසා බර පටවා ගෙන ක්‍රීඩා කිරීමේ නොකැමැත්ත සහ ක්‍රීඩාවේ අවදානම ගැන ඔහු මෙසේ සිහිකළේය.

වේගපන්දු යවන්නෝ ඔවුන් මත බර දාගන්න කැමති නැහැ. අපිට සැහැල්ලුවෙන් ලස්සනට තියෙන්න ඕන. පන්දුව වැදෙන්න තියෙන අවස්ථා බොහොම අඩුයි. නමුත් ඒ අවදානම තිබෙනවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<