නැවුම් බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාව මංගල තරගයට

839

14 වන වතාවටත් පැවැත්වෙන “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන ක්‍රිකට් තරගයෙන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනවා.

සනත්ට මුරලිට තවමත් එක හිමි ආසියානු කුසලානයේ වාර්තා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (15) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ

  • ආසියානු කුසලාන තරගාවලියේ ඉතිහාසය

1984 සිට ක්‍රියාත්මක වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් 13 වතාවක් පවත්වා තිබෙනවා. ඒ අතරින් ඉන්දීය කණ්ඩායම 6 වතාවක් ශූරතාවය දිනාගෙන සිටින අතර ශ්‍රී ලංකාව පස්වතාවක් ශූරතාවය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඊට අමතරව පාකිස්තානය  දෙවතාවක් ආසියානු කුසලානය ජයග්‍රහණය කර ඇත.

  • ශ්‍රී ලංකා – බංග්ලාදේශ දත්ත

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 44කට සහභාගී වී තිබෙන අතර එයින් තරග 36ක ජය වාර්තා කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී කෝඩුකාර බංග්ලාදේශය ඉන් තරග 6ක ජය හිමිකරගෙන තිබෙනවා. තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

  • ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ දත්ත

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ එක්දින තරග 52කට සහභාගී වී ඉන් තරග 35ක් ජයග්‍රහණය කරමින් 68.62% තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතයක් රඳවා ගනිද්දී, බංග්ලාදේශ කණ්ඩායම තරග 42කට සහභාගී වී ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. ඔවුන්ගේ තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය 16.66% වැනි අගයක පවතී.

ධනුෂ්ක ගුණතිලකට ආබාධයක්; වෙනත් අයෙක් සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ආසියානු කුසලාන ක්‍රිකට්

  • අවධානය දිනාගන්නා ක්‍රීඩකයින්

උපුල් තරංග හා තමීම් ඉක්බාල්

නිමා වූ “SLC T20” ක්‍රිකට් තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණෙමින් වේගයෙන් ලකුණු රැස්කළ උපුල් තරංග මේ තරගයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වනු ඇත. තැනට සුදුසු ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් වන තරංගට ඉතාමත් ඉක්මනින් තරගයක් වෙනස් කිරීමට හැකියාව පවතිනවා.

බංග්ලාදේශය සතුව සිටින ප්‍රබල, ප්‍රහාරාත්මක වමත් ආරම්භක පිතිකරුවෙක් වන තමීම් ඉක්බාල් ද බංග්ලාදේශය සතුව සිටින ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් මේ තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය තවමත් තහවුරු වී නොමැත්තේ ඔහු යම් ආබාධයකින් පසුවීම නිසාවෙනි.

තරංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 228කට ක්‍රීඩා කරමින් ලකුණු 6873ක් ලබාගෙන ඇත්තේ 35ක් වැනි හොඳ මට්ටමක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 182ක් ක්‍රීඩා කරමින් ලකුණු 6305ක් ලබාගෙන ලකුණු 36කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ඇත.

  • තිසර පෙරේරා හා මහමදුල්ලා

තිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ මැදපෙළ සවිමත් කරන්න පුළුවන්කම තියන තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුට තරගය පවතින වාතාවරණය අනුව ඉක්මනින්ම හැඩගැසීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම මහමදුල්ලා ද ඒ හා සමාන තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දකුණතින් මද වේගපන්දු යවන තිසර ජාත්‍යන්තර ක්‍රිකට් තරග 138ක් ක්‍රීඩා කරමින් ලකුණු 1734ක් ලබාගන්නා විට විට පන්දු යැවීමෙන් කඩුලු 156ක් දවාගෙන තිබෙනවා.

මහමදුල්ලා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 156ක් ක්‍රීඩා කරමින් ලකුණු 3437ක් ලබාගෙන ඇති අතර දකුණතින් පිට දඟපන්දු යවන මහමදුල්ලා කඩුලු 70ක් දවාගෙන තිබෙනවා. මේ තරගයේ දී ශකිබ් අල් හසන් ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩකඩක් ඇති නිසා මහමදුල්ලා හට බංග්ලාදේශ කණ්ඩායමේ වැඩි වගකීමක් හිමිවනු ඇත.

  • ලසිත් මාලිංග හා මෂ්රෆි මොර්ටාසා

වසරක පමණ විරාමයකට පසුව නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට වරම් දිනා ගත් ලසිත් මාලිංගගේ දස්කම් දෙස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පමණක් නොව මුළු ලෝකයේම ප්‍රේක්ෂකයින් අවධානයෙන් සිටීම පුදුමයට කරුණක් නොවේ.

මෂ්රෆි මොර්ටාසා බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයේ වගකීම් ද සමඟින් හෙට තරගයට අවතීර්ණ වේ. ලසිත් මාලිංග හා මෂ්රෆි මොර්ටාසා යන දෙදෙනාම කඩුලු 245කට වඩා දවාගෙන තිබෙන අතර මාලිංග කඩුලු 301ක් දවාගෙන තරගයේ සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා ලෙස හෙට තරගය සඳහා අවතීර්ණ වෙනු ඇත.

අපේක්ෂිත ශ්‍රී ලංකා සංචිතය: ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

අපේක්ෂිත බංග්ලාදේශ සංචිතය: මෂ්රෆි මොර්ටාසා (නායක), ලිට්න් ඩාස්, මුස්ටෆයිසර් රහමාන්, ශකිබ් අල් හසන්, රුබෙල් හුසේන්, තමීම් ඉක්බාල්, මොමිනුල් හක්, මුෂිෆිකර් රහීම්, මහමදුල්ලා, මොස්දෙක් හුසේන්, මෙහෙදි හසන්

  • ඩුබායි තණතීරුව හා කාසියේ වාසියේ වැදගත්කම

කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දු යැවීම තෝරාගනු ඇත. එසේම මේ දිනවල ඩුබායි අවට දේශගුණික තත්වය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් හොඳ තත්වයක පවතින අතර සෙල්සියස් අංශක 30 – 35 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය.

  • අවසන් නිගමනය

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග ඉතිහාසය බැලූ විට ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරින් බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි. එසේ ක්‍රීඩා කරන කණ්ඩායමට නිසැක වශයෙන්ම තරගය ජය ගැනීමට හැකිය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය හෙට (15) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<