දික්වැල්ලගේ අර්ධ ශතකය සමඟින් ලංකාව පෙරමුණේ

3832

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගය පසුගිය 30 වැනිදා ආරම්භ වූ අතර එම තරගයේ දෙවන දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබාගෙන සිටියි.

පුහුණු තරගයේ දී චන්දිමාල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කෙරෙන..

ඊයේ (31) දිනයේ තරගය ආරම්භ කරන විට පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටි අතර එක් අන්තයක නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 26*ක් ලබාගෙන සිටියේය.

දිනය ආරම්භ කරමින් වමතින් පිත්ත හසුරුවන නිරෝෂන් දික්වැල්ල හා අකිල දනංජය පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා අතරේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනැංවිණි. එහි දී අකිල ලකුණු 30ක් ලබාගෙන සිටිය දී දකුණතින් පිට දඟපන්දු යවන රාකීම් කෝන්වල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී ගියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ පසුපෙළ හා මැදපෙළ සවිමත් කළ පිතිකරුවා බවට පත්වූ කඩුලු රකින පිතිකරුවෙකු දික්වැල්ල, ජොමාල් වැරිකන් එවූ පන්දුවකට හරවා ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් සිය වටිනා කඩුල්ල අහිමි කරගත්තේය. ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දික්වැල්ල දැවී ගියේ ලකුණු 73ක් ලබාගෙනයි. ඔහුගේ ඉනිමට 4 පහර 8ක් අන්තර්ගත විය.

තිසර ලෝක කණ්ඩායමේ නම්බුව බේරයි; ජය කොදෙව්වන්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය…

අවසන් කඩුලු 3 ලකුණු 24ක් තුළ දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත් වූ අතර ලහිරු ගමගේ සටන්කාමී පිතිකරණයක නිරත වූයේ ලකුණු 22ක් ලබාගෙනයි.

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන ජෝන් කැම්බල් හා නායක කිරාන් පවෙල් පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් හා සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දුවාර 14ක් තුළ සිය කණ්ඩායම් ලකුණු පුවරුවට ලකුණු 98ක් එක් කරමිනි. එම සබඳතාවය අවසන් කළේ දිල්රුවන් පෙරේරා විසිනි. කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වී කැම්බල් දැවී යන විට ලකුණු ලකුණු 62ක් ලබාගෙන සිටියේ වර්ණවත් 4 පහර 11ක් සිය ගිණුමට අන්තර්ගත කරමිනි.

දෙවන කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවීමට පවෙල් හා ශම්රා බෘක්ස් සමත් වූයේ තරගයේ වැඩි ආධිපත්‍යය සත්කාරක දේශයට හරවමිනි. නමුත් නැවතත් ක්‍රියාත්මක වූ දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා එම සබඳතාවයට ද තිත තැබුවේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ද සහය ඇතිවයි. එහි දී මැතිව්ස්  4 පහර 7ක් සමඟ ලකුණු 60ක් ලබා සිටි නායක පවෙල්ව දුවද්දී දවා ගැනීමට සමත් විය.

එතැනින් නොනැවතුන මැතිව්ස් සිල්ප් කලාපයේ සිට රැක ගත් දක්ෂ උඩ පන්දු නිසා ලකුණු 28ක් ලබාගෙන සිටි බෘක්ස්ගේ කඩුල්ල දවා ගැනීමට අකිල ධනංජයට හැකියාව ලැබුණි.

නැවතත් ක්‍රියාත්මක වූ අකිල ලහිරු කුමාර හා එක්වෙමින් කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් වූ දකුණතින් පිත්ත හසුරුවන විශාල් සිං (12) හා සුනිල් අම්බ්‍රිස් (13) දවා ගත්තේ ඔවුන්ගේ අත තිබූ වාසිය නැවතත් ශ්‍රී ලංකාව දෙසට හරවාලමිනි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන අකිල දනංජය ලකුණු 43කට කඩුලු 3ක් දවා ගන්නා විට වේගපන්දු යවන ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගන්නා ලදි. නොදැවී පිතිකරණයේ නිරත වන  රාකීම් කෝර්න්වෝල් ලකුණු 23*යි.

ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…

තරගයේ දෙවන දිනය අවසන් වන විට කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබාගෙන සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 205ක් පසුපසින් පසුවෙයි.

මෙම තරගයේ තීරණාත්මක හා අවසන් දිනය අද (1) පැවැත්වේ. එහි තරග වාර්තාව ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 428/10 (119.4): දිනේෂ් චන්දිමාල් 108, නිරෝෂන් දික්වැල්ල 74,, කුසල් ජනිත් පෙරේරා 65, ඇන්ජලෝ මැතිව්ස් 41, අකිල දනංජය 30, ජොමෙල් වැරිකන් 4/81, රාකීම් කෝර්න්වෝල් 3/124.

බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිම – 223/7 (60): ජෝන් කැම්බල් 62, කිරාන් පවෙල් 60, ශම්රා බෘක්ස් 29, රාකීම් කෝර්න්වෝල් 23*, අකිල දනංජය 3/43, ලහිරු කුමාර 2/37.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<