ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ප්‍රථම ජය වාර්තා කරයි

514
Sri Lanka Vs Malaysia - Asia U19 Rugby Championship 2016

මැලේසියාවේ ක්වලාලම්පූර් නුවර යූපීම් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන ආසියානු ශූරතා කනිෂ්ඨ රග්බි තරගාවලියේ පළමු දිනයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයින් අද (11) සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ජය වාර්තා කරයි

සති 5 ක් පුරා අත්විඳි පරාජයේ වේදනාව මදක් සමනය කර ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය…

මැද පෙළ ආදේශක ක්‍රීඩකයෙකු වශයෙන් අද තරගයට එක් වූ තනුජ මදුරංග විසින් දෙපිළටම දෝලනය වෙමින් පැවති තරගයේ ජය ශ්‍රී ලංකා නාමය යටතට ගෙන එන්නට සමත්විය. ඒ තරගයේ අවසාන මිනිත්තු කිහිපයේදී ලබා ගත් උත්සාහක දිනුමත් සමගිනි. ලකුණු 27-21 ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සත්කාරක මැලේසියානු පිළ පරදවමින් මෙම ජයග්‍රහණය දිනා ගනු ලැබීය.

ඊයේ දිනයේදී ක්‍රීඩාංගනය වෙත ඇද හැලුනු අධික වර්ශාවත් සමඟ පිටියේ මඩ ස්වභාවයක් හා තෙතබරිත ස්වභාවයක් දක්නට ලැබුණු අතර දෙපිළේම ක්‍රීඩකයින් එය බාධාවක් කර නොගනිමින් කරට කර ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. පන්දුව ලබා දීම හා ලබා ගැනීමේ සිට දෙපිලම ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරමින් ක්‍රීඩා කලත් මැලේසියානූ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ශක වළල්ල බිද දැමීමට විශාල උත්සහායක නිරත වන ආකාරයක් තරගයේදී දක්නට ලැබුනි. මැලේසියානු කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක සුල්ෆිකර් රසාලී විසින් තරගයේ වාසිය මැලේසියානු පිල වෙත ප්‍රථම අර්ධයේදී ඈදා ගැනීමට සමත් විය.

ෆුල් බැක් ක්‍රීඩක ගයාන් වික්‍රමරත්න ලංකාව වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබීය. ඒ තරගයේ 15 වන මිනිත්තුවේදී මීටර 25ක් පසුපස සිට දඬුවම් පහරකින් ලකුණුක ලබා ගනිමිනි. ඒ මැලේසියානු ක්‍රීඩකයින් විසින් නියමිත පැතිකඩේ (ඕෆ් සයිඩ්) සිට ක්‍රීඩා නොකිරීමේ වරද නිසාවෙනි.

ඉන් අනතුරුව මිනිත්තු 04කින් පසුව නැවතත් ලකුණු වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්විය. වික්‍රමරත්න විසින් ලබා ගත් එම උත්සාහක දිනුම සඳහා වින්ග් ක්‍රීඩක රොමේශ් ප්‍රියන්කර විසින් ලබාදෙනු ලැබූ සහයෝගය එහිදී කැපී පෙනුනි. ඈතින් ඇදී ආ පන්දුව අතිවිශිෂ්ට ලෙස ලබාගනිමින් වේගය හා කාලය මනාව එක්කොට ගනිමින් පන්දුව වික්‍රමරත්න වෙත ලබා දෙමින් දක්ශ අන්දමේ ක්‍රීඩා විලාසයක් පෙන්නුම කිරීමට රොමේශ් සමත් විය.

කෙසේ හෝ වේවා මැලේසියානු ක්‍රීඩකයන් ඔවුන්ගේ මවුබිමේ සහයෝගයත් සමඟ ක්‍රීඩා කරද්දී තරගයේ පීඩනයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නාවූ ආකාරයක් පෙනී යන ලදී. යම් ආකාරයක අවිනීත ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල ශලින්ද්‍ර අලහකෝන් වෙත කහ කාඩ්පතක් නිකුත් කිරීමෙන් අනතුරුව නැවත නැවතත් එලෙස හැසිරීම නිසාවෙන් රතු කාඩ්පතක් නිකුත් කොට තරගයේ 24වන මිනිත්තුවේදී විනිසුරු විසින් පිටියෙන් ඉවත් කරනු ලැබීය.

එහි වාසිය ලබා ගත් මැලේසියානු ක්‍රීඩකයින් විසින් නැවතත් ලකුණු රැස් කිරීමට උත්තේජනයක් ගනු ලැබීය. යම් ආකාරයක මන්දගාමීත්වයක් මෙම අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් දිස් වූ අතර ප්‍රොප් ක්‍රීඩක ආකිල් සකාරියා සමඟ එක්වූ ෆ්ලයි හාෆ් ක්‍රීඩක සුල්ෆිකර් රසාලි විසින් මැලේසියානු පිල ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගෙනෙනු ලැබීය. තරගයේ 32වන මිනිත්තුවේදී ෆල්යි හාෆ් ක්‍රීඩක සුල්ෆිකර් රසාලී විසින් ලබා ගත් දෙවන උත්සාහක දිනුමත් සමඟ තරගයේ ප්‍රථම අර්ධයේදී ලකුණු 14-08ක් ලෙසින් පෙරමුණ ගැනීමට සත්කාරක මැලේසියානුවන් සමත්විය. විශේෂයෙන් එම අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අනාරක්ශිත තරග රටාවකින් යුතුව තරග කරන ආකාරයකුයි පෙනී ගියේ. සත්කාරකයින් විසින් ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබා ගනිමින් තරගයේ පීඩනය ලංකා ක්‍රීඩකයින් වෙත ලබා දෙමින් ක්‍රීඩා කලත් තමන්  කවදත් ආසියානු රග්බි නාමයේ පෙරටුගාමීන් බවට පසක් කරමින් ක්‍රම ක්‍රමයෙන් නැවතත් ලංකා ක්‍රීඩකයින් ලකුණු රැස් කිරීම ආරම්භ  කරනු ලැබීය.

ප්‍රථම අර්ධය: මැලේසියානු පිල 14 – 08 ශ්‍රී ලංකා පිල

ප්‍රථම අර්ධයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් තරග රටාවට අනුව යමින් දෙවන අර්ධයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවතීර්ණ විය.

ශ්‍රී ලංකා පිලේ ආදේශක හුකර් ක්‍රීඩක සයන් සාබර් විසින් ලබා ගන්නට යෙදුනු විශිෂ්ට උත්සාහක දිනුම් අවස්ථාවක් මගහැරී යනු ලැබුවේ ඔහු විසින් උත්සාහක දිනුම් තීරය ආසන්නයේදී ඇදවැටීම හේතුවෙනි. කෙසේ හෝ එම උත්සාහක දිනුම් අවස්ථාව ලබා ගැනීම සඳහා මැලේසියානු ක්‍රීඩකයින් උත්සහා ගනු ලැබූවත් එය ව්‍යවර්ත කරමින් නැවතත් තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. මැලේසියානුවන් විසින් මෙතෙක් තමන් වෙත ලබා දුන් තරගයේ පීඩනය නැවත ඔවුන් වෙත ලබා දෙමින් ලකුණු රැස් කිරීමේ සටනක යෙදුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ 55 වන මිනිත්තුවේදී නැවතත් ලකුණු අතරට ඒමට සමත් විය.

ඒ වික්‍රමරත්නගේ හා නිඛිල් ගුණදීරගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය පල දරමින්. දෙවන අර්ධයේදී නැවතත් ලකුණු අතරේ ඉදිරියට ඒමට ශ්‍රී ලංකා පිල සමත් වූයේ මැලේසියානු පිලට එරෙහිව එක් ලකුණකින් ඉදිරි පියවර තබමිනි.

මෙම තරගයේදී දෙපිලේම දක්ශතා මැනවින් පෙන්නුම් කෙරුනත් දෙවන අර්ධයේදී කරට කර තරගයක් ලබා දෙමින් සෑම මිනිත්තුවකදීම අනෙක් කණ්ඩායම අභිබවා යමින් ලකුණු රැස් කිරීමේ පිපාසයකින් යුතුව දෙපිළම ක්‍රීඩා කරන බවක් දකින්නට ලැබිණි.

මැලේසියානු ෆුල් බැක් ක්‍රීඩක මොහොමඩ් නසීර් විසින් පැනල්ටි පන්දු අවස්ථාවක් ලබා ගත් අතර අවාසනාවකට එය අන්තයෙන් එපිටට ඇදී යාම හේතුවෙන් එම ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ඔවුනට මගහැරී ගියේය. එහෙත් එයින් නොනැවතුනු සත්කාරකයින් ඔවුන්ගේ හැකියාවන් තරගයේ 66වන මිනිත්තුවේදී නැවතත් පෙන්නුම් කිරීමට සමත් විය.

ඒ ඔවුන්ගේ අංක 08 ක්‍රීඩක නසීර් විසින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමත් සමඟයි. තරගයේ 68වන මිනිත්තුවේදී ලකුණු පුවරුව දැක්වූයේ ලකුණු 21-15 ක් ලෙසින් ලකුණු 06ක වෙනසක් තුලින් මැලේසියානුවන් ඉදිරියෙන් තබමිනි.

වැඩි වේලාවක් එම ලකුණු පුවරුව එයාකාරයෙන් තැබීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩකයින් ඉඩහසර ලබා නොදුන්නේ පෙර දැක නුපුරුදු ආරක්ශිත හා දක්ෂ අන්දමේ තරග විලාසය පෙන්නුම් කරමිනි. ශ්‍රී ලංකා ආරක්ශිත වළල්ලත් සමඟ ඉදිරියට පැමිණි අදීශ වීරතුංග උත්සාහක දිනුමක් ලබා ගනු ලැබූවේ ඔහු ඇතුලු කණ්ඩායමේ හැකියාවන් යටපත් කල නොහැකි බව මැලේසියානු ක්‍රීඩකයන් හට පසක් කරමින්.

කාලය ක්‍රම ක්‍රමයෙන් ගෙවී යත්දී එක් ලකුණක් පසුපසින් හිද ජයග්‍රාහී මාවත ඔස්සේ ලකුණු රැස් කරමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සාහා දරත්දී සත්කාරක මැලේසියානුවන් ප්‍රතිවාදී ලංකා ක්‍රීඩකයින් වෙත ලකුණු ලබා ගැනීමේ අවස්තාවන් මගහරවාලන්නට උත්සාහා දරන ආකාරයක් දක්නට ලැබුනි.

එහෙත් ආදේශක මැද පෙළ ක්‍රීඩක තනුජ මදුරංග පීඩනය මධ්‍යයේ ක්‍රීඩා කල ආකාරයත් ජයග්‍රාහී ලකුණු ලබා ගැනීමත් මෙහිදී කැපී පෙනුනි. ෆුල් බැක් ගයාන් වික්‍රමරත්නගේ සහ රමේශ් ප්‍රනාන්දුගේ සුසංයෝගයෙන් පන්දුව ප්‍රතිවාදීන් මගහරිමින් ඉදිරියට ගෙනා අතර විද්‍යා විද්‍යාලයේ මැද පෙළ ක්‍රිඩකයා විසින් ජයග්‍රාහී මාවත ශ්‍රී ලංකා පිල වෙත ලබා දීමත් සමඟ සත්කාරක මැලේසියානු පිලේ බලාපොරොත්තු බිද දමමින් පළමු දිනයේ ප්‍රථම ජයග්‍රහණය තම මවුබිමේ නාමයෙන් ලියා තබන්නට ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයින් සමත්වූහ.

අවසන් ලකුණු තත්වය: මැලේසියානු පිල 21-27 ශ්‍රී ලංකා පිල

තරගයේ වීරයා – මැලේසියානු කණ්ඩායමේ අකීල් සකාරියා

ලකුණු ලබා ගැනීම – මැලේසියාව 21(14)

  • උත්සාහක දිනුම් – අකීල සකාරියා ,නොම්මර 05 හා 08.
  • ප්‍රවර්තන – සුල්ෆිකර් රාසාලි (02) ,එම්.නසීර් (01)

ලකුණු ලබා ගැනීම ශ්‍රී ලංකාව –  27(08)

  • උත්සාහක දිනුම්: ගයාන් වික්‍රමරත්න, නිඛිල් ගුණධීර, අදීශ වීරතුංග, තනුජ මදුරංග
  • ප්‍රවර්තන ගයාන් වික්‍රමරත්න (2) සන්දේශ් ජයවික්‍රම (1)
  • දඬුවම් පහර: ගයාන් වික්‍රමරත්න

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට

WATCH MATCH REPLAY