තරග පහකින් යුත් ඉන්දු – ලංකා යොවුන් එක්දින තරගාවලියේ තෙවැනි තරගය වෙද්දී තරගාවලියේ ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (07) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා වූ සිවු වැනි එක්දින තරගය පරාජය වූවා. ඒ ලකුණු 135කින්. මෙම පරාජයත් සමගින් තරගාවලිය 2-2ක් සේ සම කරමින් අවසාන මහා තරගය තීරණාත්මක තරගයක් බවට පත් කිරීමට සංචාරක ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වුනා.
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් ම පන්දුවට පහර දීම තමන්ගේ කණ්ඩායම සතු කර ගනිමින් කඩුලු 6ක් දැවි ලකුණු 278ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් පමණයි. ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසරණ වූයේ 38 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී.
වාසනාවෙන් ආරම්භ වී අවසානය අවාසනාවක් වූ වසර පහ
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම ශ්‍රී ලංකා……
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන සහ නායක නිපුන් දනංජය කණ්ඩායමේ ජයග්‍රහණය කෙසේ වෙතත් ලැබූ පරාජය ගෞරවනීය එකක් කර ගැනීමට දැක් වූ වෙහෙස කැපි පෙණුනා. ඔවුන් දෙදෙනා එක් ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 60ක්. එය ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වුනා.
නවෝද් පරණවිතාන පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 45ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින්. පළමු කඩුල්ල ලකුණු 4ක් වෙද්දී දැවී යෑම නිසා අසරණ වෙමින් පැවැති ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිටිය දී ඔහුගේ ඉනිම අවසන් වීම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි පාඩුවක් වුනා.
‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ
“පවුල්වාදය” ශ්‍රී ලාංකික අපට හොඳින් හුරුපුරුදු වචනයකි. අප රටේ සෑම අංශයකම ඔඩුදුවා ඇති මෙය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය බැව් දැන් හැඟී…..
ඔහුගේ සේවය අහිමි වීමෙන් පසුව කණ්ඩායමේ වගකීම බාර ගත්තේ නිපුන් දනංජයයි. ඔහුගේ ඉනිම 5 වැනි කඩුල්ල දක්වා රැගෙන ගිය අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව 99ක් වෙද්දී ඔහු දැවී යන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලකුණු 36ක් ලබා සිටියා. එතැන් සිට වූ අනෙක් කඩුලු 5 ලකුණු 44ක් තුළ දවා ගැනීමට ඉන්දීය යොවුන් පන්දු යවන්නෝ සමත් වුනා.
ඉදිරි පෙළ පිතිකරුවන් වූ කමිල් මිෂ්රා (00), සොනාල් දිනූෂ (03) සඳුන් මෙන්ඩිස් (04) සහ නවෝද්‍ය විජේකුමාර (08) අඩු ලකුණුවලට සීමා වෙමින් තම ඉනිම් අහිමිකර ගැනීම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම බවට පත් වුනා. ඒ අතරතුර මුදිත ලක්ෂාන් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලකුණු 18ක් ලබා ගනිමින් ද රුවින් පීරිස් පන්දු 15ක දී හතරේ පහරක් සමගින් ලකුණු 10ක් ලබා ගනිමින් ද ශ්‍රී ලංකා ඉනිම යම්තරමකින් හෝ ගොඩ ගැනීමට දායක වුනා. ඔවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 20ක්.
පසුපෙළ පිතිකරුවන් වූ නිපුන් මාලිංග (00) ශෂික දුල්ශාන් (02*) සහ අවිශ්ක ලක්ෂාන් (09) ද අඩු ලකුණුවලට සීමා වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ඉක්මන් කළා.
පන්දු යැවීමේ දී අයුෂ් බදෝනි සහ හර්ෂ් ත්‍යාගි කඩුලු 3 බැගින් දවා ගත්තා.
අද ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව මෙම එක්දින තරගාවලියේ දි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහිව ඔවුන් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය වුණා. මෙම ඉනිමේ දි ඉන්දිය පිතිකරුවෝ තිදෙනෙක් අර්ධ ශතක ලබා ගනිමින් දැක් වු දක්ෂතාවන් කැපි පෙණුනා.
ආරම්භක පිතිකරු දේව්දුත් පඩික්කල් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71ක් ලබා ගත්තා. එය ඉන්දී ය ඉනිමේ පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වුනා. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස තෙවැනි කඩුල්ල ලෙසින් පඩික්කල්දැවී යන විට ඉන්දිය ඉනිම ලකුණු 148ක් වුණා. දේව්දුත් සහ පවන් ෂා (36) එක් ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 94ක්. එය ඉන්දීය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වුනා.
“SLC T20” තරගාවලියට නව අධ්‍යක්ෂකවරයෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක තනතුර, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන…..
ඉනිමේ දෙවැනි අර්ධ ශතකලාභියා වුණේ නායක ආර්යන් ජුයාල්. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහ5ක් සමගින් ලකුණු 60ක් ලබාගත්තා. ආර්යන් සහ යශ් රතෝඩ් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක් රැස් කළා. රතෝඩ් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 56ක් ලබා ගත්තා.
ඉන්දීය ඉනිම නිමාවෙන විට සමීර් චෞද්රි නොදැවී ලකුණු 24ක් ද මොහොට් ජන්ග්‍රා නොදැවි ලකුණක් ද ලබා සිටියා.
ඉන්දීය ඉනිම පාලනය කිරීම සදහා ශ්‍රි ලංකා නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් යොදා ගත්ත ද ප්‍රතිඵල ලබාගැනීමට සමත්වුයේ සිවු දෛනක් පමණයි. ඒ අනුව අවිශ්ක ලක්ෂාන් සහ සඳුන් මෙන්ඩිස් කඩුලු දෙක බැගින් දවා ගත්අතර නවෝද්‍ය විජයකුමාර් සහ ශෂික දුල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
දෙරට අතර පැවැත්වෙන පස් වැනි සහ අවසාන එක්දින තරගය මේ මස 10 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිත ය.
ඉන්දීය වයස 19න් පහළ කණ්ඩායම; කඩුලු 6ක් දැවී 278 (50.0) අත්‍රව් ටයිඩ් 20, දේව්දූත් පඩික්කල් 71, පවන් ෂා 36, ආර්යන් ජුයාල් 60, යශ් රතෝඩ් 56, සමීර් චෞද්රි 24, අවිශ්ක ලක්ෂාන් 2/48, සඳුන් මෙන්ඩිස් 2/37
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ; සියලුම දෙනා දැවී 143 (37.2) නවෝද් පරණවිතාන 45, නිපුන් දනංජය 36, මුදිත ලක්ෂාන් 18, අයුෂ් බදෝනි 3/35, හර්ෂ් ත්‍යාගි 3/37
ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කරනු ලබන අතර සවිස්තර තරග තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















