ඉන්දීය දඟ පන්දුව සිංහයන් ට හිසරදයක් වෙයි

486
Indian cricket team pose with paytm T20 champions Trophy during the third T20 international match between India and Sri Lanka at the Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium in Visakhapatnam on February 14, 2016. India won the series with 2-1. / AFP / NOAH SEELAM
ඉන්දීය කණ්ඩායම තමා ලබාගත් කුසලානය සමඟ සතුට සමරමින්

පසුගියදා නිමා වු දෙවන පන්දුවාර 20-20 තරඟය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ කණ්ඩායම් දෙකම තරඟ 1-1 ක් ලෙස තරඟාවලිය සම කිරීමත් සමඟ අද තරඟයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් විය.

කෙසේ වෙතත් 3වන T20 තරඟය ද කඩුළු 9කින් ජයග්‍රහණය කල ඉන්දීය කණ්ඩායම තරඟාවලියද ජයග්‍රහණය කරන ලදි . ඒ සමඟ යළිත් ICC ශේ්‍රණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයට පත් විය .

විශාකාපටිටම් හීදී පැවති 3වන පන්දුවාර 20-20 තරඟයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිංදෝනි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා  කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

කෙසේ වෙතත් ප්‍රථම පන්දුවාරය නිමා වන විට තිලකරත්න ඩිල්ශාන් හා නිරෝෂන් දික්වැල්ල, රවිචන්දරන් අශ්වින් ගේ පන්දුවලට ගොදුරු වී නරඹන්නන් බවට පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 8ක් අවසානයේ ලකුණු 48කට කඩුළු 6 ක් දැවී ගොස් තිබිණි. පසුගිය තරඟ දෙකෙහිම හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා සිටි චාමර කපුගෙදර අද තරඟයේ කී්‍රඩා නොකිරීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ දැඩි කතා බහකට ලක්විණි. තවද සම්පත් ගුණරත්නට හා සචිත්ත්‍ර සේනානායක ට ලබා දුන් විනිසුරුවරයාගේ තීරණ ද මතභේදාත්මක වු අතර අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී  ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 82ක් පමණි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු යොවුන් කී්‍රඩක දසුන් ශානක පන්දු 24කට ලකුණු 19ක් ලබා ගත්තේ, එක් 4 පහරක් සහ දැවැන්ත 6 පහරවල් 2ක් සමඟිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, තිලකරත්න ඩිල්ශාන් සහ නිරෝෂන් දික්වැල්ල පන්දු 2කට එක් ලකුණක්ද, දිනේෂ් චන්දිමාල් පන්දු 9කට ලකුණු 8ක්, සම්පත් ගුණරත්න පන්දු 12කට ලකුණු 4ක්,  මිලින්ද සිරිවර්ධන පන්දු 2කට ලකුණු 4ක්ද, දසුන් ශානක පන්දු 24කට ලකුණු 19ක්, සීකුගේ ප්‍රසන්න පන්දු 7කට ලකුණු 9ක්, තිසර පෙරේරා පන්දු 20කට ලකුණු 12ක්, සචිත්ත්‍ර සේනානායක පන්දු 16කට ලකුණු 8ක්ද, දිල්හාර ප්‍රනාන්දු පන්දු 6කට එක් ලකුණු 1ක්ද සහ දුෂ්මන්ත චමීර නොදැවී පන්දු 9කට ලකුණු 9ක් ලබා ගන්නා ලදි.

India's Shikhar Dhawan (R) plays a shot as Sri Lankan captain and wicketkeeper Dinesh Chandimal (C) looks on during the third T20 international cricket match between India and Sri Lanka at the Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium in Visakhapatnam on February 14, 2016. AFP PHOTO / Noah SEELAM ---- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE ---- / AFP / NOAH SEELAM
ශිකර් ධවාන් පන්දුවකට පහර දෙමින්

පන්දු  යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දු යැවු රවිචන්දරන් අශ්වින් පන්දුවාර  4කදී ලකුණු 8ක් සමඟ කඩුළු 4ක්ද, අශිෂ් නෙහෙරා පන්දුවාර 2කදී ලකුණු 17කට එක් කඩුල්ලක් ද, ජාස්ප්‍රීට් බුම්රා පන්දුවාර 3කදී ලකුණු 10ට එක් කඩුල්ලක්ද, රවීන්ද්‍ර ජඩේජා පන්දුවාර 4කදී ලකුණුු 11කට එක් කඩුල්ලක්ද, සුරේෂ් රයිනා පන්දුවාර 2කදී ලකුණු 6කට කඩුළු 2ක්ද ලබා ගැනීමට සමත් විය.

ලකුණු 83ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 13යි පන්දු 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84 ගෙන තරඟය හා තරඟාවලිය ජයග්‍රහණය කරන ලදි.

ඉන්දීය ලකුණු පුවරුව වර්ණවත් කරමින්, රෝහිත් ශර්මා පන්දු  13කට ලකුණු13ක්, ශිකර් ධවාන් නොදැවී පන්දු 46කට ලකුණු 46 ක් ගැනීමට 4 පහරවල් 5ක් හා එක් 6පහරක්ද, අජින්කෙයා රහනේ නොදැවී පන්දු 24කදී ලකුණු 22 ක්ද ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්, දුෂ්මන්ත චමීර පන්දුවාර 2කදී ලකුණු 14ට එක් කඩුල්ලක්ද, දිල්හාර ප්‍රනාන්දු පන්දුවාර 2කදී ලකුණු 7ක්ද, සීකුගේ ප්‍රසන්න එක් පන්දුවාරයකදී ලකුණු 3ක්ද ලබා දෙන ලදි.

තරඟාවලිය 2-1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගම යළිත් ICC ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඔවුන්ට හැකි විය.

තරඟයේ හා තරඟාවලියේ වීරයා ලෙස රවිචන්දරන් අශ්වින් සම්මාන දිනා ගන්නා ලදි.