ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ කොතනද?

486
Angi, chandi, upul, kusal

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර මෙම  දිනවල පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය කඩුලු 10 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්තය සමත් විය. තවද තෙවන තරඟය වර්ෂාවේ පිහිටෙන් නූලෙන් බේරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තරංග, චන්දිමාල්, මැතිව්ස් නිසා එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුවෙන් දෙවන තරගයේ දී ලකුණු 254ක් ලබා ගත්තේය. තෙවන තරගයේ දී යොවුන් කුසල් මෙන්ඩිස් ද එම නාමාවලියට ඇතුළත් වීමට සමත් විය. මෙන්ඩිස් ගේ අනාගතය සංගක්කාර, මහේල වැනි ක්‍රීඩකයින් තත්ත්වයට කෙදිනක හෝ පැමිණෙන බවට නිමිති ඔහු තුළ මනාව පෙනේ.

පසුගිය ලිපි: අර්ධ ශතක 3ක් ලබා වාර්තාවක්

ධනුෂ්ක ගුණතිලක හා කුසල් ජනිත් ආරම්භක පිතිකරුවන් සේ ක්‍රීඩා කරන්නේ නම් මීට වඩා ස්ථාවර ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය යුතුමය. නොඑසේ නම් ධනුෂ්ක සමඟ තරංග හෝ කුසල් ජනිත් සමඟ තරංග නිසැකවම ආරම්භක කඩුල්ල සඳහා පිටියට එන්නේ නම් සහ පෙරේරා හෝ ගුණතිලක මැදපෙළ පිතිකරණයේ යෙදෙන්නේ නම් මෙයට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙනු ඇති.

දෙවන තරගයේ දී ශ්‍රී ලංකා ලකුණු 254 ට පිළිතුරු ලෙස තම ඉනිම ක්‍රීඩා කල එංගලන්තය ආරම්භක සබඳතාව ශක්තිමත් කරමින්  විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ජේසන් රෝයිගේ විශිෂ්ට  ලකුණු  112*සහ ඇලෙක්ස් හේල්ස්ගේ වේගවත් ලකුණු  133* ශ්‍රී ලංකා පන්දු යවන්නන් අන්ත අසරණ තත්ත්වයකට ඇද දැමීමට සමත් විය. ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර34.1 කදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකිරීමට සමත් වූහ.

දෙවන තරඟයේ දී එකදු කඩුල්ලක් ලබාගෙන හෝ යම් තර්ජනාත්මක පන්දු යැවීමක එංගලන්ත කණ්ඩායමට එරෙහිව නිරත වීමට  කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට හැකියාවක් නොවිය. තවද ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් පන්දු රැකීම ද වර්ධනය කල ගතයුතු බව පෙනෙන්නට විය.

පසුගිය ලිපි: වාර්තා බිද දමමින් එංගලන්තයට දැවන්ත ජයක්

දුශ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක වැනි දක්ෂ ක්‍රීඩකයින් එක්දින තරගාවලියට එක් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බල ඇණිය තවත් දුර්වල කිරීමට හේතුව ඇත.

දෙවන  තරගය පරාජය වීමේ ප්‍රධාන හේතුව වී ඇත්තේ පන්දු යවන්නන් ගේ ඇති දුර්වලතාවය බවයි විචාරකයන්ගේ මතය වී ඇත්තේ.

නවක ක්‍රීඩක දසුන් ශානක හා ඇන්ජලෝ මැතිව්ස් මගින් එම අඩුව පිරවෙනු ඇති බවට විශ්වාස කලද මේ විට මැතිව්ස් අබාධයකට ගොදුරුව සිටින නිසා රිසි ලෙස  පන්දු යැවීමට නොහැකි තත්වයකට පත්  වී ඇත.

දසුන් ශානකටද  පළමු තරගයේදී සැලකිය යුතු දස්කම් පෙන්වීමට නොහැකි විය. ඔහු තෙවන තරගයේ දී කලබලකාරී සේ හැසිරීම නිසා අනවශ්‍ය ලෙස දුවද්දී දැවීයන ලදි.

මේ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ දී යම් තරගයක් ජයග්‍රහණය කිරීමට නම් අවම වශයෙන් ලකුණු 300ට එහා කඩ ඉමක් පසු කිරීම සිදු කල යුතුය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ ඉතිරි තරඟ කිහිපයම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වේ.

දෙරට අතර මීළඟ තරඟය බදාදා (29) එංගලන්තයේ ලන්ඩන්  හිදී පැවැත්වෙන අතර මෙම තරඟය ඉතා උණුසුම් වනු ඇතැයි විස්තර විචාරකයන්ගේ මතයයි.

තවත් ක්‍රීඩා පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට