අර්ධ ශතක 3ක් ලබා වාර්තාවක්

408
Sri Lanka v England cricket 3rd ODI

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරඟය ඊයේ (26) බ්‍රිස්ටල් හිදී පැවැත්විණි. මෙම තරඟය වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

පසුගිය ලිපි: වාර්තා බිද දමමින් එංගලන්තයට දැවන්ත ජයක්

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර එම ආරධනය පරිදි පිටියට පැමිණි කුසල් ජනිත් හා ධනුෂ්ක ගුණතිලක ගේ සබඳතාව ලකුණු 3 කට සීමා කරමින් ධනුෂ්ක ලකුණු නොලබාම දැවී යන ලදි. කුසල් ජනිත් හට ද තම පිත්ත ක්‍රියාත්මක කිරීමට එංගලන්ත වේග පන්දු යවන්නන් ඉඩකඩ ලබා නොදුන් අතර ඔවුන් ඉතා දක්ෂ ලෙස තරගය පුරා පන්දු යැවීමේ නිරත විය. ලකුණු 32 ක් වන විට ආරම්භ පිතිකරුවන් දෙදෙනාම ක්‍රිඩාගාරයේ සිටින ලදි. අනතුරුව කුසල් මෙන්ඩිස් හා එක්වූ දිනේෂ් චන්දිමාල් 3 වන කඩුල්ල සඳහා ලකුණු 56 ක සබඳතාවයක් ගොඩනංවන ලදි. මෙන්ඩිස් 4 පහරවල් 5 ක් හා එක් 6 පහරක් සමඟ ඔහුගේ දෙවන අර්ධ ශතකය ලබාගන්නා ලදි. මෙන්ඩිස් ලකුණු 53 කට දැවී යන ලදි. චන්දිමාල් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 62 කට දැවීයන ලදි. චන්දිමාල් ඔහුගේ 17 වන අර්ධ ශතකය එහිදී ලබාගත් අතර චන්දිමාල් හා මැතිව්ස් 4 වන කඩුල්ල සඳහා ලකුණු 80 ක සාර්ථක සබඳතාවයක් යළිත් ගොඩනැංවීමට සමත් විය. මැතිව්ස් 4 පහරවල් 3 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 56 කට දැවී යන ලදි. මැතිව්ස් මෙහිදී තම 30 වන අර්ධ ශතකය ලබාගන්නා ලදි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉණිමේ විශේෂත්වය වූයේ ,

වර්ෂ 2012 න් අනතුරුව 3, 4, 5 යන පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබාගත් එකම අවස්ථාව මෙය වීමයි.

උපුල් තරංග වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 40 ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 248-9 (50) දිනේෂ් චන්දිමාල් 62, ඇන්ජලෝ මැතිව්ස් 56,කුසල් මෙන්ඩිස් 53, උපුල් තරංග 40 ක්‍රිස් වෝක්ස් 3/34 , ලෙයිම් පලන්කට් 3/46

අනතුරුව තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර විනාඩි 40 ක පමණ ප්‍රමාදයකින් අනතුරුව එංගලන්ත කණ්ඩායම පිටියට පැමිණි අතර එක් ලකුණක් එංගලන්ත කණ්ඩායම ලබාසිටින විට, ලකුණු නොලබා සිටි ඇලෙක්ස් හේල්ස් දවාලීමට සුරංග ලක්මාල් සමත් විය. අනතුරුව තරඟයට යලිත් වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වනවිට බ්‍රිස්ටල් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් 14 ක තරම් සීතල තත්ත්වයක පැවැතිනි.

එංගලන්ත කණ්ඩායම – 16-1 (4) ජෝයි රෑට් 11* , ජේසන් රෝයි 5*, සුරංග ලක්මාල් 1/8

අනතුරුව තරගයට වෙන්කර තිබූ නියමිත කාලය අවසන් වූ නිසා විනිසුරුවරුන් තරඟය අත්හිටුවීමට තීරණය කරන ලදි.

දෙරට අතර මීළඟ එක්දින තරඟය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් පිටියේදී ලබන 29 වන බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30 ට ඇරඹීමට නියමිතව අැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න