පරණවිතානගේ කර මතින් ශ්‍රී ලංකා යෞවනයෝ එකට එක කරති

4874

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන් අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පැමිණීමට සමත් වීම නිසා සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (03) සමත් විය.

එම තරග ජයත් සමඟ තරග 5කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට හැකි විය.

ලකුණු 8කින් බංග්ලාදේශ පොඩ්ඩෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ රංගිරි දඹුලු

විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවෙමින් පැවති මෙම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 25ක දී ලකුණු 161ක අසීරු ඉලක්කයක් හිමි වුවත් එය ගණනකට නොගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී ජයග්‍රහණය සනාථ කර ගත්හ. ඒ වන විට නායක නිපුන් ධනංජය පන්දු ලකුණු 38ක් ද, රවිඳු රශාන්ත පන්දු 32ක දී ලකුණු 32ක් ද ලබා නොදැවී රැඳී සිටිය හ.

අවසන් කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව පන්දු 27ක දී ලකුණු 46ක් වූ අතර ඉන් ලකුණු 38ක්ම නායක ධනංජයගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනුණි. පන්දු 15කට පමණක් මුහුණ දුන් ධනංජය ඉන් තුන් වතාවක් පන්දුව හතරේ සීමාවට ඉහළින් හයේ පහර වශයෙන් ද, තුන් වතාවක් හතරේ සීමාවේ එහාට ද යැවීමට සමත් විය.

බංග්ලාදේශ පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකළ පන්දුවට පහර දුන් නවෝද් පරණවිතාන පන්දු 39ක දී ලකුණු 62ක් ලබා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. 29 වැනි පන්දුවේ දී අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් පරණවිතානගේ ඉනිම හතරේ පහර 10කින් වර්ණවත් විය. මෙය පරණවිතාන විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙස ද සටහන් විය. ඔහු පෙරේර දා (01) පැවති දෙවැනි එක්දින තරගයේ දී ද ලකුණු 83ක් ලබා ගත්තේය.

ප්‍රසාද ලකුණු සටහනේ වාසිය ජෝන් කීල්ස් ඉදිරියට රැගෙන යයි

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන

සමස්තයක් ලෙස බැලූ විය සෑම පිතිකරුවකුම මේ වේගවත් ජයග්‍රහණය සඳහා සාර්ථක කඩුලු සම්බන්ධතා පවත්වමින් දායක වූ නමුත් පරණවිතාන සහ කමිල් මිශාර අතර වාර්තා වූ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ද ඒ අතරින් සුවිශේෂී විය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කළේ පන්දු 35ක් පමණක් වැය කරමිනි. හිල් ගිලාබ්ගේ පන්දුවක් හමුවේ නායක ටවුහිඩ් රිඩෝයි අතට උඩ පන්දුවක් ලබා දෙමින් මිශාර දැවී ගියේය. දැවී යන විටත් ලකුණු 26ක් රැස් කරගෙන සිටි මිශාර හතරේ පහර 5ක් තම ඉනිමට එල්ල කර තිබුණේ මුහුණ දුන් පන්දු 12 දී ය.

අනතුරුව පරණවිතානට එක්වූ රවිඳු රශාන්ත දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් පැවැත් වූ අතර ඒ සඳහා පන්දු 38ක් වැය විය. පට්වරීගේ පන්දුවක් හමුවේ අක්බර් අලී විසින් සිදු කරන ලද ස්ටම්ප් කිරීම හමුවේ පරණවිතානගේ ඉනිම අවසන් වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 115ක්ව තිබිය දී ය.

වර්ෂාව හේතුවෙන් පැය එකහමාරක ප්‍රමාදයෙන් ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ යොවුන් පිලට ආරාධනා කළේය. දෙපිළටම පන්දුවාර 45 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වූ නමුත් තරගය පෙ.ව. 11.15ට ආරම්භ කළ නමුත් ගෙවී ගිය 15 වැනි මිනිත්තුවේ දී යළිත් වර්ෂාව හරස්වූයෙන් තරගය නැවතත් තාවකාලිකව නතර කර දැමීමට විනිසුරුවන්ට සිදු විය. ඒ වන විටත් පන්දුවාර 3කට මුහුණ දී සිටි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෝ ලකුණු 15ක් රැස් කරගෙන සිටියහ.

ක්‍රීඩාංගණ සේවකයන්ගේ දැඩි පරිශ්‍රමය හමුවේ මිනිත්තු 30ක පමණ කාලයකින් පසු නැවතත් තරගය මධ්‍යාහ්න 12ට ආරම්භ කළ අතර දෙපිළටම පන්දුවාර 4 බැගින් නැවතත් අහිමි විය. ඒ අනුව පන්දුවාර 41ක් බැගින් හිමි වූ එම තරගයේ දී 27 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව යොමු කිරීමත් සමඟ නැවතත් වර්ෂාව ඇද හැළුණි. ඒ වන විටත් කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටි බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන්  හසන් ජෝයි පන්දු 39ක දී ලකුණු 25ක් ද, ශමීම් පට්වාරි විසින් පන්දු 12ක දී ලකුණු 05ක් ද ලබා සිටියහ.

සාර්ථක ආරම්භයක් ලබා දුන් හසන් ටමීම් සහ පෙර තරගයන්හි ඉනිම ඇරඹි නව්රෝස් නබිල් වෙනුවට කණ්ඩායමට එක් කොට සිටි ප්‍රිට්ම් කුමාර් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක දී ලකුණු 57ක් එක් කළහ. පන්දු 36ක දී වේගවත් ලකුණු 38ක් රැස්කර ගත් නමුත්, පන්දු යැවූ ලක්ෂාන් ගමගේ වෙතට පෙරළා ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමත් සමඟ හසන් ටමීම් පිටියෙන් ඉවත් විය. කිසිම අපහසුවකින් තොරව පිත්ත හැසිර වූ ටමීම් දැවී යන විටත් හයේ පහරකින් සහ හතරේ පහර 6කින් තම ඉනිම සරසා ගෙන සිටියේය.

තම සගයා ලබා ගත් වේගවත් ආරම්භය පරිදි දක්ෂතා දැක්වීමට නොහැකි වූ ප්‍රීට්ම් කුමාර් ටමීම් දැවී යෑමෙන් ලකුණු 03ක් ලකුණු පුවරුවට එක්වද්දී ලක්ෂාන් ගමගේගේ ගොදුරක් වෙමින් ලකුණු 08කට දැවී ගියේ රවීන් ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

නිපුන් රන්සික ජෝන් කීල්ස් හඬවා යුනිචෙලා දිනවයි

යොවුන් ක්‍රීඩක නිපුන් රන්සිකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අද (03) කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට්

ලකුණු 03ක දී කඩුලු 2ක් අහිමි වුවද සටන අත් නොහළ නායක ටවුහිඩ් රිඩෝයි සහ හසන් ජෝයි බංග්ලාදේශ ඉනිමේ ගොඩ නැගූහ. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69ක දී ලකුණු 45ක සම්බන්ධතාවක් ගොඩ නැංවුණු නමුත්, රවීන් ද සිල්වාගේ පන්දුවක් හමුවේ රිඩෝයි දැවී යෑමත් සමඟ  එම සම්බන්ධතාවට තිත වැටිණ. කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව රිඩෝයි දැවී යන විට පන්දු 38ක දී ලකුණු 20ක් රැස් කරගෙන සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 26.4ක දී 114/3 – හසන් ටමීම් 38, ටවුහිඩ් රිඩෝයි 20, හසන් ජෝයි (නොදැවී) 25, ලක්ෂාන් ගමගේ 14?2, රවීන් ද සිල්වා 25/1

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4ක දී 161/2 – නවෝද් පරණවිතාන 62, කමිල් මිශාර 26, රවිඳු රශාන්ත (නොදැවී) 32, නිපුන් ධනංජය (නොදැවී 38), ශමීම්  පට්වාරි 22/1, හිල් ගිලාබ් 37/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<