ප්‍රසාද ලකුණු සටහනේ වාසිය ජෝන් කීල්ස් ඉදිරියට රැගෙන යයි

142

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තවත් තරගයක් අද (3) මග්ගොන සරේ ගම්මාන  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජෝන් කීල්ස් කණ්ඩායම හා එක්ස්පෝ ලංකා කණ්ඩායම අතර පැවැත්විය.

දෙවැනි තැන සිටි කැන්රිච් ෆිනෑන්ස් අවසන් සටනට

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම්…

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයක් රහිතව අවසන් වුවත් මූලික වටයේ ප්‍රසාද ලකුණු සටන සැලකිල්ලට ගෙන එහි ඉදිරියෙන් සිටි ජෝන් කීල්ස් කණ්ඩායම මෙම තරගාවලියේ මීළඟ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවූ එක්ස්පෝ ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවාර 44යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 245ක් රැස්කර ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. එහි දී ජෝන් කීල්ස් ඉනිමේ දැවැන්තයා වෙමින් අර්ධ ශතකයක් රැස්කරගත් ශස්රික පුස්සෙගොල්ල නොදැවී ලකුණු 55*ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ අශේන් සිල්වා හා මලිඳු මදුරංග පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 46ක් ලබා ගන්නා ලදි.

ඊට අමතරව ජෝන් කීල්ස් ලකුණු පුවරුව සවිමත් කළ අශේන් පීරිස් හා වමතින් පිතිකරණයේ නිරත වන රොස්කො තටිල් දෙදෙනා ද සිය කණ්ඩායම වෙනුවෙන් හැකි උපරිම දස්කම් දැක්වූහ. අවසානයේ මග්ගොන සරේ ගම්මාන පිටියට දැඩි වර්ෂාවක් ඇද හැලීම නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන අයන සිරිවර්ධන ලකුණු 40ට කඩුලු 2ක් දවාගත්තේය.

ජෝන් කීල්ස් -245/5 (44.2): ශස්රික පුස්සෙගොල්ල 55*, අශේන් සිල්වා 47, මලිඳු මදුරංග 46, අශාන් පීරිස් 32, රොස්කො තටිල් 36, අයන සිරිවර්ධන 2/40

අනෙක් තරගය ලබන අඟහරුවාදා (6) අද දිනයේ ජයග්‍රහණය කළ ජෝන් කීල්ස් හා කැන්රිච් ෆිනෑන්ස් හමුවේ පරාජය වූ HNB කණ්ඩායම අතර කොළඹ වෙළෙඳ සංගම් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. ඒ තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායම කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<