ජ’පුර, සබර, යාපනය, රුහුණ, මොරටුව සහ රජරට පෙරටම

457
cricket

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග පසුගිය දා ආරම්භ වූ අතර එහි තුන්වැනි සතියට අදාළ තරග 6ක් මෙම සති අන්තයේ දී පැවැත්විය. එම තරගවල දී ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව, යාපනය, රුහුණ, මොරටුව හා රජරට කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 

යාපනය වැඩිම ලකුණු වාර්තා කරද්දී අඩුම ලකුණු නැගෙනහිරින්

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග පසුගිය සතියේ ආරම්භ වූ අතර එහි දෙවන සතියට අදාළ තරග 6ක්…

කැළණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ කණ්ඩායමක් ලෙස සැලකිය හැක. පිතිකරණය හා පන්දු යැවීම යන අංශ දෙකෙහිම දක්ෂතා දැක්වූ ජයවර්ධනපුර කණ්ඩායම මෙවර කැළණිය කණ්ඩායම පරාජය කරමින් D කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. 

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – 316/10 (පන්දුවාර 49.4)
  • කැළණිය විශ්වවිද්‍යාලය – 136/10 (පන්දුවාර 34.4)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලකුණු 180 ක ජයග්‍රහණයක්. 


නැගෙනහිර විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය තියුණු මුහුණුවරක් ගත් අතර නැගෙනහිර කණ්ඩායමට ජයග්‍රහණය පෙනි පෙනී පරාජය අත්විඳීමට සිදු විය. සබරගමුව විශ්වවිද්‍යාලය තරගය ජයග්‍රහණය කලේ ලකුණු 18කිනි.

Photos: 13th Sri Lanka University Games – Cricket | Eastern University Vs Sabragamuwa University 

  • සබරගමුව විශ්වවිද්‍යාලය – 157/10 (පන්දුවාර 42.4)
  • නැගෙනහිර විශ්වවිද්‍යාලය – 139/10 (පන්දුවාර 35.4)

සබරගමුව විශ්වවිද්‍යාලයට ලකුණු 18ක ජයග්‍රහණයක්. 


යාපනය විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය

C කාණ්ඩයේ ප්‍රථමයා තීරණය කිරීමේ තරගය ලෙස මෙම තරගය පැවැත්වුණු අතර යාපනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාල පසුගිය සතිවල දී රුහුණ විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය පරාජය කරමින් අපරාජිතව පසුවිය. කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපරාජිත ගමන නිමා කිරීමට යාපනය විශ්වවිද්‍යාලය සමත් වූයේ කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි. 

Photos: 13th Sri Lanka University Games – Cricket | University of Peradeniya Vs University of Jaffna

  • පේරාදෙණිය විශ්වවිද්‍යාලය – 224/9 (පන්දුවාර 50)
  • යාපනය විශ්වවිද්‍යාලය – 225/7 (පන්දුවාර 46.4)

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් කවීන් හිනිදුම ලකුණු 55ක් වාර්තා කළ අතර යාපනය විශ්වවිද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ එම්. එම්. චන්ද්‍රසිරි ලකුණු 71ක් වාර්තා කළේය.

යාපනය විශ්වවිද්‍යාලයට කඩුලු 3ක ජයග්‍රහණයක්. 

නවකයෙකුගේ වේගය ඉන්දියාවට ජය ගෙනදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයින්ට සජීවී තරග අත්දැකීමක් ගෙන දෙමින් ඉන්දියා….

රුහුණ විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය

රුහුණ හා සෞන්දර්ය විශ්වවිද්‍යාල කාණ්ඩ වටයේ මීට පෙර පැවති තරග දෙකම පරාජය වී සිටි අතර කාණ්ඩ වටයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට රුහුණ විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් වූයේ තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරමිනි. 

  • සෞන්දර්ය විශ්වවිද්‍යාලය – 119/10 (පන්දුවාර 38.1)
  • රුහුණ විශ්වවිද්‍යාලය – 120/4 (පන්දුවාර 24.2)

රුහුණ විශ්වවිද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක්.


මොරටුව විශ්වවිද්‍යාලය හා වයඹ විශ්වවිද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය මොරටුව විශ්වවිද්‍යාලය ජයග්‍රහණය කළ අතර ඒ සමඟින් එම කාණ්ඩයේ ස්ථාන සඳහා ප්‍රබල සටනක් නිර්මාණය විය. මොරටුව කණ්ඩායම මීට පෙර අග්නිදිග විශ්වවිද්‍යාලය හමුවේ පරාජය වූ අතර වයඹ විශ්වවිද්‍යාලය අග්නිදිග විශ්වවිද්‍යාලය සමඟ පැවති තරගය ජයග්‍රහණය කළේය. මෙම තරගයෙන් අනතුරුව කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇත. ෙ

  • වයඹ විශ්වවිද්‍යාලය – 186/10  (පන්දුවාර 49.4)
  • මොරටුව විශ්වවිද්‍යාලය – 187/6 (පන්දුවාර 40‍ෙ

මොරටුව විශ්වවිද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක්. 


කොළඹ විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට රජරට විශ්වවිද්‍යාලය සමත් වූ අතර ඒ සමඟින් ඔවුන් එම කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය. කාණ්ඩයේ දෙවන ස්ථානය කොළඹ කණ්ඩායමට හිමි විය. 

  • කොළඹ විශ්වවිද්‍යාලය – 178/10 (පන්දුවාර 47.5)
  • රජරට විශ්වවිද්‍යාලය – 180/5 (පන්දුවාර 47) 

රජරට විශ්වවිද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක්. 

ඒ සමඟින් පළමු වටයේ තරග නිමා වූ අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන සතිඅන්තයේ පැවැත්වීමට නියමිතයි. එක් එක් කාණ්ඩවල මුල් ස්ථාන දෙක දිනා ගත් කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<