Home Sinhala තියුණු තරගයකින් ශ්‍රී ලංකා යෞවනයන් දෙවැනි ජයග්‍රහණයට

තියුණු තරගයකින් ශ්‍රී ලංකා යෞවනයන් දෙවැනි ජයග්‍රහණයට

එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

3873

ශ්‍රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි තරගය අද (05) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

මෙම තරගය කඩුලු දෙකකින් ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ නායක Tom Prest පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – චමිඳු වික්‍රමසිංහ, අංජුල බණ්ඩාර, ශෙවෝන් ඩැනියල් පවන් පතිරාජ, රන්ඳු සෝමරත්න, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), වනුජ සහන්, යසිරු රොද්‍රගෝ, ට්‍රෙවින් මැතිව්, මහීෂ පතිරණ.
  • එංගලන්ත 19න් පහළ කණ්ඩායම – George Bell, Jacob Bethell, Tom Prest (නායක), Harry Crawshaw, Rehan Ahmed, Alex Horton, James Sales, James Coles, Thomas Aspinwall, Nathan Barnwell, Josh Baker

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට යසිරු රොද්‍රිගෝ සමත් වුනා. එංගලන්ත ලකුණු පුවරුවට ලකුණු 11ක් එක්වද්දී සිය දෙවැනි කඩුල්ල ද දවා ගැනීමට යසිරු සමත් වුනා. එහි දී George Bell කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.

එංගලන්ත පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත මුල්පෙළ කඩුලු 5 ලකුණු 60ක් තුල දවා ගැනීමට සමත් වුනා.

එංගලන්ත කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවට පැමිණීමට ඉඩ ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රතිවාදී එංගලන්තය ලකුණු 114කට සීමා කිරීමට සමත් වුනා. එහි දී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ Rehan Ahmed ලකුණු 19ක් වාර්තා කිරීමට සමත් වුනා.

සෙසු එංගලන්ත පිතිකරුවන් අතරින් Alex Horton ලකුණු 18ක්, James Coles ලකුණු 16ක් වාර්තා කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. යසිරු රොද්‍රිගෝ, ට්‍රෙවීන් මැතිව් සහ රවීන් ද සිල්වා කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 115ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස චමිඳු වික්‍රමසිංහ දවා ගැනීමට Nathan Barnwell සමත් වුනා. ඒ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 8ක් ව තිබිය දීයි. ඉන් අනතුරුව පිටියට පිවිසි රවීන් ද සිල්වා ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට Tom Prest සමත් වුනේ ශ්‍රී ලංකාව ලකුණු 10ක් ලබා සිටිය දීයි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ශෙවෝන් ඩැනියල් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට එංගලන්තයට හැකි වුනා. ඉන් අනතුරුව තරමක් ස්ථාවර වෙමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 29ක් එක් කිරීමට පවන් පතිරාජ සහ අන්ජල බණ්ඩාර සමත් වුනා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 42ක් වෙද්දී ලකුණු 29ක් ලබා සිටි අන්ජල දවා ගැනීමට Rehan Ahmed සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලකුණු 46 දී දැවී යාමෙන් අනතුරුව පිටියේ එක් වූ නායක වෙල්ලාලගේ සහ පවන් පතිරාජ හයවැනි කඩුල්ල සඳහා ලකුණු 35ක් එක් කිරීමට සමත් වුනා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 81 ව තිබිය දී පවන් පතිරාජ ලකුණු 17ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට එංගලන්ත පන්දු යවන්නන්ට හැකි වුනා .

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 93ක් බවට පත්වෙද්දී එතෙක් පිටියේ ස්ථාවර වී සිටි නායක වෙල්ලාලගේ ලකුණු 18කට දවා ගැනීමට Thomas Aspinwall සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ හත්වැනි සහ අටවැනි කඩුලු ලකුණු 96 දී බිඳ වැටුණ ද, පිටියේ එක්වූ යසිරු රොද්‍රිගෝ සහ මතීෂ පතිරණ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා. යසිරු රොද්‍රිගෝ හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 12ක් රැස්කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44ක දී කඩුලු 8ක් දැවී ලකුණු 115ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එංගලන්තය වෙනුවෙන් Rehan Ahmed සහ Thomas Aspinwall කඩුලු දෙක බැගින් දවා ගත්තා.

Result


Sri Lanka U19
115/8 (44)

England U19
114/10 (34.3)

Batsmen R B 4s 6s SR
Jacob Bethell c Ranuda Somarathne b Yasiru Rodrigo 0 1 0 0 0.00
Tom Prest lbw b Treveen Mathews 13 23 0 0 56.52
George Bell lbw b Yasiru Rodrigo 6 8 0 0 75.00
Harry Crawshaw c Anjala Bandara b Treveen Mathews 9 24 0 0 37.50
Rehan Ahmed st Anjala Bandara b Dulith Wellalage 19 37 0 0 51.35
James Coles c Anjala Bandara b Dulith Wellalage 16 24 0 0 66.67
Alex Horton b Wanuja Sahan 18 29 0 0 62.07
James Sales b Raveen De Silva 13 23 0 0 56.52
Thomas Aspinwall b Dulith Wellalage 4 21 0 0 19.05
Josh Baker c Ranuda Somarathne b Raveen De Silva 6 13 0 0 46.15
Nathan Barnwell not out 4 4 0 0 100.00


Extras 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0)
Total 114/10 (34.3 Overs, RR: 3.3)
Bowling O M R W Econ
Yasiru Rodrigo 6 0 29 2 4.83
Wanuja Sahan 7 1 22 1 3.14
Treveen Mathews 4 1 10 2 2.50
Chamindu Wickramasinghe 4 1 14 0 3.50
Dunith Wellalage 6 1 13 3 2.17
Matheesha Pathirana 1 0 6 0 6.00
Raveen De Silva 6.3 1 18 2 2.86


Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c & b Nathan Barnwell 4 12 0 0 33.33
Anjala Bandara lbw b Rehan Ahmed 29 58 0 0 50.00
Raveen De Silva c George Bell b Tom Prest 0 9 0 0 0.00
Shevon Daniel run out () 0 6 0 0 0.00
Pawan Pathiraja run out () 17 47 0 0 36.17
Ranuda Somarathne c Alex Horton b Rehan Ahmed 2 9 0 0 22.22
Dunith Wellalage c James Coles b Thomas Aspinwall 18 55 0 0 32.73
Wanuja Sahan b Thomas Aspinwall 8 31 0 0 25.81
Yasiru Rodrigo not out 12 28 0 0 42.86
Matheesha Pathirana not out 6 13 0 0 46.15


Extras 19 (b 1 , lb 9 , nb 3, w 6, pen 0)
Total 115/8 (44 Overs, RR: 2.61)
Bowling O M R W Econ
Tom Prest 10 5 13 1 1.30
Nathan Barnwell 6 1 13 1 2.17
James Sales 2 0 15 0 7.50
Rehan Ahmed 10 2 20 2 2.00
Josh Baker 2 0 12 0 6.00
James Coles 10 1 22 0 2.20
Thomas Aspinwall 4 1 10 2 2.50



මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම තරග 5කින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

එක්දින තරගාවලියේ සිව්වැනි තරගය එළඹෙන 08 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<