Home Tamil අතේ තිබූ තරගය Khalel Ahmad කණපිට හරවයි

අතේ තිබූ තරගය Khalel Ahmad කණපිට හරවයි

5942
Credit : ACB Media

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරගය ජයග්‍රහණය සඳහා අවශ්‍ය සියලු පසුබිම සැකසී තිබිය දී, එය ලකුණු 50ක නොසිතූ පරාජයකින් ඊයේ (01) රාත්‍රියේ කෙලවර වුනා. ඒ අබුඩාබි හිදීයි.

මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවති බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සහභාගි වුනු යොවුන් තුන්කොන් එක්දින තරගාවලිය නිමාවට පත්වුනේ බංග්ලාදේශයට ජය හිමිකර දෙමින්. එහි දී කිසිදු අවස්ථාවක සත්කාරක ඇෆ්ගනිස්තානය පැරදවීමට ශ්‍රී ලංකාවට හැකි වුනේ නැහැ.

ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. අවසන් වරට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් 3ක් මේ තරගයේ දී ශ්‍රී ලංකාව සිදුකර තිබුණා. ඒ හිරුන් කපුරුබණ්ඩාර, ට්‍රවීන් මැතිව්ස් සහ දුවිඳු රණතුංග වෙනුවට විහස් තෙව්මික, ගරුක සංකේත් සහ තීරක රණතුංග කැඳවමින්.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්:

ශ්‍රී ලංකාව: ශෙවෝන් ඩැනියෙල් (නායක), විහස් තෙව්මික, සිනෙත් ජයවර්ධන, විශේන් හැළඹගේ, දිනුර කළුපහන, හිරාන් ජයසුන්දර, විශ්ව රාජපක්ෂ, මල්ෂ තරුපති, විශ්ව ලහිරු, තීරක රණතුංග, ගරුක සංකේත්.

ඇෆ්ගනිස්තානය: Noman Shah (නායක), Jamshid Mirakhil, Mohommed Haroon, Ali Ahamad, Sohail Khan, Gulzar Khan, Khalel Ahmad, Kamran Hotak, Khalel Ahmed, Faridoon Dawoodzai, Bashir Ahmed, Wafiullah.

නායක Noman Shahගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලටම ලකුණු 96ක් එකතු කළා. ඉන් අනතුරුව ලකුණු 68ක් ලබා සිටි Wafiullah දැවී යන්නේ විහස් තෙව්මිකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. ඒ වන විට ඔහු පන්දු 50කට පමණක් මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් එල්ල කර තිබුණා.

අනෙක් ආරම්භක පිතිකරු Jamshid Mirakhil තරමක් මන්දගාමී වුවත්, වැදගත් ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 84කින් ලකුණු 57ක් ලබා ගනිමිනුයි. අංක 3 පිතිකරු Sohail Khan ලකුණු 11කට දැවී ගියත් නැවත ලකුණු අතරට පිවිසි Noman Shah ඇෆ්ගනිස්තාන ඉනිම බිඳ වැටීම වැළැක්වූවා. පන්දු 66කින් ලකුණු 64ක් ලබාගත් Shah ඒ අතරේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කළා.

මේ අනුව එක් මොහොතක ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම කඩුලු 2කට ලකුණු 159ක් ලබා සිටියේ දැවැන්ත ලකුණු පුවරුවක පෙරමං ලකුණු පෙන්නුම් කරමින්. නමුත් නැවතත් ප්‍රබල ලෙස තරගයට පිවිසි ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 73ක් තුල දී ඉතිරි කඩුලු සියල්ලම බිඳ හෙළීමට සමත් වුනා.

මේ නිසා ඇෆ්ගනිස්තානයට පන්දුවාර 45.2ක් අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 232ක් පමණයි. පන්දු යැවීමේ දී සෑහෙන තරම් පසුව පන්දුව අතට ගත් මල්ෂ තරුපති මෙම මෙහෙයුමේ ප්‍රධාන සාධකය වුනා. ඔහු පන්දුවාර 6ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 31කට කඩුලු 4ක් බිඳ හෙළුවා. විශ්ව තෙව්මික කඩුලු 2යි.

මෙම ලකුණු පුවරුව පසුපස හඹා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් කඩුල්ලට ලකුණු 31ක් එකතු කළා. විශේන් හැළඹගේ ලකුණු 17කට දැවී යද්දී, සිනෙත් ජයවර්ධන පන්දු 22කින් ලකුණු 29ක් රැස්කර ගත්තා. ඒ හතරේ පහර 5ක් සමඟින්.

පසුගිය තරගයේ විශිෂ්ට ශතකයක් රැස්කළ ශෙවෝන් ඩැනියෙල් එම ආත්ම විශ්වාසය තවදුරටත් ඉදිරියට රැගෙන ආවේ මේ තරගයේ දී අර්ධ ශතකයක් සම්පූර්ණ කර ගනිමින්. පන්දු 61ක දී ඔහු ලබා ගත් ලකුණු 67ට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා.

මේ අනුව සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 169ක් එක්වී තිබීම නිසා බොහෝ දෙනා සිතුවේ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් තරගය ජයග්‍රහණය දක්වා මෙහෙයවනු ඇතැයි යන්නයි. නමුත් නොසිතූ ලෙස ඇෆ්ගන් ඉනිම නාය ගිය පරිද්දෙන්ම ශ්‍රී ලංකා ඉනිමත් බිඳ වැටුණේ මුළු ලකුණු 182ක් තුල ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉදිරියට කැරකීම නතර කරමින්.

එහි දී සුපිරි පන්දු යැවීමක යෙදුණු Khalel Ahmed ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණයෙන්ම පරාජය කර දැමුවේ ලකුණු 38ට කඩුලු 5ක් දවා ගනිමින්. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7ම දැවී ගියේ ලකුණු 13ක් තුලයි. අනිවාර්යයෙන්ම ජය ගත හැකිව තිබූ තරගයක් එලෙස ශ්‍රී ලංකාවේ දෑත් අතරින් රූටා ගියේ ඇෆ්ගනිස්තානයට තරග 1-0ක ඉදිරියක් ද ලබා දෙමින්.

මෙම තරගාවලියේ දෙවැනි තරගය අද (02) පස්වරු 4.30ට අබුඩාබි හිදී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහි උණුසුම් තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<