ශ්‍රී ලංකා යොවුන් පිළට නැවතත් කුරුමානම වරදියි

878
The South Africa U19s had their sweet revenge when they beat the Sri Lanka U19s in the second youth ODI to clinch the three match ODI series, 2-0 today(03rd).

තුන්කොන් තරගාවලියේ ජයග්‍රහණයත් සමගින් සත්කාරක දකුණු අප්‍රිකානු යොවුන් පිළ සමගින් එක්දින තරගාවලියකට එක්වුනු ශ්‍රී ලංකා යොවුන් පිළ මේ වනවිට මුහුණපා සිටින්නේ අපල කාලයකටයි. ඒ අනුව ඔවුන් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජය වී සිටියි. ශ්‍රී ලංකාව සමගින් ඊයේ (03) නිමාවුනු එක්දින තරගය දකුණු අප්‍රිකානු යෞවනයින් ජය ගත්තේ ලකුණු 49කිනි.

මිලර්ගෙන් සහ ප්ලෙසිස්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණයත් සත්කාරක දකුණු අප්‍රිකානුවන් සතු වූයේ ලකුණු 121ක් වැනි දැවැන්ත පරතරයකිනි…

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක අවිශ්ක ප්‍රනාන්දු කලින් තරගයේ තම කණ්ඩායමේ අසාර්ථක පිතිකරණය සිහියට නගමින් මුලින් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිළට ඇරයුම් කළේය. ඒ අනුව ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 220ක් රැස් කිරීමට සමත් විය. දක්ෂ අයුරින් පන්දුවට පහර දුන් ආරම්භක පිතිකරු මැතිව් බ්‍රීස්කි ලකුණු 68ක් ද, රේනාඩ් වෑන් ටොන්ඩර් ලකුණු 61ක් ද රැස් කළහ. ඔවුන් දෙදෙනාම හතරේ පහර 4  බැගින් සහ හයේ පහර 3 බැගින් එල්ල කළහ. පන්දු යැවීමේදී මේ දිනවල දක්ෂතා වල හිණිපෙත්තේ සිටින නිපුන් රංසික කඩුලු 4ක් බිඳ හෙලීය.

ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණු ශ්‍රී ලංකා යෞවනයින්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. ඔවුන්ගේ කඩුලු 6ක්ම ලකුණු 93ක් තුල බිඳ වැටුනු අතර ඉන් අනතුරුව ඔවුන්ට යළි හිස එසවීම අතිශයින්ම අසීරු විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ආරම්භක පිතිකරු විශ්ව චතුරංග ලකුණු 40ක් රැස් කළේය. අශේන් බණ්ඩාර ලකුණු 39යි.

පන්දු යැවීමේදී රේනාඩ් ඩි ස්වාඩ් ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර කෙනාන් ස්මිත් සහ මයිකල් කොහෙන් කඩුලු 2 බැගින් දවාලීය. තරගයේ වීරයා සම්මානය ප්‍රථම එක්දින තරගයේ දී මෙන්ම මෙම තරගයේදී ද පිත්තෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කළ රේනාඩ් වෑන් ටොන්ඩර්ට හිමිවිය. කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (05) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 220 (පන්දුවාර 50): මැතිව් බ්‍රීස්කි 68, රේනාඩ් වෑන් ටොන්ඩර් 61, වැන්ඩිල් මක්වෙටු 30, මිචෙල් වෑන් බූරන් 24, නිපුන් රංසික 4/39, හරීන් බුද්ධිල 2/47, කමිඳු මෙන්ඩිස් 1/44.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 171 (පන්දුවාර 44.3): විශ්ව චතුරංග 40, අශේන් බණ්ඩාර 39, මිශේන් සිල්වා 29, තිසරු ඩිල්ශාන් 21, රුවාන් ඩි ස්වාඩ් 3/38, කෙනාන් ස්මිත් 2/39, මයිකල් කොහෙන් 2/43.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <