ගෙවුනු දවස සැප්තැම්බර් 19 – කුලසේකර අත් අඩංගුවට

671
Sri Lanka Sports News last day summary September 19th

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

ආසියා සත්සමාජික තරගාවලියට සංචිතයේ වෙනසක්

ආසියා සත්සමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර මේ සති අන්තයේ දකුණු කොරියාවේදි පැවැත්වෙනු ඇත. පලමු අදියර මීට සති දෙකකට ඉහත දී හොන්ග් කොන්ග් හිදි නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිවෙමිනි. තරගාවලියේ අවසන් හෙවත් තුන්වන අදියර ඔක්තෝම්බර් මස 15 සහ 16 දිනයන්හි කොළඹ දි පැවැත්වේ.

දෙවැනි අදියරේ සංචිතයෙන් කෙවින් ඩික්සන්, ජේසන් දිසානායක සහ දිනූෂ චතුරංග යන ක්‍රීඩකයින් ඉවත් කර ඇති අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචඩ් ධර්මපාල සහ කාංචන රාමනායක සංචිතයට කැඳවා ඇත.

නිල සංචිතය | දනුශ්ක රන්ජන් (නායක), දුලාජ් පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචඩ් ධර්මපාල, කාංචන රාමනායක, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, දනුශ් දයාන්, ඔමල්ක ගුණරත්න, සෂාන් මොහොමඩ්, සාලිය හඳපාන්ගොඩ, තරිඳු රත්වත්ත

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න


ප්‍රියන්ත ඒකනායක මුල් පුටුවකට

හිටපු කීර්තිමත් ක්‍රීඩකයෙකු සහ ජාතික කණ්ඩායමට නායකත්වය දුන් නායකයෙකු වන ප්‍රියන්ත ඒකනායක ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස තොරා පත් කරගෙන ඇත. 2017 ජනවාරී 01 වැනිදා සිට ඔහු එම ධූරයේ වැඩ බලනු ඇත.

සාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය ලැබු ඒකනායක ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකල පුද්ගලයෙකි. ඔහු විසින් රග්බි ඒෂීයාඩ් තරග 4කට නායකත්වය සපයා ඇති අතර CR&FC, CH&FC ක්‍රීඩා සමාජයන් ද නියෝජනය කර ඇත. 1992 දි ඔහු උපන් නගරයේ ක්‍රීඩා සමාජය වන මහනුවර ක්‍රීඩා සමාජයේ සමාජිකත්වය ලබා ගන්නා ලදී. ඔහු මීට ප්‍රථම SLRFU හි සභාපති ධුරය හොඹවන ලදී.


ක්‍රිකට් –

රිය අනතුරකට කුලසේකර අත් අඩංගුවට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර විසින් කොළඹ – නුවර මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී  සිදුකරන ලද රිය අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇත.

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි කුලසේකරගේ රියට යටවී ඇත්තේ වයස අවුරුදු 28ක් වූ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකි. පොලීසිය විසින් වැඩිදුරටත් සදහන් කරන ලද්දේ තරුණයා ගමන් කරමින් සිටියදී රථයේ ගැටී ඇද වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

සම්පූර්ණ ලිපිය: නුවන් කුලසේකර අත් අඩංගුවට

දවසේ නිමාව