ලෝක කුසලානයක් අත ළඟ; 19න් පහළ කණ්ඩායම ලොකු ගැටලුවක

103

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අද (29) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් ඇතිව තිබෙන වීසා ගැටලුවක් නිසාවෙන් එය නියමිත පරිදි සිදු නොවන බව වාර්තා වේ.

ඉන්දියාවට යන කොදෙව් සංචිතවල වෙනස්කම් කිහිපයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා ………

දැනගන්නට ලැබෙන ආරංචි මාර්ග අනුව සංචාරය සඳහා එක්වීමට නියමිත ක්‍රීඩකයින් 7 දෙනෙකුගේ වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන නමුත් තරගාවලිය සඳහා එක්වන සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත. 

කොදෙව් දේශයේ සංචාරය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ වීසා බලපත්‍ර අවශ්‍ය අතර මෙලෙස ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් 7 දෙනෙකුගේ වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් කොදෙව් ක්‍රිකට් පරිපාලනය වෙත දැනුම් දී තිබේ. එළඹෙන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අතර එයට පෙර ශ්‍රී ලංකාවට සිය දස්කම් තව තවත් ප්‍රගුණ කරගැනීම සඳහා තිබෙන මේ අවසන් අවස්ථාව ඉතාමත් අගනේය. 

එම ක්‍රීඩකයින් 7 දෙනාගේ වීසා බලපත්‍ර අනුමත කරගැනීම ප්‍රමාද වන්නේ නම් දැනට වීසා අනුමතව තිබෙන ක්‍රීඩකයින් හෝ එරටට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු තීරණ ගැනීමට සූදානමින් සිටින නමුත් සංචිතයේ සිටින ක්‍රීඩකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකගේ වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන පසුබිමක එවැනි දෙයක් කිරීම උචිත නොවන බවට විවිධ මත පළවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට මතු වූ මේ වීසා ගැටලුව නොවන්නට ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ මේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 6 වැනිදා ආරම්භ වීමට කටයුතු යොදා තිබුණි. 

පහත දැක්වෙන්නේ එම පෙර තරග කාලසටහනයි,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<