සොනාල්ගේ අවසන් වෑයම අපතේ යයි

264

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර කුල්නාහිදී පැවති සිව්වැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට බංග්ලාදේශය අද (17) සමත් විය. 

පරණවිතානගේ උත්සාහය අපතේ යයි

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම..

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආරම්භක පිතිකරණවන් බවට පත්වූයේ මොහොමඩ් සමාස් හා නවෝද් පරණවිතානයි. 

ඉතා ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක වේගවත් සබඳතාවයක් ගොඩනැගුවේ පන්දුවාර 9.2ක් අවසානයේ දී ය. 

තන්සිඩ් හසන්ගේ පන්දුවක් හමුවේ පරණවිතාන දැවී ගියේ ලකුණු 31ක් ලබා සිටිය දී ය. එම පන්දුවාරයේ දී ම යළි ක්‍රියාත්මක වූ තන්සීඩ්, මොහොමඩ් සමාස්ගේ කඩුල්ලත් දවා ගැනීමට සමත් වූයේ ලකුණු 69 දී ම තම දෙවන කඩුල්ලත් දවා ගනිමිනි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සමීස් පන්දු 22ක දී ලකුණු 34ක් රැස් කළේය.

ඒ සමඟින් පිටියේ එක්වූ තවීෂ අභිෂේක් හා රවිඳු ද සිල්වා එක්ව ලකුණු පුවරුව 111ක් දක්වා රැගෙන ගියේය. තවීෂ හා රවිඳු දෙදෙනා තම ඉනිම් අවසාන කළේ පිළිවෙළින් ලකුණු 37ක් හා 25ක් ලබා ගනිමිනි.

ඉන්පසු පිටියට පිවිසි කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට විශාල ඉනිම් කරා යෑමට ඉඩ ලබා නොදීමට බංග්ලාදේශය පන්දු යවන්නන් වග බලා ගත් අතර ඉනිම අවසානයේ හුදකලා සටනක නිරත වූ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 43ක් ලබා ගත්තේය.

ඒ අතරවාරයේ අනෙක් අන්තයෙන් නිපුන් ධනංජය ලකුණු 27ක් හා චමිඳු විජේසිංහ 29ක් ලබා ගත්ත ද ඔවුන්ට දිගු ඉනිම් කරා යෑමේ හැකියාවක් නොලැබුණි.

මේ අනුව ශ්‍රී ලංකාව තම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ තන්සිඩ් හසන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

පෙරදා සුපිරි දස්කම් දැක්වූ කොදෙව්වන්ට ඇස්වහා කටවහා!

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ ලක්නව්හිදී …

ඉන්පසුව තම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ තන්සිඩ් හසන් හා සාජිඩ් හොසේන් ය. එහෙත් තරගයේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක වූ අම්ෂි ද සිල්වා ලකුණු 3ක් ලබා සිටි සාජිඩ්ව දවා ගත්තේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

අනතුරුව පිටියට පිවිසි මහ්මදුල් හසන්ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවසර ලබා නොදුන් අම්ෂි තම දෙවන කඩුල්ල වශයෙන් ලකුණු 14ක් ලබා සිටි මහ්මදුල්ව දවා ගත්තේ බංග්ලාදේශ ලකුණු පුවරුව 37/2ක් බවට පත් කරමිනි.

කෙසේ වෙතත් තන්සිඩ්ට ලකුණු 26දී තම ඉනිම නිමා කිරීමට සිදු වූ අතර අංක 5 පිතිකරු ශහඩාට් හොසේන් ද ලකුණු 23කට දැවී ගියේ දෙපිලටම තරගය විවෘත කරමිනි. ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන් වූයේ 131/4ක් වශයෙනි.

එහෙත් ඉන්පසුව පිටියේ එක්වූ තව්හිඩ් හිඩ්‍රෝයි හා අක්බර් අලී දෙදෙනා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 110ක දැවැන්ත සබඳතාවයක් පැවැත්වූයේ බංග්ලාදේශය තරගය ජයග්‍රහණය ආසන්නයටම රැගෙන යමිනි.

පරණවිතානගේ උත්සාහය අපතේ යයි

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම…

මෙහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ තව්හිඩ් හිඩ්‍රෝයි පන්දු 120ක දී ලකුණු 115ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහයක් ලබා දුන් අක්බර් අලී නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේ පන්දු 60කිනි.

ඒ අනුව බංග්ලාදේශය තම ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 47.2ක දී සපුරා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ අම්ෂි ද සිල්වා කඩුලු 2ක් දවා ගන්නා ලදි.

මේ සමඟින්ම තරග 5කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමත් වූයේ තවත් එක් තරගයක් ද ඉතිරිව තිබිය දී ය. 

දෙරට අතර පැවැත්වෙන පස්වැනි නිල නොවන එක්දින තරගය එළඹෙන අඟහරුවාදා (19) කුල්නා හීදී ම පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<