ඉන්දීය ප්‍රිමියර් ලීග් මාර්තු 29 සිට

121

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මස 29 වනදා ආරම්භ වීමට නියමිතය. පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමු තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතය. ඒ වන්කඩේ ක්‍රීඩාංගණයේ දීය. 

2020 IPL වෙනස් වෙයි; නිපන්දුවට අලුතින් විනිසුරුවෙක්!

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය අන් තරගාවලිවලට වඩා වෙනස්කම් කීපයක් සමඟින්…

තරගාවලියේ මූලික වටයේ තරග වලින් අනතුරුව පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ කාල සටහන තවමත් නිකුත් කර නොමැති අතර අවසන් තරගය මැයි මස 24 වනදා පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේ කාල සටහන තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැත. ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට ලීග් තරගාවලියේ අවසන් තරගය මැයි මස 17 වනදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. 

මෙවර තරගාවලියේ දී සෙනසුරාදා දින තරග දෙකක් නොපැවැත්වීමට සංවිධායකයන් තීරණය කර ඇත. ඒ අනුව සති අන්තයේ දී තරග තුනක් පමණක් පැවැත්වෙන අතර ඉරිදා දිනවල තරග දෙකක් පමණක් පැවැත්වේ. 

මාර්තු මස 29 සහ මැයි මස 17 වනදා එක් තරගය බැගින් පැවැත්වේ. 

මෙම වෙනස්කම් නිසාවෙන් මෙවර ලීග් වේදිකාවට අමතර සතියක් එකතු කර ඇති අතර එය පසුගිය වසරේ තරගාවලිය පැවති දින ගණන 44 කි. මෙවර තරගාවලිය දින 50 දක්වා දීර්ඝ කර ඇත. 

මීට පෙර පැවති සාකච්ඡාවක දී මෙවර තරගාවලියේ රාත්‍රී තරග රාත්‍රී 8ට පෙර ආරම්භ කරන ලෙස Star Sports නාලිකාව ඉල්ලීමක් කර තිබූ නමුත් සංවිධායකයන් එම තීරණයට එකඟ වී නොමැත. 

රාත්‍රී තරග මධ්‍යම රාත්‍රිය පසුවන තුරු පැවැත්වීම මෙම තීරණයට හේතුව වී තිබිනි. පස්වරු තරග සුපුරුදු ලෙස පස්වරු 4ට ආරම්භ වීමට නියමිතය. 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හැරුනු විට අනෙක් සියලුම කණ්ඩායම් තම නගරය පදනම් කරගෙන ක්‍රීඩා කිරීමට නියමිතය. රාජස්ථාන් ‍රෝයල්ස් කණ්ඩායම තම ක්‍රීඩාංගණය ලෙස ග්වාහටී ක්‍රීඩාංගණය නම් කර ඇත. 

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග පසුගිය දා ආරම්භ විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු…

ඔවුන් තම පළමු තරගයට අප්‍රේල් මස 02 වනදා චෙන්නායි හිදී සහභාගී වන අතර දෙවන සහ තෙවන තරග ග්වාහටී හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අප්‍රේල් මස 05 වනදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් සහ අප්‍රේල් මස 09 වනදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟිනි. 

කෙසේවෙතත් රාජස්ථාන් ක්‍රිකට් බලධාරීන් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බලධාරීන් අතර රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩාංගණය ලෙස ග්වාහටී ක්‍රීඩාංගණය තෝරා ගැනීම පිළිබඳව යම් මත භේදයක් ගොඩ නැඟී ඇත. රාජස්ථාන් ක්‍රිකට් බලධාරීන් පවසන්නේ ඔවුන් ජායිපූර් ක්‍රීඩාංගණය තෝරා ගත යුතු බවයි.  

නායක ස්ටීවන් ස්මිත්, තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ කඩුලු රකින පිතිකරු ජොස් බට්ලර් ඇතුළු ඔවුන්ගේ ප්‍රධාන විදේශීය ක්‍රීඩකයින් තරගාවලිය ආරම්භයේ දී කණ්ඩායම සමඟින් සම්බන්ධ නොවීම රෝයල්ස් පිළට ඔවුන්ගේ තරග ආරම්භ කිරීම තරමක් කල් දැමීමට සිදුව තිබිනි. 

එංගලන්ත කණ්ඩායමේ තරග දෙකක ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය මාර්තු 19 සහ 31 යන කාලය තුළ පැවැත්වීමට නියමිතව ඇති අතර අප්‍රේල් 01 වනදා සිට එම ක්‍රීඩකයන් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතය. 

කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන්නේ මාර්තු මස 30 වනදායින් පසුවය. ඒ ඕස්ට්‍රේලියා-නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය නිසාවෙනි. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මාර්තු මස 27 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙන ශෙෆීල්ඩ් කුසලාන තරගාවලියට ද සහභාගී වීමට නියමිතය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්. එම්. ලෝඩා කමිටුව නිර්දේශ කර ඇත්තේ ඉන්දියාවේ ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර සති දෙකක විවේකයක් තිබිය යුතු බවයි. 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සූදානම් වීම සඳහා ඉන්දීය කණ්ඩායමට ඇත්තේ දින 11ක පරතරයක් පමණි.  

ක්‍රිකට් ක්‍රීඩාවේ යුගයක් වර්ණවත් කළ ග්‍රේග් චැපල්

එය 1970/71 අළුබඳුන තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයයි. එංගලන්ත කණ්ඩායමේ ජෝන් ස්නෝව් බ්‍රිස්බේන් නුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී…

ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ඕස්ට්‍රේලියා තරගාවලියේ අවසන් තරගය සඳහා මාර්තු මස 13 වනදා සහභාගී වීමට නියමිතය. කෙසේවෙතත් මෙම වසර ලෝක කුසලාන වසරක් නිසා සෑම කණ්ඩායමක්ම කාර්යබහුල වන නිසා මෙම තරගාවලිය මාර්තු මස 29 ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසර දී ඇත. 

මෙවර තරගාවලිය සඳහා අළුතින් එක්කළ ඕල් ස්ටාර් තරගය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට දින තුනකට පෙර පැවැත්වීමට නියමිතය. මෙම තරගය සඳහා කිංග්ස් XI පන්ජාබ්, දිල්ලි කැපිටල්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් “උතුරු සහ නැගෙනහිර” කණ්ඩායම නියෝජනය කරන අතර චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් “දකුණු සහ බටහිර කණ්ඩායම” නියෝජනය කිරීමට නියමිතය. 

තරග අංකය දිනය වේලාව කණ්ඩායම  කණ්ඩායම  ක්‍රීඩාංගණය
1 29 මාර්තු  ඉරිදා 8:00 පස්වරු මුම්බායි ඉන්දියන්ස් චෙන්නායි සුපර් කිංග්ස් මුම්බායි
2 30 මාර්තු  සඳුදා 8:00 පස්වරු දිල්ලි කැපිටල්ස් කිංග්ස් ඉලෙවන් පංජාබ් දිල්ලි
3 31 මාර්තු  අඟහරුවාදා 8:00 පස්වරු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කොල්කටා නයිට් රයිඩර්ස් බැංගලෝර් 
4 01 අප්‍රේල් බදාදා 8:00 පස්වරු සන්‍රයිසස් හයිද්‍රාබාද් මුම්බායි ඉන්දියන්ස් හයිද්‍රාබාද් 
5 02 අප්‍රේල් බ්‍රහස්පතින්දා 8:00 පස්වරු චෙන්නායි සුපර් කිංග්ස් රාජස්ථාන් ‍රෝයල්ස් චෙන්නායි
6 03 අප්‍රේල් සිකුරාදා 8:00 පස්වරු කොල්කටා නයිට් රයිඩර්ස් දිල්ලි කැපිටල්ස් කොල්කටා
7 04 අප්‍රේල් සෙනසුරාදා  8:00 පස්වරු කිංග්ස් ඉලෙවන් පංජාබ් සන්‍රයිසස් හයිද්‍රාබාද් මොහාලි
8 05 අප්‍රේල් ඉරිදා 4:00 පස්වරු මුම්බායි ඉන්දියන්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මුම්බායි
9 05 අප්‍රේල් ඉරිදා 8:00 පස්වරු රාජස්ථාන් ‍රෝයල්ස් දිල්ලි කැපිටල්ස් TBC
10 06 අප්‍රේල් සඳුදා 8:00 පස්වරු කොල්කටා නයිට් රයිඩර්ස් චෙන්නායි සුපර් කිංග්ස් කොල්කටා
11 07 අප්‍රේල් අඟහරුවාදා 8:00 පස්වරු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සන්‍රයිසස් හයිද්‍රාබාද් බැංගලෝර් 
12 08 අප්‍රේල් බදාදා 8:00 පස්වරු කිංග්ස් ඉලෙවන් පංජාබ් මුම්බායි ඉන්දියන්ස් මොහාලි
13 09 අප්‍රේල් බ්‍රහස්පතින්දා 8:00 පස්වරු රාජස්ථාන් ‍රෝයල්ස් කොල්කටා නයිට් රයිඩර්ස් TBC
14 10 අප්‍රේල් සිකුරාදා 8:00 පස්වරු දිල්ලි කැපිටල්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් දිල්ලි
15 11 අප්‍රේල් සෙනසුරාදා  8:00 පස්වරු චෙන්නායි සුපර් කිංග්ස් කිංග්ස් ඉලෙවන් පංජාබ් චෙන්නායි
16 12 අප්‍රේල් ඉරිදා 4:00 පස්වරු සන්‍රයිසස් හයිද්‍රාබාද් රාජස්ථාන් ‍රෝයල්ස් හයිද්‍රාබාද් 
17 12 අප්‍රේල් ඉරිදා 8:00 පස්වරු කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බායි ඉන්දියන්ස් කොල්කටා
18 13 අප්‍රේල් සඳුදා 8:00 පස්වරු දිල්ලි කැපිටල්ස් චෙන්නායි සුපර් කිංග්ස් දිල්ලි
19 14 අප්‍රේල් අඟහරුවාදා 8:00 පස්වරු කිංග්ස් ඉලෙවන් පංජාබ් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මොහාලි
20 15 අප්‍රේල් බදාදා 8:00 පස්වරු මුම්බායි ඉන්දියන්ස් රාජස්ථාන් ‍රෝයල්ස් මුම්බායි
21 16 අප්‍රේල් බ්‍රහස්පතින්දා 8:00 පස්වරු සන්‍රයිසස් හයිද්‍රාබාද් කොල්කටා නයිට් රයිඩර්ස් හයිද්‍රාබාද් 
22 17 අප්‍රේල් සිකුරාදා 8:00 පස්වරු කිංග්ස් ඉලෙවන් පංජාබ් චෙන්නායි සුපර් කිංග්ස් මොහාලි
23 18 අප්‍රේල් සෙනසුරාදා  8:00 පස්වරු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් රාජස්ථාන් ‍රෝයල්ස් බැංගලෝර් 
24 19 අප්‍රේල් ඉරිදා 4:00 පස්වරු දිල්ලි කැපිටල්ස් කොල්කටා නයිට් රයිඩර්ස් දිල්ලි
25 19 අප්‍රේල් ඉරිදා 8:00 පස්වරු චෙන්නායි සුපර් කිංග්ස් සන්‍රයිසස් හයිද්‍රාබාද් චෙන්නායි
26 20 අප්‍රේල් සඳුදා 8:00 පස්වරු මුම්බායි ඉන්දියන්ස් කිංග්ස් ඉලෙවන් පංජාබ් මුම්බායි
27 21 අප්‍රේල් අඟහරුවාදා 8:00 පස්වරු රාජස්ථාන් ‍රෝයල්ස් සන්‍රයිසස් හයිද්‍රාබාද් ජායිපූර්
28 22 අප්‍රේල් බදාදා 8:00 පස්වරු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් දිල්ලි කැපිටල්ස් බැංගලෝර් 
29 23 අප්‍රේල් බ්‍රහස්පතින්දා 8:00 පස්වරු කොල්කටා නයිට් රයිඩර්ස් කිංග්ස් ඉලෙවන් පංජාබ් කොල්කටා
30 24 අප්‍රේල් සිකුරාදා 8:00 පස්වරු චෙන්නායි සුපර් කිංග්ස් මුම්බායි ඉන්දියන්ස් චෙන්නායි
31 25 අප්‍රේල් සෙනසුරාදා  8:00 පස්වරු රාජස්ථාන් ‍රෝයල්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ජායිපූර්
32 26 අප්‍රේල් ඉරිදා 4:00 පස්වරු කිංග්ස් ඉලෙවන් පංජාබ් කොල්කටා නයිට් රයිඩර්ස් මොහාලි
33 26 අප්‍රේල් ඉරිදා 8:00 පස්වරු සන්‍රයිසස් හයිද්‍රාබාද් දිල්ලි කැපිටල්ස් හයිද්‍රාබාද් 
34 27 අප්‍රේල් සඳුදා 8:00 පස්වරු චෙන්නායි සුපර් කිංග්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් චෙන්නායි
35 28 අප්‍රේල් අඟහරුවාදා 8:00 පස්වරු මුම්බායි ඉන්දියන්ස් කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බායි
36 29 අප්‍රේල් බදාදා 8:00 පස්වරු රාජස්ථාන් ‍රෝයල්ස් කිංග්ස් ඉලෙවන් පංජාබ් ජායිපූර්
37 30 අප්‍රේල් බ්‍රහස්පතින්දා 8:00 පස්වරු සන්‍රයිසස් හයිද්‍රාබාද් චෙන්නායි සුපර් කිංග්ස් හයිද්‍රාබාද් 
38 01 මැයි සිකුරාදා 8:00 පස්වරු මුම්බායි ඉන්දියන්ස් දිල්ලි කැපිටල්ස් මුම්බායි
39 02 මැයි සෙනසුරාදා  8:00 පස්වරු කොල්කටා නයිට් රයිඩර්ස් රාජස්ථාන් ‍රෝයල්ස් කොල්කටා
40 03 මැයි ඉරිදා 4:00 පස්වරු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කිංග්ස් ඉලෙවන් පංජාබ් බැංගලෝර් 
41 03 මැයි ඉරිදා 8:00 පස්වරු දිල්ලි කැපිටල්ස් සන්‍රයිසස් හයිද්‍රාබාද් දිල්ලි
42 04 මැයි සඳුදා 8:00 පස්වරු රාජස්ථාන් ‍රෝයල්ස් චෙන්නායි සුපර් කිංග්ස් ජායිපූර්
43 05 මැයි අඟහරුවාදා 8:00 පස්වරු සන්‍රයිසස් හයිද්‍රාබාද් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හයිද්‍රාබාද් 
44 06 මැයි බදාදා 8:00 පස්වරු දිල්ලි කැපිටල්ස් මුම්බායි ඉන්දියන්ස් දිල්ලි
45 07 මැයි බ්‍රහස්පතින්දා 8:00 පස්වරු චෙන්නායි සුපර් කිංග්ස් කොල්කටා නයිට් රයිඩර්ස් චෙන්නායිහයිද්‍රාබාද් 
46 08 මැයි සිකුරාදා 8:00 පස්වරු කිංග්ස් ඉලෙවන් පංජාබ් රාජස්ථාන් ‍රෝයල්ස් මොහාලි
47 09 මැයි සෙනසුරාදා  8:00 පස්වරු මුම්බායි ඉන්දියන්ස් සන්‍රයිසස් හයිද්‍රාබාද් මුම්බායි
48 10 මැයි ඉරිදා 4:00 පස්වරු චෙන්නායි සුපර් කිංග්ස් දිල්ලි කැපිටල්ස් චෙන්නායි
49 10 මැයි ඉරිදා 8:00 පස්වරු කොල්කටා නයිට් රයිඩර්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කොල්කටා
50 11 මැයි සඳුදා 8:00 පස්වරු රාජස්ථාන් ‍රෝයල්ස් මුම්බායි ඉන්දියන්ස් ජායිපූර්
51 12 මැයි අඟහරුවාදා 8:00 පස්වරු සන්‍රයිසස් හයිද්‍රාබාද් කිංග්ස් ඉලෙවන් පංජාබ් හයිද්‍රාබාද් 
52 13 මැයි බදාදා 8:00 පස්වරු දිල්ලි කැපිටල්ස් රාජස්ථාන් ‍රෝයල්ස් දිල්ලි
53 14 මැයි බ්‍රහස්පතින්දා 8:00 පස්වරු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් චෙන්නායි සුපර් කිංග්ස් බැංගලෝර් 
54 15 මැයි සිකුරාදා 8:00 පස්වරු කොල්කටා නයිට් රයිඩර්ස් සන්‍රයිසස් හයිද්‍රාබාද් කොල්කටා
55 16 මැයි සෙනසුරාදා  8:00 පස්වරු කිංග්ස් ඉලෙවන් පංජාබ් දිල්ලි කැපිටල්ස් මොහාලි
56 17 මැයි ඉරිදා 8:00 පස්වරු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මුම්බායි ඉන්දියන්ස් බැංගලෝර් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<