ජය පරාජයෙන් තොරව අවසන් වූ සටනින් ත්‍රිත්වයින් ඉදිරියට

587

‍ෙදළඅනාගතය සොයා යන පාසල් දක්ෂයින් කරළියට රැගෙන එන සිංගර් 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ දෙදින අවසන් පූර්ව වටයේ තරගයක් වේල්ස් කුමර විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (29) අවසන් වූයේ ජය පරාජයෙන් තොරවය.

නමුත් මේ තරගය අවසන් පූර්ව වටයේ තරගයක් වූ නිසා කුමන හෝ කණ්ඩායමකට ජයග්‍රහණය ලබා දිය යුතුව තිබුණු අතර අවසානයේ තරගයේ අවසන් වන විට ලබාගෙන තිබූ දල ලකුණු ලබා ගැනීමේ වේගය සලකා බලා තරගයේ ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලයට ලබා දීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි.

කෑගලු රන් සටනේ දී සාන්ත මරියා විද්‍යාලයට ඉනිමක ජයක්

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර 38 වැනි වරටත් පැවති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (29) කුරුණෑගල වෙලගෙදර…

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු දිනය (28) එතරම් සාර්ථක දිනයක් නොවූයේ විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර විද්‍යාල නායක සවිඳු පිරිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 32ක් අවසානයේ තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා විනිසුරුවරුන් තරගයේ පළමු දිනය අවසන්  කිරීමට තීරණය කරන ලදි.

දෙවන දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 58ක් ලබාගෙන තිබුණි. එතැන් සිට පිටියේ එක්වූ සුවත් මෙන්ඩිස් හා සනෝජ් දර්ශික පිළිවෙළින් ලකුණු 64ක් හා ලකුණු 57ක් ලබාගෙන වේල්ස් කුමර විද්‍යාල ලකුණු සටහන ලකුණු 248ක් දක්වා රැගෙන ගියේය.

මීට අමතරව අවිඳු ප්‍රනාන්දු, සඳුන් ප්‍රනාන්දු හා නායක සවිඳු පිරිස් ද ඔවුන්ට හැකි ලෙස ලකුණු අතරට පිවිසෙන ලදි.

කඩුලු 9ක් දැවී ලකුණු 248ක් ලබාගත් වේල්ස් කුමාර විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවා ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු රැස්කිරීමට අවසර ලබා දුන්නේය. පන්දු යැවීමේ දී තිසරු රශ්මික, කවිෂ්ක සේනාධීර හා විමුක්ති නෙතුමල් යන ක්‍රීඩකයින් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

වංචාවෙන් දිනන්න ගිය ස්මිත් සහ වෝනර්ට දඬුවම් ලැබුණු හැටි

දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්ලන්ඩ්ස් හී පැවති ටෙස්ට් තරගයේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිද්ධි මාලාව හේතුවෙන් ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් හට වසරක…

එහි දී සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ කන්ද උඩරට ත්‍රිත්ව විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් රැස්කර ගත්තේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 2.76ක් වැනි මට්ටමක පවත්වා ගනිමිනි.

නමුත් වේල්ස් කුමාර විද්‍යාලය සිය ඉනිම අවසන් වන විට පවත්වා ගෙන තිබූ දල ලකුණු ලබා ගැනීමේ වේගය 2.73ක් වූ නිසා තරගයෙන් ජයග්‍රහණය කිරීමට‍ ත්‍රිත්ව විද්‍යාලයට අවස්ථාව ලැබුණි. ඒ අනුව ත්‍රිත්ව විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලයේ සිහින බොඳ කරමින් 2017/18 දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට වරම් දිනා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම: 248/9d (120.1): සුවත් මෙන්ඩිස් 64, සනෝජ් දර්ශික 57, අවිඳු ප්‍රනාන්දු 26, සඳුන් ප්‍රනාන්දු 24, සවිඳු පීරිස් 20, තිසරු රශ්මික 2/27, කවිෂ්ක සේනාධීර 2/41, විමුක්ති නෙතුමල් 2/80.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 51/1 (12): පුබුදු බණ්ඩාර 26*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<