ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේ දී පහර කයි

454
Singapore crush Sri Lanka in Asian Youth Netball semi-final

10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 58-32ක් වශයෙන් සිංගප්පූරුව හමුවේ පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ජියෝන්ජු හිදීයි.

ශ්‍රී ලංකාවට 10 වන තැන

වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ ඊයේ (7) පැවැත්වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට උස්බෙකිස්තානය, ජපානය, තායිලන්තය, ඉරානය හා…

ඒත් සමඟින් පසුගිය වසරේ දී 69-58ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ සිංගප්පූරු කණ්ඩායම එහි වාඩුව ගන්නට සමත් විය.

තරගාවලියේ පළමු දිනය තුළ දී තායිලන්තය හමුවේ ලකුණු 53-48ක නොසිතු පරාජයක් ලද ශ්‍රී ලංකාව, ඉන් පසුව හිස ඔසවන්නට සමත් වූයේ පකිස්තානයට 93-06ක් වශයෙන් සහ මාලදිවයිනට 86-14ක පරාජයක් අත්කර දෙමිනි. අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම සඳහා අනිවාර්යයෙන්ම ජය ගත යුතුව තිබූ හොංකොං ට එරෙහි තරගය ද 60-45ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් විය.

ඉන්දියාව සමඟින්  නිතරග ජයක් ලද සිංගප්පූරුව, දකුණු කොරියාවට රිදවූයේ 108-06ක් ලෙසයි. තරගාවලියේ  මෙතෙක් පැවති තරගකාරීම තරගයේ දී 2015 අනුශූරියන් වූ මැලේසියාව හමුවේ ලකුණු 53-50ක් ලෙස පරාජය වන්නට ඔවුන්ට සිදු වූ අතර අවසන් පූර්ව තරගයට පෙරාතුව 79-15ක් වශයෙන් චීන තායිපේ හමුවේ පහසු ජයක් ලබන්නට ඔවුන් සමත් විය.

අවසන් පූර්ව තරගයේ පළමු කාර්තුව තුළ දී ලකුණු 16-08ක් ලෙස ඉදිරියෙන් පසුවූ සිංගප්පූරුව, 27-10ක් වශයෙන් ලකුණු 10ක පරතරයක් සහිතව  කාර්තුව අවසන් කළේය. තෙවන කාර්තුව අවසානයේ දී ලකුණු 18ක පරතරයක් නිර්මාණය කර ගත් ඔවුන් 41-23ක් වශයෙන් ඉදිරියෙන් පසු විය. මීළඟ අර්ධය තුළ දී ද ලකුණු 17ක් වාර්තා කළ ඔවුන් ලකුණු 58-32ක් වශයෙන් සමස්ත තරගය ජය ලද්දේය.

සිංගප්පූරු කණ්ඩායම හමුවේ තරග පිටියේ මධ්‍ය කලාපය තුළ දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්වූ ලාංකික ක්‍රීඩිකාවන් දැල තුළට එල්ල කිරීම් 48ක් පමණක් එල්ල කොට තිබුණේ සිංගප්පූරුව එවැනි එල්ල කිරීම් 76ක් කර තිබිය දී යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීනා  රාජපක්ෂ පමණක් ලකුණු 24ක් රැස්කළ අතර රශ්මි පෙරේරා,  උත්සාහයන් 15කදී ලකුණු 8ක් පමණක් වාර්තා කළාය.

ඊට පිළිතුරු වශයෙන් ලී පෙයි ශාන් සහ ටෝ කායි වෙයි වැඩි වශයෙන් ලකුණු රැස්කොට තිබිණි.

අනෙකුත් අවසන් පූර්ව තරගයේ දී මැලේසියාව, හොංකොං හමුවේ ලකුණු 70-40ක් වශයෙන් පරාජය විය.

හෙට (13) තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ශ්‍රී ලංකාවත් හොංකොං කණ්ඩායමත් තරග වදින අතර අවසන් මහා තරගය වෙනුවෙන් මැලේසියාව සහ සිංගප්පූරුව සටන් වදියි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න  මුල් පිටුවට