කුලරත්න සහ ධර්මාශෝක විදුහල්වලට ජය

425
Galle/Matara U15

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ අධීක්ෂණයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වසය අවුරුදු 15න් පහළ දකුණු පළාත් කලාපීය පාසල් පැසිපන්දු තරගාවලිය අදින් (27) ආරම්භ විය.

සියවසකට ආසන්න කාලයක් පැවති ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවය

1950 වසරේදී ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය විසින්, 1960 දී ආරම්භ කරනු ලැබූ ජාතික ජ්‍යේෂ්ඨ ශූරතා පැසිපන්දු තරගාවලිය 51 වන…

සෑම වසරක් පාසාම පැවැත්වෙන මෙම තරගාවලිය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය එළිමහන් පැසිපන්දු ක්‍රීඩාංගණයේදී අද (27) සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, අනුලා දේවි බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ පී. ඩී. එස්. කුලරත්න විද්‍යාලය, ගින්තොට මහා විද්‍යාලය හා මාතර සුජාතා බාලිකා විද්‍යාලය යන පාසල් සහභාගී වේ.

අද (27) සවස 2.30 පමණ ආරම්භ වූ තරගාවලියේ පළමු තරගයට, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අනුලා දේවි බාලිකා විද්‍යාලය සහභාගී වූ අතර එහිදී ලකුණු 43 – 06ක් ලෙස ජය ගන්නට ධර්මාශෝක විද්‍යාලීය 15න් පහල බාලිකාවන්ට හැකි විය.

ආරම්භයේ සිටම ප්‍රතිවාදී අනුලා බාලිකාවන් හට විශාල තර්ජනයක් වූ නුහන්සා නෙත්මන්ති විසින් අවස්ථා කිහිපයකදීම ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ලකුණු රැස් කළ අතර ඊට නොදෙවැනි අයුරින් ක්‍රීඩා කළ සෙනුරි ප්‍රමෝද්‍යා පන්දුව තමන් සතු කරගනිමින් නෙත්මි උත්තරාගේ සහය ද ඇතිව ගෝල කණුව අාක්‍රමණය කලේ ධර්මාශෝක විද්‍යාලයේ ජය තවදුරටත් තහවුරු කරමිනි. පළමු අර්ධය තුළ අනුලා දේවි බාලිකා විද්‍යාලය වෙනුවෙන් ලකුණු ලබා ගැනීම‍ට සමත් වූයේ තෂිලා ක්‍රීඩිකාව පමණි.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 33 – අනුලා බාලිකා විද්‍යාලය 02

දෙවන අර්ධය ආරම්භයේ දී ධර්මාශෝක ක්‍රීඩිකාවන් පළමුව ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අතර එම කණ්ඩායමේ මෙතූෂා මන්දාරී අවසන් කාර්තුවේදී කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙය විය.

සම්පූර්ණ ලකුණු : ධර්මාශෝක විද්‍යාලය 43 – අනුලා බාලිකා විද්‍යාලය 06

ධර්මාශෝක විද්‍යාලය අනුලා බාලිකා විද්‍යාලය
පළමු කාර්තුව 23 00
දෙවන කාර්තුව 10 02
තෙවන කාර්තුව 02 00
සිව්වන කාර්තුව 08 04

දිනයේ දෙවන තරගය පැවතියේ අම්බලන්ගොඩ පී. ඩී. එස් කුලරත්න විද්‍යාලය හා ගින්තොට මහා විද්‍යාලය අතරයි. මෙම තරගයේදී ලකුණු 21 – 07ක් ලෙසින් ජයග්‍රහණය ලබා ගත්තේ පී. ඩී. එස්. කුලරත්න විද්‍යාලය විසිනුයි.

කුලරත්න විද්‍යාලය වෙනුවෙන් තම වගකීම් කරට ගත් ශෙහාරි, පළමු අර්ධය තුළ සාර්ථකව ගෝල කණුව වෙත දිව යමින් ලකුණු ලබා ගන්නේ තම කණ්ඩායමට එම අර්ධයේදීම ජය තහවුරු කරමිනි. ඒ අතර දිනෙති ද සියලුම ක්‍රීඩිකාවන් අතරින් රිංගා යමින් පන්දුව සුරැකිව තබා ගෙන ලකුණු රැස් කිරීමට සමත් විය.

පළමු අර්ධය: පී. ඩී. එස් කුලරත්න විද්‍යාලය 08 – ගින්තොට මහා විද්‍යාලය 05

තුන්වන කාර්තුව තුළදී කුලරත්න ක්‍රීඩිකාවන් ලකුණු 2කුත්, සිව්වන කාර්තුවේදී ලකුණු 11කුත් ලබා ගෙන මෙම තරගය ජය ගන්නා විට, ගින්තොට ක්‍රීඩිකාවන්ට අවසන් කාර්තු දෙක තුළදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණි. එහිදී ගින්තොට විද්‍යාලය වෙනුවෙන් රෂ්මි කවීශා හා පියුමි උදේශිකා ලකුණු ලබා ගැනීමට සමත් විය.

සම්පූර්ණ ලකුණු: පී. ඩී. එස්. කුලරත්න විද්‍යාලය 21 – ගින්තොට මහා විද්‍යාලය 07

පී. ඩී. එස්. කුලරත්න විද්‍යාලය ගින්තොට මහා විද්‍යාලය
පළමු කාර්තුව 02 05
දෙවන කාර්තුව 06 00
තෙවන කාර්තුව 02 00
සිව්වන කාර්තුව 11 02

මෙම තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (28) පැවැත්වීමට නියමිත අතර ඒවා පහත පරිදි වේ.

  • උදෑසන 07.00 – අනුලා දේවි බාලිකා විද්‍යාලයට එදිරිව පී. ඩී. එස් කුලරත්න විද්‍යාලය
  • උදෑසන 08.30 – සුජාතා බාලිකා විද්‍යාලයට එදිරිව ධර්මාශෝක විද්‍යාලය
  • සවස 2.30 – ධර්මාශෝක විද්‍යාලයට එදිරිව ගින්තොට මහා විද්‍යාලය
  • සවස 04.00 – අනුලා දේවි බාලිකා විද්‍යාලයට එදිරිව සුජාතා බාලිකා විද්‍යාලය

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට