උඩවත්ත හා රොෂේන් ගේ සබඳතාවය

473
Sri Lanka A v Durham cc 1st ODI 3day

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟය (26) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ආරම්භ විය. තරගයේ තෙවන දිනය (28)  නිමාවන විට ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම සඳහා කඩුලු 2 ක් දැවී  ලකුණු 143  ක් ලබාගෙන සිටින ලදි.

පසුගිය ලිපි:විශ්ව ප්‍රනාන්දුගෙන් විශිෂ්ට දඩයමක්

තරගයේ තෙවන දිනය ආරම්භ වන විට ලකුණු පුවරුව ශ්‍රී ලංකා දෙවන ඉණිම – 24-0 (10) උදාර ජයසුන්දර 16* , මාධව වර්ණපුර 7* ලෙස දැක්විය.

තරඟය ආරම්භ කර සුළු මොහොතකට පසු 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 23 ක් ලබා සිටි උදාර ජයසුන්දර දැවීයන ලදි. මාධව වර්ණපුර 4 පහර 2 ක් සමඟ ලකුණු 27 ක් ලබාගන්නා ලදි.

අනතුරුව පිටියේ එක්වූ මහේල උඩවත්ත හා පළමු ඉණිමේ ද දක්ෂතා දැක්වූ  රොෂේන් සිල්වා 3 වන කඩුල්ල සඳහා දිනය නිමාවන තුරු එම සබඳතාවය පවත්වාගෙන යාමට සමත් විය. එය ලකුණු 84 ක නොබිදුනු සබඳතාවයක් විය. දිනය නිමාවන ශ්‍රී ලංකා කණ්ඩායම ඩර්හැම් පළමු ඉණිමට වඩා කඩුලු 8 ක් අතැතිව ලකුණු 291 ක් ඉදිරියෙන් සිටින නිසා ඩර්හැම් කණ්ඩායම ඉතා අසීරු තත්ත්වයක පසුවෙයි. උඩවත්ත හා සිල්වා යන දෙදෙනාම 4 පහරවල් 3 බැගින් එල්ල කර ඇත.

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 143-2 (52) මහේල උඩවත්ත 45*, රොශ්න් සිල්වා 43*, මාධව වර්ණපුර 27, ජෝශ් කෝලින් 1/10

අද (29) මෙම තරගයේ අවසන් දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට