Home Sinhala සිංහයින් කෝඩුකාරයින් කරමින් දකුණු අප්‍රිකානුවෝ කඳවුරු බඳිති

සිංහයින් කෝඩුකාරයින් කරමින් දකුණු අප්‍රිකානුවෝ කඳවුරු බඳිති

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

238
Image Credits - AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (3) Johannesburg හිදී ආරම්භ විය. කෙසේ නමුත් තරගයේ පළමු දිනය තුලම සිය අණසක පතුරුවා හැරි දකුණු අප්‍රිකානු කණ්ඩායම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් අඩුකමින් සාර්ථක ඵල නෙලාගත්තේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ආසන්නයටම පැමිණෙමිනි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියේ පළමු තරගය ජය ගත් දකුණු අප්‍රිකානුවන් 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ විය. ලැබුවා වූ 2021 නව වසරේ පළමු කාසියේ වාසිය තමන් සතු කර ගත් නායක දිමුත් කරුණාරත්න සුපුරුදු ලෙස මේ තරගයේ දී ද පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළේය. මේ තරගයේ දී කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත්තේය.

එසේම මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනස්කම් 4ක් සිදු කරමින් ආබාධවලට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කසුන් රාජිත, ලහිරු කුමාර යන ක්‍රීඩකයින් වෙනුවට ලහිරු තිරිමාන්න, මිනෝද් භානුක, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් මේ තරගයට කැඳවා තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නායක දිමුත් සහ කුසල් පෙරේරා සෙමින් සීරුවේ පළමු කඩුල්ල සඳහා ලකුණු 19ක සබඳතාවයක් ගොඩනැංවූයේ දැඩි පීඩනයක් මැදිනි. තරගයේ පළමු දිනයේ පළමු පැය කිහිපය තුල පන්දුවේ ඉපිලීම සහ දෝලනය මගින් ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක ලෙස මෙල්ල කළ Anrich Nortje ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් තරගයේ පළමු පන්දුවේ සිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ව ඉතාමත් සැලසුම් සහගත ලෙස පන්දු ක්‍රියාත්මක කරන ලදි. එහි දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හට ඉතාමත් හොඳ සැලසුමක් ඇති බව පෙනෙන්නට වූයේ පන්දු රකින්නන් ස්ථාන ගත කිරීම සහ පන්දු පතිත කිරීම ඉතාමත් ඉහළ මට්ටමක තිබූ නිසාවෙනි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පෙරේරා 4 පහර 11ක් එල්ල කරමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි අර්ධ ශතකය ලබා ගත් අතර ඔහු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් යොමු කරන දුර්වල පන්දු තෝරා බේරාගනිමින් සිය පිති ප්‍රහාරය දියත් කළේ ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩා විලාසයට ක්‍රීඩා කරමිනි. 

ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා දෙවන කඩුල්ල සඳහා ලකුණු 52ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන තවත් ඉදිරියට රැගෙන ගිය නමුත් තිරිමාන්න දැවී ගිය පසුව ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ආරම්භ විය.

කෙසේ නමුත් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර පිළිවෙළින් ලකුණු 29ක් සහ ලකුණු 22ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 157ක් දක්වා රැගෙන එන ලද්දේ දැඩි පීඩනයක් මැදිනි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ Anrich Nortje ලකුණු 56කට කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දක්වන ලද්දේ ශ්‍රී ලංකා පිතිකරුවන් බහුතරයක් මේ තණතීරුව මත ආරක්ෂාකාරී පිතිකරණයක නිරත වීම සඳහා වැඩි නැඹුරුවක් දැක්වූ නිසයි. 

එසේම දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දුන් දුර්වල ආණ්ඩු ප්‍රමාණය ඉතාමත් අවම වීම සහ ඔවුන්ට තිබෙන අත්දැකීම් ප්‍රමාණය සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම මෙවැනි අඩු මට්ටමකට සීමා කළේය.

දකුණු අප්‍රිකානු පිළිතුරු පළමු ඉනිම ආරම්භ කළ Dean Elgar සහ Aiden Markram පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවයක් ගොඩනංවා තිබියදී සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන අසිත ලකුණු 5ක් ලබාගෙන සිටි Markramගේ කඩුල්ල දවා ගත්තේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තරමක් ඉහළ නංවමිනි.

කෙසේ නමුත් එම කඩුල්ල තුලින් ලබා ගත් නව ජවය සෙමින් සීරුවේ දියාරු කිරීමේ වගකීම සිය උර මත තබා ගත් Elgar සහ Rassie van der Dussen තරගයේ පළමු දිනය අවසන් වන විට දෙවන කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 114*ක සබඳතාවයක් ගොඩනංවා තිබෙන්නේ 148/1ක් ලෙස ඔවුන්ට ප්‍රධාන ලකුණු සටහන ඔසවා තබමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Elgar ලකුණු 92*ක් ලබා ගන්නා විට, Rassie van der Dussen  නොදැවී ලකුණු 40*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි.

Result


South Africa
302/10 (75.4) & 67/0 (13.2)

Sri Lanka
157/10 (40.3) & 211/10 (56.5)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Quinton de Kock b Anrich Nortje 2 32 0 0 6.25
Kusal Perera c Aiden Markram b Wiaan Mulder 60 67 11 0 89.55
Lahiru Thirimanne c Faf du Plessis b Wiaan Mulder 17 30 3 0 56.67
Kusal Mendis c Rassie van der Dussen b Wiaan Mulder 0 4 0 0 0.00
Minod Bhanuka c Rassie van der Dussen b Anrich Nortje 5 10 1 0 50.00
Niroshan Dickwella c Quinton de Kock b Anrich Nortje 7 10 1 0 70.00
Dasun Shanaka c Quinton de Kock b Anrich Nortje 4 17 0 0 23.53
Wanindu Hasaranga c Quinton de Kock b Lutho Sipamla 29 27 5 0 107.41
Dushmantha Chameera c Quinton de Kock b Anrich Nortje 22 29 4 0 75.86
Vishwa Fernando not out 2 11 0 0 18.18
Asitha Fernando b Anrich Nortje 4 6 1 0 66.67


Extras 5 (b 0 , lb 5 , nb 0, w 0, pen 0)
Total 157/10 (40.3 Overs, RR: 3.88)
Bowling O M R W Econ
Lungi Ngidi 10 3 44 0 4.40
Anrich Nortje 14.3 1 56 6 3.92
Lutho Sipamla 9 3 27 1 3.00
Wiaan Mulder 7 3 25 3 3.57
Batsmen R B 4s 6s SR
Dean Elgar c Lahiru Thirimanne b Dushmantha Chameera 127 163 22 0 77.91
Aiden Markram c Kusal Mendis b Asitha Fernando 5 21 0 0 23.81
Rassie van der Dussen c Niroshan Dickwella b Dasun Shanaka 67 127 12 0 52.76
Quinton de Kock c Kusal Mendis b Vishwa Fernando 10 20 1 0 50.00
Faf du Plessis c Niroshan Dickwella b Dasun Shanaka 8 15 1 0 53.33
Temba Bavuma lbw b Vishwa Fernando 19 30 3 1 63.33
Wiaan Mulder lbw b Vishwa Fernando 7 17 1 0 41.18
Keshav Maharaj c Niroshan Dickwella b Asitha Fernando 2 8 0 0 25.00
Anrich Nortje c Kusal Mendis b Vishwa Fernando 13 16 2 0 81.25
Lutho Sipamla c Dasun Shanaka b Vishwa Fernando 5 19 1 0 26.32
Lungi Ngidi not out 14 18 3 0 77.78


Extras 25 (b 8 , lb 14 , nb 0, w 3, pen 0)
Total 302/10 (75.4 Overs, RR: 3.99)
Bowling O M R W Econ
Vishwa Fernando 23.4 0 101 5 4.32
Asitha Fernando 19 5 61 2 3.21
Dushmantha Chameera 14 1 53 1 3.79
Dasun Shanaka 15 4 42 2 2.80
Wanindu Hasaranga 4 0 23 0 5.75
Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Wiaan Mulder b Anrich Nortje 103 128 19 0 80.47
Kusal Perera b Lungi Ngidi 1 7 0 0 14.29
Lahiru Thirimanne c Quinton de Kock b Lungi Ngidi 31 57 7 0 54.39
Kusal Mendis c Quinton de Kock b Lungi Ngidi 0 1 0 0 0.00
Minod Bhanuka c Keshav Maharaj b Anrich Nortje 1 7 0 0 14.29
Niroshan Dickwella c Temba Bavuma b Lungi Ngidi 36 68 6 0 52.94
Dasun Shanaka c Lutho Sipamla b Wiaan Mulder 8 24 1 0 33.33
Wanindu Hasaranga b Lutho Sipamla 16 32 2 0 50.00
Dushmantha Chameera c Quinton de Kock b Lutho Sipamla 0 10 0 0 0.00
Vishwa Fernando not out 1 7 0 0 14.29
Asitha Fernando b Lutho Sipamla 0 2 0 0 0.00


Extras 14 (b 9 , lb 2 , nb 2, w 1, pen 0)
Total 211/10 (56.5 Overs, RR: 3.71)
Bowling O M R W Econ
Lungi Ngidi 15 5 44 4 2.93
Anrich Nortje 19 2 64 2 3.37
Wiaan Mulder 13 3 52 1 4.00
Lutho Sipamla 9.5 1 39 3 4.11


Batsmen R B 4s 6s SR
Dean Elgar not out 31 27 5 0 114.81
Aiden Markram not out 36 53 4 0 67.92


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 67/0 (13.2 Overs, RR: 5.03)
Bowling O M R W Econ
Vishwa Fernando 4 0 23 0 5.75
Asitha Fernando 4 1 20 0 5.00
Wanindu Hasaranga 2.2 0 16 0 7.27
Dasun Shanaka 3 1 8 0 2.67



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<