ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ද, දෙවන එක්දින තරගය ලකුණු 21කින් ද ජය ගත් නවසීලන්තය තරග 2-0ක් ලෙස එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සමත් වුනා.
තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින තරගය හෙට (8) නෙල්සන් හි සැක්සන් ඕවල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තිසරගෙන් කිවියන් සසල කළ ඉනිමක්
නවසීලන්ත ක්‍රිකට් රණබිමේ හුදකලා සටනක නිරත වූ තිසර පෙරේරා අද (05) තම එක්දින…
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට පෙර අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ 2015 වසරේ අග භාගයේ දී වන අතර එම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 3-1ක් ලෙස පරාජයට පත්විය. එසේම 2012/13 වසරේ නවසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී 3-0ක් ලෙස එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
මුහුණට මුහුණ
1979 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 96ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 47ක ජය නවසීලන්තය සතු වෙද්දී, ශ්‍රී ලංකාව තරග 41ක් ජයග්‍රහණය කර තියෙනවා. තවද එක්දින තරග 8ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත්තේ ලකුණු සමවීමෙන් අවසන් වූ එක් තරගයක් ද සමඟයි.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
කුසල් ජනිත් පෙරේරා

නිමා වූ එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධයකින් අනතුරුව පළමු වතාවට මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ කුසල් ජනිත් ශතක 4ක් සහ අර්ධ ශතක 11කින් ප්‍රතිවාදීන්ට සංග්‍රහ කර ඇත. නවසීලන්තයට එදිරිව එක්දින තරග දෙකක් පමණක් ක්‍රීඩා කර ඇති කුසල් තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමය සිදු දස්කම් ප්‍රදර්ශනය කරනු ඇත.
මේ තරගාවලියේ දස්කම් – තරග 2ක දී – පිතිකරණයෙන් ලකුණු 106 (පන්දු 109ක දී)
කේන් විලියම්සන්

විලියම්සන් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 33ක් වාර්තා කරගෙන ඇති අතර ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 20ක දී ලකුණු 554ක් ලබාගෙන තිබෙන්නේ 40කට ආසන්න සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
මේ තරගාවලියේ දස්කම් – තරග 2ක දී – පිතිකරණයෙන් ලකුණු 77 (පන්දු 83ක දී)
ලසිත් ඇඹුල්දෙනිය අයර්ලන්තය මෙල්ල කරයි
ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් පළමු සිව්දින ටෙස්ට්
නිරෝෂන් දික්වැල්ල

මේ තරගාවලියේ දස්කම් – තරග 2ක දී – පිතිකරණයෙන් ලකුණු 85 (පන්දු 60ක දී)
රොස් ටේලර්

මේ තරගාවලියේ දස්කම් – තරග 2ක දී – පිතිකරණයෙන් ලකුණු 144 (පන්දු 142ක දී)
නිශාන් මදුෂ්ක, මනුෂ්ක හා දුල්ශාන්ගෙන් වැඩි දස්කම්
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (6) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් අවසන් වූ
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

වයස අවුරුදු 35ක් වන මාලිංග නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 24ක දී කඩුලු 33ක් දවාගෙන තිබෙන්නේ 28ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
මේ තරගාවලියේ දස්කම් – තරග 2ක දී – පන්දු යැවීමේ දී 4/123 (පන්දුවාර 20), පිතිකරණයෙන් ලකුණු 28
ලුකී ෆර්ගසන්

අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දස්කම් – පන්දු යැවීමේ දී 1/65 (පන්දුවාර 10)
වේල්ස් කුමරුවන් සුබවාදීව නව වසර ආරම්භ කරයි
ලොව දිනන පාසල් ක්‍රිකට් තරු ජාතික තලයට ඔසවා තැබීමට පෙර හඳුනා ගැනීමට තිබෙන හොඳම තැන වන්නේ පාසල් ක්‍රිකට්
නුවන් ප්‍රදීප්

නවසීලන්තයට එරෙහිව 38.13ක් වැනි මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත ප්‍රදීප් පන්දුව පහසුවෙන්ම දෝලනය කිරීමට උපන් හපනෙක්.
මේ තරගාවලියේ දස්කම් – තරග 2ක දී – 3/131 (පන්දුවාර 17), පිතිකරණයෙන් ලකුණු 9
ට්‍රෙන්ට් බෝල්ට්

මොහු එක්දින තරග 71ක දී කඩුලු 129ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 25.50ක් ලෙස දැක්වේ. බෝල්ට් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.17ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30ක් වැනි හොඳ මට්ටමක සටහන් කරගෙන ඇත.
මේ තරගාවලියේ දස්කම් – තරග 2ක දී – පන්දු යැවීමේ දී 3/126 (පන්දුවාර 20)
නෙල්සන් හි සැක්සන් ඕවල් තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවනි. දිවා තරගයක් ලෙස මේ තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 18-26 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
දෙපිලේ අවසන් එක්දින තරග පහේ ප්‍රතිඵල
- ශ්‍රී ලංකාව – L, L, W, L, L
- නවසීලන්තය – W, W, L, W, L
(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන් L – පරාජයන්)
තෙවන තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්.
නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), මාර්ටින් ගප්ටිල්, මැට් හෙන්රි, රොස් ටේලර්, කොලින් මුන්රෝ, ජිමී නිෂාම්, හෙන්රි නිකලස්, ටිම් සෙයිෆර්ට් (කඩුලු රකින්නා), ලුකී ෆර්ගසන්, ඉෂ් සෝදී , ට්‍රෙන්ට් බෝල්ට්.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4803ක් සමඟින් ප්‍රසාද ලකුණු 112ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4240ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් සමඟිනි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි.
ශ්‍රී ලංකා – නවසීලන්ත සීමිත පන්දුවාර තරග කාලසටහන
- පළමු එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 3 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රි) (උදෑසන 6.30)
- දෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 5 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රි) (උදෑසන 6.30)
- තෙවැනි එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 8 – නෙල්සන් හිදී (උදෑසන 3.30)
- එකම විස්සයි විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)
සැ.යු: *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.
පසුගිය දා ආරම්භ වූ ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානය දක්වා තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා විශේෂ දස්කම් සේයා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <






















