මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ ඉනිම්වලට නවසීලන්ත වර්ෂාවෙන් බාධා

1074

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (19) වෙලින්ටන් පිටියට ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ සිය …

තරගයේ සිව්වැනි දිනය අවසාන වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 259ක් ලෙසින් කියැවුණ අතර ඒ වන විට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 116ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 117ක් ලබා සිටිය හ. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ නොබිඳුණ සබඳතාව ලකුණු 246කි.

අධිෂ්ඨානයටත් වඩා අභියෝගය දරුණු ලෙසින් තමන් වෙලාගෙන සිටිය දී තරගයේ අවසන් දිනයට පිටියට පිවිසි මැතිව්ස් සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම නැවත වරක් ආරම්භ කළේ දිනය තුළ තමන්ගේත් තම රටේත් ගෞරවය ඉහළ මට්ටමකට රඳවා තබා ගැනීම අරමුණු කර ගනිමිනි.

නමුත් ඔවුන් අද දිනයේ පිටියේ රැඳී සිටීමට හැකි වූයේ පන්දුවාර 13ක් පමණි. වෙලිංටන් අහස කළු කරමින් කඩා වැටුණ වර්ෂාව තරගය නතර කිරීමට තරම් දරුණු විය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 287ක් ලෙසිනි.

කුසල් මෙන්ඩිස් පන්දු 335කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ඒ වෙද්දී නොදැවී ලකුණු 141ක් ලබා සිටියේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම් අතර සිව්වැනි ස්ථානයට පත් වූ අතර නවසීලන්තයට එරෙහි ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය. ඔහු නවසීලන්තයට එරෙහිව මීට පෙර ලබා ඇත්තේ 2015 දෙසැම්බර් මස රැස් කරන ලද ලකුණු 46යි.

ලහිරු කුමාරට නැවතත් වැඩ වැරදි

මැතිව්ස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 120කි. පන්දු 323ක් පුරා පිටියේ රැඳී සිටි මැතිව්ස් හතරේ පහර 11ක තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේ ය.  

මැතිව්ස්ගේ මෙම ඉනිම ද නවසීලන්තයට එරෙහිව වාර්තා කරන ලද හොඳම ඉනිම බවට පත්විය. ඔහු මීට පෙර නවසීලන්තයට එරෙහිව ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2012 වසරේ දී මෙරට දී රැස් කරන ලද ලකුණු 84යි.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 274ක් රැස් කළ අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. මීට පෙර මෙම වාර්තාව හිමිව තිබුණේ අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග එක්ව 1986 දී පාකිස්තානයට එරෙහිව ලබා ගත් ලකුණු 240යි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවෙන් පිටත දී දෙවැනි ඉනිමේ දී ලකුණු 200කට වැඩි කඩුලු ලකුණු සබඳතාවක් එක් කළ පළමු අවස්ථාව ලෙසින් ද මෙය ඉතිහාස ගත විය.  

IPL වෙන්දේසියේ මැතිව්ස් – කුසල් කැපෙද්දී මාලිංග බේරෙයි

කඩුලු ලබා ගැනීමේ දී ටීම් සවුති ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව දැවී ගිය අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය ට්‍රෙන්ට් බුල්ට් සතු විය.

තරගයේ වීරයා ලෙස නවසීලන්ත කණ්ඩායමේ ද්විත්ව ශතකලාභී ටොම් ලේතම් නම් කෙරුණි.

ශ්‍රී ලංකාව;  පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (90) ඇන්ජලෝ මැතිව්ස් 83, නිරෝෂන් දික්වැල්ල 80*, දිමුත් කරුණාරත්න 79, ටීම් සවුති 6/68, නීල් වැග්නර් 2/75

නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 578 (157.3) ටොම් ලේතම් නොදැවී 264, කේන් විලියම්සන් 91, රොස් ටේලර් 50, හෙන්රි නිකලස් 50, කොලින් ඩි ග්‍රාන්ඩ්හෝම් 49,  ලහිරු කුමාර 4/127, ධනංජය ද සිල්වා 2/54, දිල්රුවන් පෙරේරා 2/154

ශ්‍රී ලංකාව; දෙවන ඉනිම කඩුලු 3ක් දැවී 287 (115) කුසල් මෙන්ඩිස්  නොදැවී 141, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 120, ටිම් සවුති 2/52

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 26 වැනිදා ක්‍රයිස්චර්ච් හි දි ආරම්භ වීමට නියමිත ය. තරගාවලියේ සියලු  තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<