2026 පාපන්දු ලෝක කුසලානයේ 15 වැනි දිනයට අදාළ ව තවත් තරග 06ක් අද දිනයේ උදෑසන සිට ක්‍රියාත්මක වුනා.
කුරසාඕ සහ අයිවරි කෝස්ට්
මෙම තරගයේ දී අයිවරි කෝස්ට් කණ්ඩායම ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ 07 සහ 64 මිනිත්තුවල දී කුරසාඕ කණ්ඩායමට එරෙහිව ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අයිවරි කෝස්ට් කණ්ඩායම E කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මේත් සමඟම කුරසාඕ කණ්ඩායම මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ගියා.
ඉක්වදෝරය සහ ජර්මනිය
මෙම තරගයේ දී ජර්මනියට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉක්වදෝරය විසින් සමත් වුනා.
තරගයේ 02 වැනි මිනිත්තුවේ දී ජර්මනිය විසින් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ නමුත්, ඉන් මිනිත්තු හතක් ගෙවෙන මොහොතේ ඉක්වදෝරය විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය සම කිරීමට සමත් වුනා.
එමෙන්ම තරගයේ 77 වැනි මිනිත්තුවේ දී ඉක්වදෝරය තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය ජය ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ජර්මනිය කෙසේ E කාණ්ඩයේ පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත් වූ අතර, ඉක්වදෝරය තෙවැනි ස්ථානයට පත් වෙමින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ඉක්වදෝරය විසින් මෙසේ ලෝක කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරග වටයකට සුදුසුකම් ලබා ගත්තේ 2006 ලෝක කුසලානයෙන් පසුවයි.
ටියුනීසියාව සහ නෙදර්ලන්තය
මෙම තරගයේ දී නෙදර්ලන්තය විසින් ටියුනීසියාවට එරෙහිව ගෝල 3-1ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟම නෙදර්ලන්තය F කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.
එමෙන්ම නෙදර්ලන්තය විසින් 1994 වසරෙන් පසුව මේ දක්වා ලෝක කුසලානයක මූලික වටයේ තරගයක් පරාජය නොවීමේ වාර්තාව මෙවර ද ආරක්ෂා කර ගැනීමට සමත් වනවා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ජපානය සහ ස්වීඩනය
මෙම තරගයේ පළමු අර්ධය තරමක් මන්දගාමී ලෙස ක්‍රියාත්මක වූ නමුත්, දෙවැනි අර්ධයේ 56වැනි මිනිත්තුවේ දී ජපානය වෙනුවෙන් Daizen Maeda විසින් ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව, ස්වීඩනය වෙනුවෙන් Anthony Elanga ද ගෝලයක් වාර්තා කරමින් නැවතත් තරගය සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.
මේත් සමඟ F කාණ්ඩයේ දෙවැනි ස්ථානය ජපානයටත්, තෙවැනි ස්ථානය ස්වීඩනයටත් හිමි වූ අතර, කණ්ඩායම් ද්විත්වයම ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුනා.
මෙහි දී ජපානය විසින් කණ්ඩායම් 32 වටයේ දී බ්‍රසීලය මුණ ගැසීමට නියමිතයි.
මේ අතර ජපානය නොකඩවා තෙවැනි වරටත්, ස්වීඩනය නොකඩවා 05 වැනි වරටත් ලෝක කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
තුර්කිය සහ ඇමරිකා එක්සත් ජනපදය
මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වුනා. තරගයේ 03 වැනි මිනිත්තුවේ දී ඇමරිකාව පළමු ගෝලය වාර්තා කළ අතර, තුර්කිය තරගයේ 10 වැනි මිනිත්තුව තුළ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
තරගයේ 31 වැනි මිනිත්තුවේ දී තුර්කිය නැවතත් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ අතර, ඇමරිකාව විසින් තරගයේ 49 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් නැවතත් තරගය සම කිරීමට සමත් වුනා.
ඉන් පසුව තරගය නිමා වීමට මොහොතක් වන තෙක් කණ්ඩායම් දෙකම තරගයේ ජය සඳහා මාන බලමින් සිටි අතර, තරගයේ 90+8 වැනි මිනිත්තුවේ දී Kaan Ayhan විසින් තුර්කිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින්, මෙවර ලෝක කුසලානයේ තුර්කියේ පළමු ජය සහ ඇමරිකාවේ පළමු පරාජය සටහන් කිරීමට සමත් වුනා.
පැරගුවේ සහ ඕස්ට්‍රේලියාව
මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර, ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා.
මේත් සමඟ D කාණ්ඩයේ පළමු ස්ථානය ඇමරිකාවටත්, දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවටත් හිමි වුන. ඒ අනුව ඕස්ට්‍රේලියාව සිය ඉතිහාසයේ තෙවන වතාවට ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, උරුගුවේ කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් තමන්ට ඉදිරි වටයට යාමට හැකි වේද යන්න පිළිබඳ සැලකිල්ලෙන් බලා සිටිනවා.
මේ අයුරින් අද දිනයට නියමිත තරග සියල්ල නිමාවට පත් වූ අතර, හෙට (27) දිනයේ ද තවත් තරග 06ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
හෙට අලුයම 12.30ට
- නෝර්වේ සහ ප්‍රංශය
- සෙනගාලය සහ ඉරාකය
හෙට උදෑසන 5.30ට
- කේප් වර්ඩ් සහ සෞදි අරාබිය
- උරුගුවේ සහ ස්පාඤ්ඤය
හෙට උදෑසන 8.30ට
- නවසීලන්තය සහ බෙල්ජියම
- ඊජිප්තුව සහ ඉරානය
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















